ලන්දේසින් ලංකාවෙන් පැහැරගෙන ගිය වස්තුව ආපසු ලංකාවට ඉල්ලයි..


 විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා  කොළඹදී පැවති “Whose Law?” පර්යේෂණ සම්මන්ත්‍රණයේ ආරම්භක අවස්ථාව අමතන ලදී. 

මෙම සම්මන්ත්‍රණය, යටත්විජිත කාලය තුළ ඉවත් කරන ලද සංස්කෘතික උරුමය පිළිබඳව, විශේෂයෙන් ආරම්භක ඓතිහාසික මූලාශ්‍ර පර්‍යේෂණ, නීතිමය හා ඓතිහාසික විමර්ශනය, සංස්කෘතික  යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, නීති විශේෂඥයන්, ඉතිහාසවේදීන්, පර්යේෂකයන්, කෞතුකාගාර ක්ෂේත්‍රයේ නියෝජිතයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් එක්කරන වැදගත් වේදිකාවක් විය.

මෙම අවස්ථාවට නෙදර්ලන්ත රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති මහතා ඉවාන් රුට්ජෙන්ස් මහතා, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු මුනීර් මුලාෆර් මහතා, ගරු යසන්ත කෝදාගොඩ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සහ සම්මන්ත්‍රණ සම සභාපති ආචාර්ය දර්ශි තොරදෙනිය මහත්මිය ඇතුළු ආරාධිතයන් සහභාගී වූහ. 

තම අදහස් දැක්වීමේදී වැඩබලන අමාත්‍ය හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ මෙම සම්මන්ත්‍රණය  රාජතාන්ත්‍රික හෝ දේශපාලනික අවස්ථාවක් නොව, නීතිය, ඉතිහාසය, සංස්කෘතිය,  යුක්තිය සහ රාජතාන්ත්‍රිකභාවය එක්වන වැදගත් සංවාදයක් බවයි.

යටත්විජිත කාලය තුළ නම් කරන ලද සංස්කෘතික වස්තූන් කෞතුකාගාර වස්තූන් ලෙස පමණක් නොව, ජාතීන්ගේ සහ ජනතාවගේ ජීවමාන උරුමය, අනන්‍යතාව සහ ඓතිහාසික මතකය ලෙස සැලකිය යුතු බව ඔහු අවධාරණය කළේය.

කොළඹ විශ්වවිද්‍යාලය, Vrije Universiteit Amsterdam, ලයිඩන්හි Wereldmuseum, Netherlands Sri Lanka Foundation සහ Dutch Research Council අතර පවතින සහයෝගිතාව අගය කළ අතර, නෙදර්ලන්ත රාජ්‍යයේ සාධනීය දායකත්වයද පිළිගත්තේය. 

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය නැවත ලබාගැනීමේ ප්‍රවේශය ප්‍රතිපත්තිගරුක, සාක්ෂි මත පදනම් වූ සහ රාජතාන්ත්‍රික විය යුතු බව වැඩබලන අමාත්‍යවරයා සඳහන් කළේය. එවැනි උත්සාහයන් ගැටුම්කාරී ලෙස නොව, අන්‍යෝන්‍ය අවබෝධය හා වගකිවයුතු ජාත්‍යන්තර සහයෝගිතාව සහ ඉතිහාසය සමග සබදතා ගොඩනැගීමේ අවස්ථාවක් ලෙස සැලකිය යුතු බවද ඔහු පැවසීය. 

ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරික උරුමය සහ ත්‍රිකුණාමලය සමඟ ඇති පුද්ගලික සම්බන්ධතාවය සඳහන් කරමින්, උරුමය කෞතුකාගාර තුළ පමණක් නොව, භූදර්ශන, වෙරළ තීර සහ ජනතාවට රැගෙන යන පණිවිඩය  තුළද ජීවත්වන බව ඔහු පෙන්වා දුන්නේය.

එසේම, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයට අදාළ ජාතික අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා ආරම්භක මූලාශ්‍ර පර්‍යේෂණ අධ්‍යනය, නීතිමය පැහැදිලිකම, ආයතනික සම්බන්ධීකරණය, මහජන දැනුවත්භාවය  සහ ජාත්‍යන්තර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ඔහු අවධාරණය කළේය. 

