‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ වෙනුවෙන් රට පුරා ෆිල්ම් හෝල් අලුතින් හදයි...


 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ගොඩනැංවීමේ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව සිනමා කර්මාන්තයේ දියුණුවත්, සිනමා ප්‍රේක්ෂකයින්ට වඩාත් පහසුවෙන් සිනමා නිර්මාණයක් නැරඹීමේ අවස්ථාව ලබා දීමත් යන අරමුණ පෙරදැරිව ප්‍රාදේශීය වශයෙන් සිනමා ශාලා ඉදිකිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර ඇත.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධව පෞද්ගලික ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවති මූලික සාකච්ඡාව  ජාතික චිත්‍රපට සංස්ථා සභාපති සුදත් මහදිවුල්වැව මහතාගේ ප්‍රධානත්වයෙන් චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා ප්‍රාදේශීය වශයෙන් සිනමාශාලා ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යාපාරික මහතුන් 12 දෙනෙකු පමණ සහභාගී විය. ඒ් අතර දැනට සිනමා කර්මාන්තයේ නියැලී සිටින සිනමාශාලා හිමිකරුවන්ද, ප්‍රාදේශීය වශයෙන් සිනමා ශාලා ඉදිකිරීමට සූදානම්ව සිටීම සුවිශේෂ කරුණක් විය.

ගෝනවිල, පන්නල, පිටකෝට්ටේ, නාරම්මල , නිට්ටඹුව යන ප්‍රදේශයන් ආවරණය පරිදි ප්‍රාදේශීය සිනමා ශාලා ඉදිකිරීමට එස්. එම් සුරේෂ් කාංචන මහතා , රත්නසිරි පතිරණ මහතා , එන් .රණසිංහ මහතා, ඒ. ගොඩකන්ද මහතා සහ ඒ්. බී. වරුණ කැමැත්ක ප්‍රකාශ කළහ.

සිනමාශාලා ඉදිකිරීමේදී නව තාක්ෂණයෙන් යුතු ආසන ධාරිතාව 100-50ත් අතර ප්‍රමාණයේ වන සිනමා ශාලා ඉදිකිරීමට සියලුදෙනා එකඟ වූහ.

මීට අමතරව හැටන්, මොනරාගල , ඇඹිලිපිටිය , නුගේගොඩ යන ප්‍රදේශවල පවතින සිනමාශාලා නව තාක්ෂණය උපයෝගී කර ගෙන නවීකරණය කිරීමටත් , අමතරව ප්‍රාදේශීය සිනමා ශාලා ඉදි කිරීමටත් එන්. සෙල්වකුමාර් මහතා, සරත් ප්‍රනාන්දු මහතා, රසිත මාලන් මහතා, එම්. ඔමිත මහතා, එච්.එච්. කෞෂිත ඉමල්ක මහතා, කේ.ජී.විමලදාස මහතා සහ කේ.ජී. සංජය මහතා එකඟතාව පළ කළහ.

මෙම අවස්ථාව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර මහතා, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (මුදල් හා පාලන) ප්‍රදීප් ලංකා ධර්මවික්‍රම මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විමර්ෂණ) ගාමීණි රූපසිංහ මහතා අනෙකුත් විමර්ශන නිලධාරීහු සහභාගී වූහ.

8 Comments

  1. භේරුණ්ඪJune 28, 2026 at 5:44 PM

    කොහොමද වැඩ? ජගත් මණුවර්ණ ම ඉන්ඩ ඕනෑ මේ වගේ දේවල් වලට. මලිනී ෆොන්සේකා, ගාමිණී ෆොන්සේකා, මොනවද කලේ? උද්ධික ප්‍රේමරත්න නම් යමක් කලා, තමන්ගේ කාර් එකට තමන්ගේ පොලිස් නිලධාරියා ලවා වෙඩි තියවාගෙන කැනඩාවට පනින්ඩ වීසා හදාගෙන, අන්තිමේ වැඩේ මාට්ටු වෙලා, පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරවාගෙන, කැනඩා වීසාත් නැති කරගෙන ආපහු ආවා.

    ReplyDelete
  2. කොමියුනිස්ට් පාලනයක් සාර්ථක කරගන්න අවශ්‍ය ප්‍රධානම දේ රටේ සියලු දෙනාම එකම විදියට හිතන්න පොළඹවා ගැනීම. මේ සදහා කොමියුනිස්ට් රුසියාව චීනය කියුබාව චිත්‍රපට, නාට්‍ය වීදි නාට්‍ය බස්රථ දුම්රිය වල කතා පැවැත්වීම සංගීත මාධ්‍ය යොදා ගත්ත. අන්න ඒ අදහසින් තමයි ඡන්දෙට පෙර සමන්ත විද්‍යාරත්න ටිල්වින් ලාල් ආදී අය කිව්වෙ අපි අවාම නාට්‍ය පෙන්වනවා ගම්වල චිත්‍රපටි පෙන්වනවා කියලා. මේ කරන්න සැලසුම් කරන්නේ එකයි ඔන්න බලපල්ල අවුරුදු 50-60 පරණ සෝවියට් රුසිාවෙහි චිත්‍රපටි චීන චිත්‍රපටි කියුබාවේ චිත්‍රපටි හඩ කවල මේවායේ පෙන්නාවි හින්දි ඉංගිරිසි දෙමළ විනෝද චිත්‍රපටි මේවායේ බලන්න හීන දකින්න එපා. මොවුන් මේ රට කොමියුනිස්ට් කරන්න ලොකු සැලසුමක් තිබෙනවා මේ ඒ ඒවා ට පෙර සූදානම

    ReplyDelete
  3. Eth dan kello kollo kelinma room yanawane. Ethatkota koi nadaththuwata adayama?

    ReplyDelete
  4. Eth dan kello kollo kelinma room yanawane. Ethatkota koi nadaththuwata adayama?

    ReplyDelete
  5. මේවයෙ පෙන්වන්න යන්නෙ හරිනි සේගු ආදරාන්දරය කොටස් වශයෙන්. හය වසරෙන් ඉහළ අයට පමණි

    ReplyDelete
  6. මෙන්න අලුත්ම චිත්තරපටිය: තඹුත්තේගම කොටාගේ ජුන්ඩා . ඊලග මාසේ එනවා හරිනිගේ ඉසදීන් පෑන්ටිය ... දැනම බූක් කරන්න .. එන්න අපි නයට හාල් අරන් පෝසත් රටේ චිත්තර පටි බලමු

    ReplyDelete
  7. රට අනුරට කියල සින්දුවක් හදාපු එකාට පොකේ අරින්නේ මම....ළඟදීම උඋට ගේමක් දෙනවා වෙස රැවුල

    ReplyDelete
  8. කළු සුද්දන්ගෙන් කළවැද්දන්ට හොලිවුඩ් බොලිවුඩ් වීරයන් සහිත චිත්‍රපට,..June 28, 2026 at 9:16 PM

    1.වංචාවෙන් බළය ලබාගනීම
    2.ලැබුන බළය රැකගැනීම සඳහා මොළ සේදීම,.

    ReplyDelete
Previous Post Next Post