ඇගළුම් අපනයන ආදායම පහල වැටේ...


 පසුගිය වසරේ (2025) මුල් මාස පහට සාපේක්ෂව මේ වසරේ මුල් මාස පහ (ජනවාරි සිට මැයි) තුළදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම් වර්ධනය අඩුවී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඒ අනුව, ඉකුත් වසරේ (2025) ජනවාරි සිට මැයි දක්වා කාල සීමාව තුළදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය කිරීමෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 2,136 ක (2,136.74) ආදායමක් උපයා ඇතත්, මේ වසරේ සමාන කාලපරිච්ඡේදය තුළදී ලබා ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,033 කි (2,033.39). ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස පහ තුළදී ඇඟලුම් අපනයන ආදායමේ වර්ධනය සියයට ඍණ 4.84 කි. 

කෙසේ නමුත්, අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉකුත් වසරේ (2025) මැයි මාසයට සාපේක්ෂව මේ වසරේ (2026) මැයි මාසයේදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායමේ වර්ධනය සියයට 6.66 ක් බවය. 

ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය කිරීමෙන් ඉකුත් වසරේ මැයි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 388 ක (388.81) අපනයන ආදායමක් ලැබී ඇති අතර, මේ වසරේ මැයි මාසයේ එම ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 414 ක් (414.72) දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ කියා සිටියේ වසරේ මුල් මාස තුනේ අපනයන ආදායම අඩුවීමට ප්‍රවාහන වියදම් ඉහළ යාම යනාදි කරුණු නිසා අපනයනකරුවන් යම්කිසි පසුබෑමකට ලක්වූ බවත් ඇඟලුම් ක්ෂේත්‍රය හරහා මේ වසරේදී ඉලක්කයට ළඟාවීමේ හැකියාව පවතින බවයි.

සාලිය කුමාර ගුණසේකර

3 Comments

  1. වැලි කොට්ට ගහලා රේල් පරවල් හදාපු බූරුවන් ඉන්න ආන්ඩුවක් පත් කරගත් ජනතාව බලාපොරොත්තු වෙන්න ඕනෑ මේවා තමා

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 29, 2026 at 8:09 AM

      ඩොලර් මිලියන 100 ක පසු බෑමක් වෙලා තිබෙනවා මැයි මාසය දක්වා, නමුත් මැයි මාසයේදී පසුගිය වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 25ක් වැඩි වෙලා තියෙනවා. වෙනස ඩොලර් මිලියන 75යි, ඒක ඉතාම සුලු ගාණක්, වෙනස ඇති වුණේ යුද්ධය නිසා. ඉදිරි මාස කීපයේදී වාර්ථාගත ලෙස ඇඟලුම් ආදායම් ඉහළ යාමට නියමිතයි.

      ඒ නිසා මොකක් හරි චූන් පාන් නිව්ස් එකක් එනකම් බලන් ඉඳලා ගොං කමෙන්ට් දාන්ඩ කලින් නිව්ස් එකක් ටිකක් ඩීටේල් කියවලා බලපන්.

      Delete
    2. Ow. Lankava godak ewa venna niyamithai. Prasne thiyenne niyamithai ewa venna na. Ekanisa vunata passe oya pamporiya gahapan.
      Mun korai pamkak!

      Delete
Previous Post Next Post