බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියූ, දැනට අධිකරණය මගින් රජයට පවරාගෙන ඇති මල්වානේ පිහිටි අක්කර 16ක ඉඩම සහ දේපළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිය භාරයට ගනු ලැබීය.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින උග්‍ර නේවාසිකාගාර සහ ඉඩකඩ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මෙම දේපළ වහාම ශිෂ්‍ය අයිතියට පැවරිය යුතු බව ඔවුන් අවධාරණය කරයි.
මෙම අවස්ථාවට එක්වෙමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිදු පෙරේරා මහතා ප්‍රකාශ කළේ, වර්තමානය වන විට විශ්වවිද්‍යාල සිසුන්ට දරාගත නොහැකි සුබසාධන සහ අධ්‍යයන ගැටලු රාශියක් පවතින බවයි. "අලුත් වසරක සිසුන් බඳවා ගන්න බැරි වෙලා තියෙනවා. සිසුන්ට නේවාසිකාගාර නැහැ. පීඨ සංකීර්ණ සීමිතයි. සිසුන් පොරොප්පු වල සහ බෝඩිං කාමරවල බිම නිදාගෙන පාඩම් කරන තත්ත්වයක් තුළ, මේ වගේ මාලිගා වැනි දේපළ රජය සන්තකයේ පමණක් තිබීමෙන් පලක් නැහැ" යැයි ඔහු පෙන්වා දුන්නේය.,
පසුගිය අරගල සමයේ මතු වූ ප්‍රධාන සටන් පාඨයක් වූ "හොරාගත් දේපළ නැවත ජනතාවට පවරා දීම" යන්න මෙහිදී සෘජුවම ක්‍රියාවට නැංවිය යුතු බව සිසුන් පවසයි. කැලණි ගඟට මායිම්ව පිහිටි දැවැන්ත වාණිජ වටිනාකමකින් යුත් මෙම දේපළ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සිදුවන විට එහි අයිතිය තහවුරු කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ බවද සසිදු පෙරේරා මහතා සිහිපත් කළේය.
"ආණ්ඩුව මේවා පවරාගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. එහි භුක්තිය සෘජුවම අධ්‍යාපන ක්ෂේත්රය වැනි ජනතාවට වැඩදායී අංශයකට ලබා දිය යුතුයි" ඔහු පැවසීය.
මල්වාන දේපළ අත්පත් කරගැනීම සංකේතාත්මක සටනක් පමණක් බවත්, ඉදිරියේදී රට පුරා පිහිටි මෙවැනි දේපළ අත්පත් කරගැනීමට සූදානම් බවත් අන්තරේ කැඳවුම්කරු අනතුරු ඇඟවීය.
මෙම දේපළ විශ්වවිද්‍යාල පද්ධතියට ලබා දීමෙන් නව උපාධි පාඨමාලා හඳුන්වා දීමට, යටිතල පහසුකම් දියුණු කිරීමට සහ ප්‍රදේශවාසීන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීමට හැකි වන බව සිසුන්ගේ විශ්වාසයයි.
මෙම සටන තමන්ගේ පෞද්ගලික ලාභය සඳහා නොව, අනාගත පරම්පරාව වෙනුවෙන් සිදු කරන්නක් බැවින් ඊට සහය දෙන ලෙස සසිදු පෙරේරා මහතා රටේ සමස්ත ජනතාවගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම දේපළ අධ්‍යාපන ක්ෂේත්රයට පවරා දෙන තෙක් තමන් එම භූමියෙන් ඉවත් නොවන බවත්, අත්පත් කරගත් දේපළ තුළ රැඳී සිටිමින් සටන ජයග්‍රහණය කරන බවත් ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කර සිටියි.

ගිය ගමන වගේ දඟලන්න හැදුවොත් එලොව තමයි
ReplyDeleteyou can grab Lal Kantha's one next.
Deleteදැන් පැන නගින ප්රශ්නය වන්නේ, අධිකරණ නියෝගයකින් අධිකරණ අමාත්‍යංශය යටතට පත් කර ඇති දේපොළකට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් හෝ වෙන යම් කවරෙකු හෝ බලහත් කාරයෙන් ඇතුලු වූයේ කෙසේ ද යන්න ය. මෙය අධිකරණ නියෝගයට කරන ලද අපහාසයක් වනවා ඇත. මෙය අධිකරණය හෑල්ලුවට පත් කිරීම මෙන් ම අධිකරණයට කරන ද බලවත් අපහාසයක් බව කිව යුතු ය.
Deleteextracted from below comment
What is going on? Are we in babanana repablic? Looks like we live in no law order country.
ReplyDeleteYes yes, you can grab Lal Kantha's one next.
ReplyDeleteරට බේරා ගත් රාජපක්ෂ වෛද්‍යවරුන්ගේ දේපල වලට අත නොතබනු
ReplyDeleteමේක රාජපක්ෂලාගේ රෙද්දක් නෙවෙයි රජයට පවරාගත් රාජ්‍ය දේපලක්. News එකක්වත් හරියය කියවගන්න බැරුව පොර ටෝක් දෙනවා 😀
Deleteරටේ පීඩිත කම්කරු පන්තිය සුඛිත මුදිත කල ලාල් කාන්ට මහතාගේ මන්දිරයට ඇවිත් බලාපියව්..
Deleteගොම ගහලා එලවන්නේ
කඩවත මාලිගාවට අත නොතබනු
ReplyDeleteමුගෙ ගිනුම් පරික්සා කලොත් කාටද කඩේ යන්නෙ කියල හොයාගන්න පුලුවන්.
ReplyDeleteඅන්තරේ කියන්නේ ජෙප්පන්ගේ අතකොළු කියල කව්රුත් දන්නවනේ.
