රට තුළ දැනට පවතින්නේ සැබෑ ඩොලර් අර්බුදයක් නොව, දේශපාලන වාසි තකා ඇතැම් කණ්ඩායම් විසින් මවා පෑ කෘතිම හිඟයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ රජය සතුව ප්‍රමාණවත් ඩොලර් සංචිත පවතින බැවින් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවයි.
මන්ත්‍රීවරයාට අනුව, මෙම තත්ත්වය 2021 හෝ 2022 වසරවල පැවති සැබෑ රුපියල් හෝ ඩොලර් හිඟය නිසා ඇති වූවක් නොවේ.
ඇතැම් කණ්ඩායම් ඩොලර් සඟවා තබමින් කෘතිම හිඟයක් නිර්මාණය කර, ඒ හරහා ආණ්ඩුව වට්ටවා බලය ලබා ගැනීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කරයි.
එමෙන්ම, කෙටි කාලීන ලාභ අපේක්ෂාවෙන් ඩොලරයේ අගය ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු වන පිරිස් ද මෙම තත්ත්වය පිටුපස සිටින බව ඔහු පෙන්වා දෙයි.
රටේ වත්මන් මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව කරුණු දක්වමින් සුරුවීර මහතා කියා සිටියේ රජය සතුව මේ වන විට ඩොලර් බිලියන 7ක සංචිත පවතින බවයි.
මීට අමතරව විදේශ ප්‍රේෂණ ලෙස ඩොලර් බිලියන 8කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඉදිරියේදී තවත් ඩොලර් මිලියන 700ක ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් ලෝක බැංකුව හරහා ඩොලර් මිලියන 150ක් ලැබීමට නියමිත බව ඔහු අනාවරණය කළේය.
මැදපෙරදිග අර්බුදය වැනි ගෝලීය ගැටලු හේතුවෙන් තෙල් සහ ඖෂධ ආනයනය සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් වෙන් කිරීමට සිදු වුවද, රජය කිසිදු ආනයන සීමාවක් පනවා නොමැති බව මන්ත්‍රීවරයා පැවසීය.
ඕනෑම අයෙකුට ආර්ථිකයට සම්බන්ධ විය හැකි පරිදි වෙළඳපොළ විවෘතව පවතින බැවින්, වෙළඳපොළ පිළිබඳ විශ්වාසය තබා කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉතිහාසයේ පැවති ඉහළ උද්ධමන තත්ත්වයන් යළි ඇති වීමට ඉඩ නොතබන බවත්, රජය මෙම තත්ත්වයට සෘජුව මැදිහත් වී විසඳුම් ලබා දෙමින් සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මුන් ඇවිල්ලා මුන්ගේ බොරුවලට රැවටිච්ච මිනිස්සු චන්ද කොලේ ටක් ටික් ටුක් සෙල්ලම කරලා කතිර ගහලා එවපු මන්ත්‍රීලා.මිනිස්සු දන්නෙත් නෑ තමන් පත් කරලා යවපු මන්ත්‍රී මොකාද කියල.ඊළඟ ඡන්දෙත් ඇපත් නෑ.පේන්නේ නැද්ද කියන ගොන් හරක් කතා.
ReplyDeleteඩොලර් අර්බුදය හැදුවෙ තොගෙ අම්මගෙ මිනිහ ද?.
ReplyDeleteමේ මොකාද? මුංගෙ කටට එන ඕන එකක් කියනවා. අනිකා එකක් කියනවා..හොදම බොරුව තෝරමු.
ReplyDeleteගොං, පාහර ජෙප්පා 😡🤮 ලඟදීම ගුටි කෑමට නියමිතයි 😡🤮
ReplyDelete