යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ අසභ්‍ය ප්‍රකාශ සිදු කරමින් ඉහළ පෙළේ රාජ්‍ය සහ පොලිස් නිලධාරීන්ගේ කීර්ති නාමයට හානි කිරීමේ චෝදනාව මත රාජාංගණේ සද්ධාරතන හිමියන්ව ඊයේ (08දා) පොලිස් භාරයට ගෙන තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන මහත්වරුන්ට අපහාස වන අන්දමින් මඩ ප්‍රචාරයන් දියත් කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් රාජාංගණය ප්‍රදේශයට ගොස් උන්වහන්සේ වැඩ වසන විහාරස්ථානයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් හිමියන්ව කොළඹ පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය වෙත රැගෙන ඒමෙන් අනතුරුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම්වලට ලක් කර ඇත.
අදාළ අසභ්‍ය සහ අපහාසාත්මක තොරතුරු සද්ධාරතන හිමියන් වෙත ලබා දී ඇත්තේ වෙනත් යූ ටියුබ් නාලිකාවක් මෙහෙයවන පුද්ගලයකු විසිනි.
අදාළ යූ ටියුබ්කරු හඳුනාගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් ද මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අත්අඩංගුවට ගත් සද්දරතන හිමියන් ඇප මත මුදා හැර ඇත.

සමාජයේ වැදගත් මහත්වරුන්ට අපහාස කරන, සංඝ ආඥාවකින් සිවුරත් ගලවපු මේ වගේ අපතයන්ට හාමුදුරුවෝ, උන් වහන්සේ කියලා කියන්නේ ඇයි.මේ සමාජ පිලිල.
ReplyDeleteඕක නෙමේ ඇත්ත කතාව ආපහු අපිට කඩේ පලයන් පොරොන්දුවියන්ක් අරගෙන ඇප දෙන්න ඇති. ඔන්න බලන්න ඉස්සරහට සිවුර ගලවපු හොර ගණයා ආපහු හුණ්ඩුවටයි උගේ පාන්ඩු ආණ්ඩුවටයි කඩේ යන්නේ නැද්ද කියල.
ReplyDelete