Deleteබල්ලට ගිය නීතිය.
ReplyDeleteඅන්තරේ කියන්නෙ පෙරැට්ටො..
ReplyDeleteඔය ඉතිං බල නහරෙ කාපා ගන්න තමයි දඟලන්නෙ
ජෙප්පොයි, පෙරැට්ටොයි කියන්නේ දෙකක් නෙමේ එකක්. මතකනේ පෙරැට්ටො ඇවිත් ගල් අඟුරු කේස් එක හෝදපු හැටි. පුබුදු ජාගොඩයා සුපිරියට හේදුවා ආන්ඩුව.
Deleteජෙප්පෝ පෙරට්ටෝ ඔක්කොම කඩාකප්පල් කාරයෝ. අධ්‍යාපනේ ඉඳන් කඩාකප්පල් කරලා තියෙන්නේ. දැන් උන් වනචාරී වගේ උන්ගේම නීතී හදාගෙන රාජ්‍ය දේපළ අත්පත් කරගන්නවා. හෙට අනිද්දා මුන් ආයෙත් ගෙවල් වල බත් මුට්ටි උස්සයි කන්න නෑ කියලා.
Deleteහුන්ඩුවාගෙ වැඩ. ඒක අල්ලන්න දෙයක් නෑ. කැලෑවට ගිහින් තියෙන්නෙ. මුන්ට විශ්වවිද්‍යාලයට ගිහින් කරන දේවල්. සෝමවංශ ට ශොට් එක දුන්න වගේ ටිල්වින්ටත් හුන්ඩුවා ගේම දෙනවා ලොවෙත්.
ReplyDeleteAnthare puka dena kabbo okkoma Igana ganna viyadam karana salli apahu gevapiyau.
ReplyDeletePinata ugannala Australia, UK,USA,karayonta labour market eka fill karala Ratata mouth nehe,,, araka hora meka hora, Anunge Ho Ratata Aithi deyak Balen Bukthi Lindeman dekama Okkoma Horakama Thama...
Mandate Tax ekak Ugath kama Sampath bukthiya.samaja sadaranathvayak avassyai.
Munta igana ganna giya salli Ape ratata ganne nathe ai....
Meka kalakanni desapaluvo nivan yanna balan pinatata dena pinata kana yakku lanthe.....
ReplyDeleteආරියතිලක
මල්වාන ප්‍රදේශයේ සුපිරි නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන්, හා අක්කර 15 පමණ මෙම ඉඩම සහිත දේපොළවලට,
බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයාට සහ කෝටිපති ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් යන අයට විරුද්ධව,ගම්පහ මහාධිකරණයෙහි නඩු පවරා තිබිණි. එම නඩුව පවරා තිබුණේ මුදල් විශුද්ධිකරණය යටතේ ය. මෙම නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ගැනීමෙන් අනතුරුව ගම්පහ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් මෙම නඩුවේ තීන්දුව 2022 ජුනි 03 වෙනි දින ප්‍රකාශයට පත්කරන ලදී. එම තීන්දු ප්‍රකාරව බැසිල් රාජපක්ෂ හා කෝටිපති ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් නිදොස් කොට නිදහස් කෙරෙණි.
මෙම ඉඩමට නීත්‍යානුකූල හිමිකරුවෙකු නොමැති වීම නිසා එය අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණි.
අක්කර 15 ක පමණ, හිමිකරුවෙකු නොමැති මෙම ඉඩම හා එහි වූ නිවස වෙන්දේසි කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණි. පසු ගිය අරගල සමයේදී මෙම නිවස ගිනි තැබීමෙන්, එහි කොටසකට හානි සිදු විය.
දැන් පැන නගින ප්රශ්නය වන්නේ, අධිකරණ නියෝගයකින් අධිකරණ අමාත්‍යංශය යටතට පත් කර ඇති දේපොළකට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් හෝ වෙන යම් කවරෙකු හෝ බලහත් කාරයෙන් ඇතුලු වූයේ කෙසේ ද යන්න ය. මෙය අධිකරණ නියෝගයට කරන ලද අපහාසයක් වනවා ඇත. මෙය අධිකරණය හෑල්ලුවට පත් කිරීම මෙන් ම අධිකරණයට කරන ද බලවත් අපහාසයක් බව කිව යුතු ය. අධිකරණ යනු ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ කොටසකි. ආණ්ඩුක්‍රම ව්‍යවසථාවේ 3 වන හා 4 වන ව්‍යවස්ථාවලින් කියවෙන ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට සෘජුව ම කරන ලද අනීතික බලහත්කාර කමක් ද වනවා ඇත.
එබැවින් මෙම දේපොළ ඇතුලතට අයුතු ලෙස ඇතුල් වී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙයට සම්බන්ධ වූවන්ට තරාතිරමක නො බලා නීතිය ක්‍රියාත්මක කිරීම ඇවැසි ය. එසේ නො වන්නේ නම් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරනවා යයි වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයට පෙර ජනතාවට දෙන ලද ප්‍රතිඥාව පුස්සක් වනවා ඇත. එසේ ම ජනතා පරමාධිපත්‍ය බලය හෑල්ලු කිරීමක් ද වනවා ඇත.
රටේ අධිකරණ බලයට බලහත්කාර කම් කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කොට තහනම් කළ යුතු ය. එහි ක්‍රියා කාරීන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. රටේ පොදු නීතියට යටත් කළ යුතු ය. දණ්ඩ නීති සංග්‍රහයේ නීති ප්‍රකාරව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.
100%
Deleteපොලීසිය නිදි. රටේ නීතිය නිදි.
ReplyDelete