පාලන මිල කැලේ.. හොර ජාලයකින් කීරි සම්බා ගිනි ගානට වෙලදපලට..

 


කීරි සම්බා සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණ ද, පෞද්ගලික ජාල සහ අවිධිමත් මාර්ග ඔස්සේ ඒවා අලෙවි කෙරෙන රහසිගත වෙළෙඳපොළක් රට තුළ නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවෙන් හෙළි වී තිබේ.

එම වාර්තාවට අනුව, දේශීය කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙස නියම කර ඇතත්, වත්මන් වෙළෙඳපොළේ එය රුපියල් 300 ඉක්මවූ ඉහළ මිල ගණන් යටතේ අලෙවි වෙමින් පවතී.

පවතින සහල් හිඟයට පිළියම් යෙදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු කීරි සම්බා වී මෙට්‍රික්ටොන් 19ක සංචිතය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ද එහි පෙන්වා දී ඇත.

මේ අතර, පවතින හිඟය මඟහරවා ගැනීම සඳහා එක් ආනයනකරුවකුට කීරි සම්බා සහල් මෙට්‍රික්ටොන් 1040ක් දක්වා මෙරටට ගෙන්වීමට අවසර දී ඇති අතර, එම සියලුම සහල් තොග මේ මස 31 වැනිදා හෝ ඊට පෙර වරායෙන් නිදහස් කරගත යුතු බවට ද නියෝග කර තිබේ.

7 Comments

  1. ආයෙමත් මේසෙට ගහමුද?

    ReplyDelete
  2. පතිරණ ගලප්පත්තිMay 24, 2026 at 9:11 PM

    ඩොලර් එක අඩු වුණා රුපියල් 10 කින්, ඒව නිකම්වත් දාන්ඩ එපා, සුන්-බුන් විපක්සෙ බලේට එයි කියලා දවල් හීන දකින ගොන්නුන්ව පොඩ්ඩක් ආතල් එකේ දිගටම තියාගන්ඩ බලන්ඩ, පුලු පුලුවන් විදියට. ඒකට මේ වගේ පච නිව්ස් දාන එක තමයි කොරන්ඩ තියෙන්නෙ ඉතින්.

    ReplyDelete
  3. යකෝ කඩුවෙල තොග කඩේ කීරි සම්බා 400 යි..

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිMay 24, 2026 at 9:19 PM

      එහෙනම් ඒ කඩේට යන් නැතුව වෙන කඩේකට පලයන්.

      Delete
  4. ලංකාවේ නම් කිසිම කඩේක Rs 380 අඩුවෙන් කීරි නැහැ පතිරණ

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිMay 24, 2026 at 9:34 PM

      හා ඒත් කමක් නෑ 400 ට අඩුයි නෙ, අර කලින් ඇනොනිමස් ට කියන්ඩ කඩුවෙල තොග කඩේට යන් නැතුව ඒ වෙන ඕනෑම කඩේකට යන්ඩ කියලා. කඩුවෙල තොග කඩේ මුදලාලියා ඌව ගොනාට අන්දලා.

      Delete
  5. 500 උනත් අපි මාළිමා නේද.

    ReplyDelete
Previous Post Next Post