කතාව අවසන් කරමින්, අතීතය ක්‍රමවේදයක් බවට, පර්යේෂණය ප්‍රතිපත්තියක් බවට සහ ප්‍රතිස්ථාපන හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කළ යුතු බවත්, ශ්‍රී ලංකාව තම ශිෂ්ටාචාරයේ ආරක්ෂකයා ලෙස සිටිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ උරුමය සම්බන්ධ කරුණු පිළිබඳව ජාත්‍යන්තර හවුල්කරුවන්, ශාස්ත්‍රවේදීන්, කෞතුකාගාර සහ රජයන් සමඟ සංවාදය, පර්යේෂණ, සංස්කෘතික සහයෝගිතාව සහ ප්‍රතිපත්තිගරුක රාජතාන්ත්‍රික කටයුතු ඉදිරියට ගෙන යාමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය කැපවී සිටී.

4 Comments

  1. ලංකාවට කරපු විනාශෙට හරි නම් බිලියන ගානක වන්දියක් ගෙවන්න ඕන. පන්සල් කඩලා, මිනී මරලා මුන් මුහුදුකරේ ඔක්කොම මිනිස්සු මුන්ගේ සිඟාල ආගමට හරවගත්තා. රට විනාශ කරන්න පටන් ගත්තේ මුන් තමයි. තවමත් මීගමුවෙ, ජා ඇල, පුත්තලමෙ, කොළඹ ඉඳන් රට කන්නෙ මුන්ට රෙද්ද උස්සපු හැතිකරේ තමයි.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිMay 18, 2026 at 8:11 AM

      ඩොල් අල්වින් රාජපක්ෂ, මහේන්ද්‍ර පර්සි රාජපක්ෂ, ශිරන්ති මැඩම්, එතුමිගෙ පුතාලා තුන් දෙනා, ඒ පුතාලාගේ පුතාලා (භෞතීස්ම කරපු පොඩි වුන් ටික ගැන කිව්වෙ, මතකයි නේ), විතරක් නම් බැරියෑ, ඇයි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක, උන්නැහැගෙ තාත්ත, අම්ම, උන්නැහැගේ දරු දැරියෝ, එතකොට තව කොච්චර නම් ඉන්නවද, නෙහ්?

      Delete
    2. පතිරණ ගලප්පත්තිMay 18, 2026 at 11:56 AM

      ආ කියන්න අමතක උනා. රනිල් වික්‍රමසිංහ, උගේ අප්පා එස්මොන්ඩ් වික්‍රමසිංහ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි, රවී කරුණානායක ක්‍රිස්තියානි, ඉරාන් වික්‍රමරත්න ක‍තෝලික. ජූලියස් රිචර් ජයවර්ධන එහෙමත් නැත්නම් ජේ.ආර්. ජයවර්ධන ක‍තෝලික නමින් බෞද්ධ වුනාට. ඇත්තටම බෞද්ධ උන් විදියට හිටියේ මෛත්‍රීපාල සිරිසේනයි, ගෝඨාභය රාජපක්ශයි විතරයි. පල්ලිය ඒ දෙන්නටම ගහල එලෙව්වා.

      Delete
    3. පතිරණ ගලප්පත්තිMay 18, 2026 at 12:00 PM

      අනුර කුමාර නම් ආගමක් කියන්නේ මොකද්ද කියල වත් දන්නෙ නැති කල්ල‍තෝනියෙක්. හිනිදුම සුනිල් සෙනෙවි ක‍තෝලික, හරිනි ඉස්සර බෞද්ධ. ඒත් බිශොප් විද්‍යාලයේ ඉගෙනගත්තට පස්සේ ක‍තෝලික වුනා. බිමල් රත්නායක ක‍තෝලික, පව් හැබැයි, රෙද්ද උස්සපු නැති උන්ට තමන්ගේ ආගමට අයත් අමාත්‍යාංශෙටත් දාගෙන තියෙන්නේ රෙද්ද උස්සපු එකෙක් නේ. පව් සිංහල බෞද්ධ කියාගන්න මෝඩ හැත්ත. උඹලගේ මලගම සමරලා දැන් ගොඩක් කල්.

      Delete
Previous Post Next Post