රාජ්‍ය සේවකයන්ට ගෞරවයෙන් සේවය කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කලා..

 


සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ 29 වන ජාතික සම්මේලනය ද (10) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ ජාතික ජන බලවේගය රජය ඉතාමත් කෙටි කාලයක් තුල සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක ගැටළු රැසකට විසඳුම් ලබා දීමට කටයුතු කළ බවයි.

ඒ අතර විශ්‍රාම වැටුප් ගැටළුව, වැටුප් අධිභාරය සම්බන්ධ ගැටළුව, වැටුප් කේත සම්බන්ධ ගැටළුව සහ ප්‍රශ්නගත සේවකයන් සම්බන්ධ විමර්ෂණ කඩිනම් කර ඒවාට විසඳුම් ලබාදීම ආදිය ඒ අතර ප්‍රධාන වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම පසුගිය රජයන් සමයේ මෙන් සමෘද්ධි සේවක මහත්ම මහත්මීන් දේශපාලන කටයුතු සඳහා යොදා නොගත් බවත් රාජ්‍ය සේවකයාට හිමි ගෞරවය ලැබෙන අයුරින් සේවය කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර ඇති බවත් ඒ මහතා සඳහන් කළා.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ විශාල සේවයක් කරමින් සිටින බැවින් කිසිදු ආකාරයකින් විකිණීමට හෝ කොටස් කිරීමට සූදානමක් නොමැති බවත්, ඉතාමත් ශක්තිමත්ව, ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, සේවක උසස්වීම් පටිපාටිය මේ වසර තුල අවසන් කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වේත උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්තාවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිළධාරීන්, සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ නිලධාරීන්, සාමජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

5 Comments

  1. UBALA RATATA GENAPU EKA INVESTMENT EKAKA KIYAPALLA?

    ReplyDelete
    Replies
    1. ඉන්න ආයෝජකයින් අකුලාගෙන යනකොට අලුත් එවුන් එයිද?.

      Delete
  2. ඔව් පාර්ලිමේන්තු නිල කාමරයෙ බට ඇදලා අහුවුනාම, එය දැකපු නියොජය්‍ය ලෙකම්ට ගෞරවයන් ඉන්න පුළුවන් වාතාවරණයක් හැදුවා. මම භාණ්ඩාගාරය කැඩුවම එකෙ හිටපු ප්‍රධාන සාක්ෂි කරුට සමාදානයේ සැතපෙන්න පුළුවන් වාතාවරණයක් හැදුවා, කොටින්ම කියනවනම් පාස්කු ප්‍රහාරයෙ චූදිතයින්ට වන වළන් යානයයි ජඩ රවී යයි එම චොදනාව විමර්ශණය කරන්න තරම් වාතාවරණයක් හැදුවා. දුන්නු චන්දෙ ගැන ආඩම්බරයි.

    ReplyDelete
  3. Who is this IDIOT?

    ReplyDelete
  4. අනේ පළයං යකෝ යන්න පච කෙලින්නැතුව. ඉහළ තලයේ ඉන්න නිළධාරීන් කොච්චර නම් අස් වුණාද ඉන්න බැරුව. රිමාන්ඩ් කරපු පගා කාරයන්ට නම් නැවත ඒ පුටුවටම ඇවිත් තව පගා ගන්න පුළුවන් සංස්කෘතියක් නං බිහි වෙලා!

    ReplyDelete
Previous Post Next Post