බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියූ, දැනට අධිකරණය මගින් රජයට පවරාගෙන ඇති මල්වානේ පිහිටි අක්කර 16ක ඉඩම සහ දේපළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිය භාරයට ගනු ලැබීය.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින උග්‍ර නේවාසිකාගාර සහ ඉඩකඩ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මෙම දේපළ වහාම ශිෂ්‍ය අයිතියට පැවරිය යුතු බව ඔවුන් අවධාරණය කරයි.
මෙම අවස්ථාවට එක්වෙමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිදු පෙරේරා මහතා ප්‍රකාශ කළේ, වර්තමානය වන විට විශ්වවිද්‍යාල සිසුන්ට දරාගත නොහැකි සුබසාධන සහ අධ්‍යයන ගැටලු රාශියක් පවතින බවයි. "අලුත් වසරක සිසුන් බඳවා ගන්න බැරි වෙලා තියෙනවා. සිසුන්ට නේවාසිකාගාර නැහැ. පීඨ සංකීර්ණ සීමිතයි. සිසුන් පොරොප්පු වල සහ බෝඩිං කාමරවල බිම නිදාගෙන පාඩම් කරන තත්ත්වයක් තුළ, මේ වගේ මාලිගා වැනි දේපළ රජය සන්තකයේ පමණක් තිබීමෙන් පලක් නැහැ" යැයි ඔහු පෙන්වා දුන්නේය.,
පසුගිය අරගල සමයේ මතු වූ ප්‍රධාන සටන් පාඨයක් වූ "හොරාගත් දේපළ නැවත ජනතාවට පවරා දීම" යන්න මෙහිදී සෘජුවම ක්‍රියාවට නැංවිය යුතු බව සිසුන් පවසයි. කැලණි ගඟට මායිම්ව පිහිටි දැවැන්ත වාණිජ වටිනාකමකින් යුත් මෙම දේපළ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සිදුවන විට එහි අයිතිය තහවුරු කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ බවද සසිදු පෙරේරා මහතා සිහිපත් කළේය.
"ආණ්ඩුව මේවා පවරාගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. එහි භුක්තිය සෘජුවම අධ්‍යාපන ක්ෂේත්රය වැනි ජනතාවට වැඩදායී අංශයකට ලබා දිය යුතුයි" ඔහු පැවසීය.
මල්වාන දේපළ අත්පත් කරගැනීම සංකේතාත්මක සටනක් පමණක් බවත්, ඉදිරියේදී රට පුරා පිහිටි මෙවැනි දේපළ අත්පත් කරගැනීමට සූදානම් බවත් අන්තරේ කැඳවුම්කරු අනතුරු ඇඟවීය.
මෙම දේපළ විශ්වවිද්‍යාල පද්ධතියට ලබා දීමෙන් නව උපාධි පාඨමාලා හඳුන්වා දීමට, යටිතල පහසුකම් දියුණු කිරීමට සහ ප්‍රදේශවාසීන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීමට හැකි වන බව සිසුන්ගේ විශ්වාසයයි.
මෙම සටන තමන්ගේ පෞද්ගලික ලාභය සඳහා නොව, අනාගත පරම්පරාව වෙනුවෙන් සිදු කරන්නක් බැවින් ඊට සහය දෙන ලෙස සසිදු පෙරේරා මහතා රටේ සමස්ත ජනතාවගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම දේපළ අධ්‍යාපන ක්ෂේත්රයට පවරා දෙන තෙක් තමන් එම භූමියෙන් ඉවත් නොවන බවත්, අත්පත් කරගත් දේපළ තුළ රැඳී සිටිමින් සටන ජයග්‍රහණය කරන බවත් ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කර සිටියි.

ගිය ගමන වගේ දඟලන්න හැදුවොත් එලොව තමයි
ReplyDeleteWhat is going on? Are we in babanana repablic? Looks like we live in no law order country.
ReplyDeleteYes yes, you can grab Lal Kantha's one next.
ReplyDeleteරට බේරා ගත් රාජපක්ෂ වෛද්‍යවරුන්ගේ දේපල වලට අත නොතබනු
ReplyDeleteකඩවත මාලිගාවට අත නොතබනු
ReplyDeleteමුගෙ ගිනුම් පරික්සා කලොත් කාටද කඩේ යන්නෙ කියල හොයාගන්න පුලුවන්.
ReplyDelete