අධික වේගයෙන් ගිය රථයේ රෝදයක් ගැලවේ...


 බගවන්තලාව සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් මර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති පබව නෝර්වුඩ් පොලිසිය පැවසීය.

(16) දින පස්වරු 4:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍ර දේශයෙදිය.

අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථය ලිස්සා ගොස් මාර්ගය අභියස වූ දුරකථන රැහැන් සහිත කණුවක ගැටී කැබ් රථය නතර වී ඇත.

කැබ් රථය අනතුරට පත් වන අවස්ථාවේ කැබ් රථය තුල දෙදෙනෙකු ගමන් කර ඇතත්, ඔවුන්ට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවත්, අනතුරින් කැබ් රථයේ පසුපස රෝදයට ගැලවි ගොස් ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නෝර්වුඩ් පොලිසිය කියා සිටියේ.

අනතුරට හේතුව කැබ් රථයේ අධික වේගය සහ කැබ් රථය ලිස්ස යැම බවට සැක කෙරෙන අතර, පවතින අයහපත් කලගුණයත් සමග ප්‍රධාන මර්ගවල සැළකිලිමත්ව රිය ධාවනය කරන ලෙස නෝර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

- රංජිත් රාජපක්ෂ

1 Comments

  1. කලාතුරකින් මේ මල ඉලව්වේ දේශපාලන නොවන නිව්ස් එකක් දානව හාවා හඳ දකින්නා වගේ, ඒකත් මේ වගේ නෙගටිව් ලෝකෙ එපා වෙන නිව්ස් එකක්.

    ReplyDelete
Previous Post Next Post