ජාතික ජන බලවේගය නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා ගමන් කරමින් තිබූ කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව ඇත.
දුංහේන ප්‍රදේශයේදී පස්වරු 2.00 ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබේ. අනතුර හේතුවෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එහි රියදුරු මෙන්ම ඔහුගේ අට හැවිරිදි පිරිමි දරුවාද තුවාල ලබා ඇති අතර, ඔවුන් දෙදෙනාම මේ වන විට ප්‍රතිකාර සඳහා ඇල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට අයත් එකක් බව කියන මෙම කැබ් රථයේ, පිටිගල දෙසින් ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය ගැටී තිබේ.
ගැටීමෙන් අනතුරුව ත්‍රිරෝද රථය මීටර් 50ක පමණ දුරක් ඉදිරියට ඇදී ගොස් නතර වී ඇති බව සදහන් වේ.
සිද්ධියට අදාළව කැබ් රථය පැදවූ රියදුරු සහ එම වාහනය පොලිස් භාරයට ගෙන තිබේ.
අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

බෑලුන් පුම්බන්න එපා ප්ලීස්.
ReplyDeleteඅමාත්‍යාංශයක වාහන කොහොමද සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් පාවිච්චි කරන්නේ ?
ReplyDeleteඇත්ත තමා.
Deleteමේ ටික කාලෙට ඕකුන් සෑහෙන ගාණක් උන්ට කතිර ගහපු උන්වම හැප්පුවා. මේක එල් බෝඩ් ආණ්ඩුවක් කියල රනිල් මැතිදු කිව්වෙ ඕකයි. කිසිම දෙයක් බෑ වාහන එළවීම ඇතුළුව.
ReplyDeleteපාඨලී චම්පික රණවක කොටු පැනලා අධිවේගී මාර්ගයේ එද්දී කොල්ලො දෙන්නෙක් ගෙ ජීවිත සම්පූර්ණයෙන් විනාශ කලා, එකෙක් මලා, අනිත් එකා සදාකල් අබ්බගාත. තාජුඩීන් හප්පලා ගිණි තියලා මැරුවා. වාහන හැප්පෙන්ඩ පුළුවන්, අපරීක්ෂාකාරීව අධික වේගයෙන් සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිත තුට්ටුවකට මායිම් කරන් නැතුව ගිහින් මිනිස්සු මරණ එකයි, නිසි වේගයෙන් පමණක් ගමන් කරලා, හුදෙක් අත් වැරදීමකින් පමණක් අනතුරක් වෙලා, කිසි කෙනෙක් මිය ගිහින් නෑ, තුවාල වෙලා තියෙනව, තුවාල කරුවො රෝහල් ගත කරල තියෙනව. කැබ් එකේ රියදුරා අත් අඩංගුවට අරන් තියෙනවා. ලොහාන් රත්වත්තේ බීලා ගිහින් අනතුරු සිය ගාණක් කරල තියෙනවා, සමහර සති තියෙනව බීල බීලා එලවලා අනතුරු 7 කට වඩා කරපු. ලොහාන් අත් අඩංගුවට ගත්තෙත් නෑ, රියදුරෙක් ගත්තෙත් නෑ. මේ සිදුවීම පාදක කරගෙන දේශපාලනය කරන්ඩ ලැහැස්ති වෙන්ඩ එපා, දේශපාලන කැණහිල්ලු වෙන්ඩ එපා.
ReplyDeleteඅඩෝ ඩෝබියා හෝදපන් තවත් ආන්ඩුවේ කුනු. කොහොද යකෝ අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ. ඔක්කොවම අරන් න්ඩුත් දැම්මා. බලහංකො මේකට පොලිසියෙ එවුන් නඩුවක්වත් දයිද කියලා. හොදට මිරිකහං ඇට තවත්.
Deleteහප්පේ ජසයො උඔ හෝදන හේදිල්ලක් උරුම කියලා උරුම දූන් වෙනවා.ඉඳ හිටලා පත්තරයක් කාරිය බලපන් පුතේ.
Deleteවැලිකඩ පාර්ලිමේන්තු පාර අධිවේග මාර්ගයක් වෙලා
Deleteබ්රේක් නැතුව පස්සෙන් හප්පපු එකා නිවරදිකාරය වෙලා වාහනේ එලවපු එකා වැරදි කාරයාලු
මේ මන්තිරිය කොහොමද අමාත්යංෂෙක වාහන පදින්නේ, ඌ ඇමතිද උප ඇමතිද
ප්‍රාදේශීය සබාවේ කන්තොරුවෙ ප්ලග් එකට ගහල මොබයිලේ චාජ් කළ එකාට නං නඩු දැම්ම රාජ්‍ය දේපල අවභාවිතා කළා කියල
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මරු මාරයි එල එළකිරි එලපවුසි අම්මප
Yes of course we are ready all ways blame to government
ReplyDeleteහිනිදුම දුන්හේන ප්‍රදේශයේදී නිල රථයෙන් පැමින ත්‍රීවිල් එකක් හප්පලා , මෝටර් බයිසිකලයකින් පැනල ගිය ගාල්ලෙ මන්ත්‍රී
ReplyDeleteඇයි ඉතින් පැනලා ගියෙ ? හොර ගමනක් ගිහින්ද ?🤔