රක්‍ෂණ සංස්ථා සභාපතිකමට මහරගම නගර සභා අපේක්‍ෂකයෙක්..


ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට, මහරගම නගර සභාවට ඡන්දය ඉල්ලූ පුද්ගලයෙකු පත් කර ඇති බවත්, එම පාලනය යටතේ ආයතනය තුළ බරපතළ අත්තනෝමතික ක්‍රියා සිදුවන බවත් හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා අනාවරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම නව සභාපතිවරයාගේ පැමිණීමෙන් පසු රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා , සමාගම් ලේකම්වරයා සහ තොරතුරු නිලධාරියා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නව දෙනෙකු පමණ ආයතනයෙන් ඉවත්ව ගොස් ඇති බවයි.

ආයතනයට බඳවා ගත් තරුණ නීතිඥවරියක සහකාර කළමනාකාර තනතුරේ සිට මාස හයක් වැනි කෙටි කාලයක් තුළ කළමනාකාර, ජ්‍යෙෂ්ඨ කළමනාකාර සහ සහකාර සාමාන්‍යාධිකාරී යන තනතුරු පසුකරමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දක්වා උසස් කර ඇති බව ඔහු පවසයි. සාමාන්‍යයෙන් මෙවැනි තනතුරකට වසර 20ක පමණ අත්දැකීම් අවශ්‍ය වුවද ඇය මේ වන විට ආයතනයේ ආයෝජන කමිටුවේ වාර්තා පවා හසුරවන බව ඔහු සඳහන් කරයි.

රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු "ෂෙර්වුඩ් කැපිටල්" නම් සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරන බවත්, එම සමාගම රක්ෂණ සංස්ථාව හරහා බැඳුම්කර ගනුදෙනුවල නිරත වන බවත් ඔහු අනාවරණය කළේය. පසුගිය වසරේ එම සමාගම මිලියන 294ක ලාභයක් ලබා ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මෙම පත්වීම් සිදු කර ඇත්තේ මූල්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බවත්, මීට පෙර කොටස් වෙළඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් ඔහුගේ නම අසාදු ලේඛනගත  වූ ආකාරය පිළිබඳව තොරතුරු පවතින බවත් පාදුක්ක මහතා චෝදනා කරයි.

මෙම වංචා සහ දූෂණ සම්බන්ධයෙන් තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත්, මෙම කරුණු කෝප් කමිටුව වෙත ගෙන ඒම සඳහා අදාළ මන්ත්‍රීවරුන් වෙත තොරතුරු ලබා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

6 Comments

  1. ආයතනයට බඳවා ගත් තරුණ නීතිඥවරියක සහකාර කළමනාකාර තනතුරේ සිට මාස හයක් වැනි කෙටි කාලයක් තුළ කළමනාකාර, ජ්‍යෙෂ්ඨ කළමනාකාර සහ සහකාර සාමාන්‍යාධිකාරී යන තනතුරු පසුකරමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දක්වා උසස් කර

    ReplyDelete
    Replies
    1. මුං 5 වසරක් බලයේ හිටියොත් ලංකාවෙ ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. 76 වසරක ගොඩ නැගූ රාජ්‍ය විනාශ කරනවා.
      If they remain in power for another five years, Sri Lanka will be left in ruins. They are destroying the state that took 76 years to build.

      Delete
    2. EYA INNE DESK EKA YATA

      Delete
  2. ණ සම්බන්ධයෙන් තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත්


    egaman rangagen ,kaiyanayaka suppu case ekath ahala balanna

    ReplyDelete
  3. ණ සම්බන්ධයෙන් තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත්


    egaman rangagen ,kaiyanayaka suppu case ekath ahala balanna

    ReplyDelete
  4. නියමයි, ගෙදර deegena යනවා. Rampeta pori halei.

    ReplyDelete
Previous Post Next Post