TIN අංකයක් නොගත්තොත් හිරේ.. බදු නොගෙවීම අපරාධයක්.. අලුත් නීති එයි..


වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුට ලබා ගැනීම අනිවාර්ය කර ඇති බදු හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය ලබා නොගැනීම, නිසි ලෙස බදු ගොනු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ අවශ්‍ය මොහොතක පෙනී නොසිටීම අපරාධමය වරදක් ලෙස සැලකෙන සංශෝධන දේශීය ආදායම් පනතට එක් කර තිබේ.

මෙම සංශෝධන ඇතුළත් දේශීය ආදායම් (සංශෝධන) පනත කෙටුම්පත 2026 පෙබරවාරි 24 දිනැති අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ලබන මැයි මස 19 අඟහරුවාදා මෙම සංශෝධිත පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ප්‍රකාශ කළේ, මෙවැනි සංශෝධන ගෙන ඒමේ අරමුණ වන්නේ, රාජ්‍ය ආදායම් සහ වියදම් අතර පවතින පරතරය හමුවේ රාජ්‍ය ආදායම් පුළුල් කිරීම, බදු ගෙවන පිරිස වැඩි කර ගැනීම සහ රටේ බදු ආදායම දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20ක ඉලක්කයක් ළඟා කර ගැනීම බව ය.

මෙම බදු ආදායම් ඉලක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය සහනය මත කෙරුණු එකඟතා සිදු කළ බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බදු පිළිබඳ නීතිඥවරයකු වන සුරේෂ් පෙරේරා සඳහන් කළේ, මෙම සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් මෙය සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් ලබා දුන් බව ය.

ඔහු පෙන්වා දෙන්නේ, මෙමගින් ජනතාව අතින් ඇතැම් විට නොදැනුවත්ව මඟහැරෙන එදිනෙදා සාමාන්‍ය බදු ගෙවීම් පවා අපරාධමය වරදක් ලෙස සලකා දඩුවම් කිරීමට අධිකරණයට හැකි බව ය.

නීතිඥවරයා තවදුරටත් පැවසුවේ, මෙම වැරදි සම්බන්ධයෙන් වරදකරු කරනු ලබන අයෙකුට රුපියල් 400,000 දක්වා දඩයක් හෝ මාස හයක් දක්වා සිරදඬුවමක් නියම කිරීමට අදාළ පනත මගින් හැකියාව ද තිබෙන බව ය.

කෙසේ වෙතත්, මෙම පනතෙහි තිබෙන මෙවැනි වගන්ති රජය වෙනස්කම් කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව නීතිඥ සුරේෂ් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස X සටහනක් තබමින් අවධාරණය කරන්නේ, දේශීය ආදායම් පනතේ මෙම නව සංශෝධන මගින් ජීවත් වීමට වෙහෙසෙන සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකුට ද, හිතාමතා රුපියල් මිලියන ගණනින් බදු ගෙවීම් පැහැර හරින අයෙකුට හා සමානව සැලකිය හැකිය යන්න ය.

බදු ක්‍රමය නිවැරදි කිරීම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම සහ බදු අනුකූලතාවය පහසු කිරීම වෙනුවට, රජය කරන්නේ සාමාන්‍ය ජනතාව අපරාධකරුවන් කිරීම නමැති කෙටි මාවතට පිවිසිම බව ඔහු පෙන්වා දී තිබේ.

- මව්බිම

2 Comments

  1. ekkahuma karapalla. sura kapalla


    wena andu handuwe investment genna


    thopi danna ekama de horakamay,suragena kamy

    ReplyDelete
    Replies
    1. රුපියල් 400,000 දක්වා දඩයක් හෝ මාස හයක් දක්වා සිරදඬුවමක්

      Delete
Previous Post Next Post