ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මැදිහත්වීම සහ බලපෑම පිළිබඳව විධිමත් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
මරණයට සති කිහිපයකට පෙර කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ, අල්ලස් කොමිසම අපේක්ෂා කරන ආකාරයට සාක්ෂි ලබා නොදුනහොත් "ගෙල වැලලා ගැනීමට සිදුවනු ඇති" බවට එම කොමිසමේ නිලධාරීන් ඔහුට බලපෑම් කර ඇති බවයි.
විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව ප්‍රකාශ ලබා දෙන ලෙස ඔහුට බලපෑම් එල්ල වී තිබූ බව ද මෙහිදී අනාවරණය විය.
"අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මේ මරණ මේ විදිහටම වෙයි කියලා කියන්න විශ්වයෙන් පණිවිඩ එනවාද?" යන්න ප්‍රශ්න කරන ගම්මන්පිල මහතා, නිලධාරීන් එදා ප්‍රකාශ කළ ආකාරයටම මෙම මරණය සිදු වීම බරපතළ සැකයට කරුණක් බව පවසයි.
මෙම සිදුවීම සියදිවි නසා ගැනීමක්ද, සියදිවි නසා ගැනීමට තල්ලු කිරීමක්ද නැතහොත් ඒ සඳහා අනුබල දීමක්ද යන්න වහාම පරීක්ෂණ මගින් අනාවරණය කරගත යුතු බව ඔහු අවධාරණය කරයි.
මෙවැනි ප්‍රකාශ සිදු කළ ඉහළ නිලධාරීන් සිටී නම්, ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ මිනීමැරුමකට සම්බන්ධ වූවන් ලෙස සලකා බව හිටපු අමාත්‍යවරයාගේ ස්ථාවරයයි.
මීට පෙර මහ බැංකු සිදුවීමකදී ද මෙවැනිම සියදිවි නසා ගැනීමක් වාර්තා වූ බව සිහිපත් කළ ඒ මහතා, කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන් කුලියාපිටිය පොලිසිය වෙත යන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

කොමිසමයමේ මහ එකා 88/89 මිනීමරුවෙක් කියල නන්දන කිව්වනෙ
ReplyDeleteඑහෙම කියලා මාසයක් යන්න කලින් නන්දනව මැරුවනේ. කොමිසමේ එකාගේ මූණ දැක්කමත් ඒක පේනවා.
Deleteරාජපක්ශ "හොරා" "හොරා" කියන්න දතකන ලපයා.................... ලපයා තවත් සාක්කි කාරයෝ කීයක් මරාවිද රාජපක්ශ හොරා කෑවා කියලා කියන්න බල කරලා.....චන්දෙට ඉස්සෙල්ලා මේ ම්නීමරු පච රෑල කිව්වේ ඔක්කොම දෑක්කා වගේ..
ReplyDeleteගම්මා හරි අවබෝධයෙක් කතාකරන්නෙ. ඒත් සිනීසරුවක්ගෙන් ප්‍රවේශම් වෙන්න.
ReplyDeleteOw ow.ube awabode tharama hithaganna puluwan
Deleteබහුතර ජනතාවගේ මතයත් ගම්මන්පිල මහතාගේ මතයමයි.
ReplyDeleteකෙස් පැලෙන තර්ක වැඩක්ම නෑ. කපිල චන්ද්‍රසේන උසාවියට දුන්න දිව්රුම් ප්‍රකාශයේ හයවෙනි ඡේදය බැලුවනම් කවුද මැරුවෙ කියල ලේසියෙන්ම සොයාගන්ඩ පුලුවන්.
ReplyDeleteඅනිවාර්යයෙන්ම! ඕක තේරුම් ගන්ඩ රොකට් සයන්ස් දැනගන්ඩ ඕනෙ නෑ.
Delete