සලේගේ ගුද මාර්ග පරීක්‍ෂාවෙන් GSP+ අහිමිවීමේ අවදානමක්..?


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස භාවිත කිරීම සහ බුද්ධි අංශ ප්‍රධානියෙකු වන සලේ මහතාට එරෙහිව සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන යුරෝපා ආර්ථික සහන අහිමි වීමේ බරපතල අවදානමක් මතුව ඇතැයි හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැරදි ලෙස භාවිත කරන බැවින් එය වහාම වෙනස් කරන ලෙස හෝ ඉවත් කරන ලෙස යුරෝපා ආර්ථික ප්‍රජාව දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන්ම රට වෙනුවෙන් විශාල ජාතික මෙහෙවරක් ඉටුකළ බුද්ධි අංශ ප්‍රධානී සලේ මහතා වද හිංසනයට ලක් කරන බවට මානව හිමිකම් කොමිසමට කර ඇති පැමිණිලි ජාත්‍යන්තරයට වාර්තා වීම මෙරටට අහිතකර ලෙස බලපානු ඇති බව ඒ මහතා සඳහන් කළේය.

මෙවැනි කරුණු ජාත්‍යන්තරය හමුවේ අනාවරණය වීම ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර සහන කෙරෙහි ඍජු අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව හිටපු අමාත්‍යවරයාගේ අදහසයි.
 
සලේ මහතා ත්‍රස්තවාදය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටියදී, නිරුවත් කර ගුද මාර්ගය පරීක්ෂා කළ බව CIDය විසින්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) ඉදිරියේ පිළිගෙන තිබේ.

සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, පසුගිය මාර්තු 08 වනදා සිදුවූ මෙම අමානුෂික ක්‍රියාව රහස් පොලිසිය මෙතෙක් වසන් කළද, මානව හිමිකම් කොමිසම හමුවේ ඔවුන්ට එය පිළිගැනීමට සිදුවූ බවයි. 

සලේ මහතාව සිරකුටියෙන් පිටතට ගෙන, නිරුවත් කර, ඉදිරියට නැවීමට සලස්වා සිදුකළ මෙම පහත් ක්‍රියාවට අදාළ CCTV දර්ශන සහ නිලධාරීන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස කොමිසම CIDයට නියෝග කර තිබේ.

පවතින අසාධාරණයට එරෙහිව සලේ මහතා අඛණ්ඩ උපවාසයක නිරත වන අතර, මේ වන විට කොළඹ ජාතික රෝහලේ නල මාර්ගයෙන් දියර ආහාර ලබා දෙමින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් උත්සාහ කරති. කිසිදු වාතාශ්‍රයක් නැති, පැය 24 පුරාම විදුලි බල්බ දල්වා තිබූ අඩි 6x4 කූඩුවක ඔහුව රඳවා තබා ඇති අතර, පළමු දින 40 පුරාම සිමෙන්ති පොළොවේ නිදා ගැනීමට සිදුව ඇත. 

මිග්‍රේන් රෝගයෙන් පෙළෙන ඔහුව මීයන් බහුල, දැඩි දුර්ගන්ධයක් සහිත වැසිකිළිය අසල සිරකුටියක දමා සැලසුම් සහගතව මානසිකව වට්ටවා ඇති බවට බිරිඳ චෝදනා කරයි. 

යුරෝපා සංගමයේ GSP+ බදු සහනය ශ්‍රී ලංකාවට හිමිවන්නේ ජාත්‍යන්තර මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම් සහ පරිසරය පිළිබඳ ප්‍රඥප්තීන් 27ක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ කොන්දේසිය මතය.

වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCAT) 2 වන වගන්තිය ප්‍රකාරව කිසිදු තැනැත්තකු වධහිංසාවට හෝ අමානුෂික, අවමන් සහගත සැලකීමකට ලක් නොකළ යුතුය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) 7 වන වගන්තිය මඟින් වධහිංසා පැමිණවීම් සපුරා තහනම් කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම සහ රැඳවියන්ට වධහිංසා පැමිණවීම නැවැත්වීම GSP+ සහනය පවත්වාගෙන යාම සඳහා සපුරාලිය යුතු ප්‍රධානතම කොන්දේසියකි.

යුරෝපා සංගමයේ නීති රීතිවලට අනුව, GSP+ ප්‍රතිලාභ ලබන රටක සිදුවන බරපතළ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව සොයා බැලීමට ඔවුන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායම් පැමිණ විමර්ශනය කරනු ලබයි.

පසුගිය කාලසීමාව පුරාම යුරෝපා සංගමය අවධාරණය කළේ ලංකාවේ PTA පනත අවභාවිත කිරීම සහ රඳවා සිටින්නන්ට වධහිංසා පැමිණවීම වහාම නැවැත්විය යුතු බවයි.

හිටපු බුද්ධි ප්‍රධානියකුට CIDය තුළදීම මෙවැනි  වධහිංසාවක් සිදු වීමත් සමඟ, ඉදිරියේදී පැමිණීමට නියමිත යුරෝපා සංගම් නියෝජිතයන් මෙම සිදුවීම පිළිබඳව දැඩි ලෙස නිරීක්‍ෂණයට ලක්වනු ඇත.

මෙමඟින් මෙරට ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍රයට අතිශය තීරණාත්මක වන ඩොලර් මිලියන ගණනක GSP+ බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානම මේ වන විට ඉහළ මට්ටමක පවතී.

11 Comments

  1. සලේගේ වගේ එවුන්ට දඩුවම් කලේ නැත්නම් GSP+ අහිමිවීමේ අවදානමක්..

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගොබ්බයො තමා මාලිමාවට ඡන්දෙ දීල තියෙන්නෙ..... කවුරුවත් කියන්නෙ නෑ වැරදි කරුවන්ට දඬුවම් දෙන්ඩ එපා කියල. හිතේ තියෙන චෝදනාවලට දඬුවම් දෙන එකයි, දෙන ක්රමයයි වැරදියි කියල කියන්නෙ....

      Delete
    2. meyata SIRIL GAMINI LED JVP AVULA

      Delete
    3. Dan thopi oppukaagaththada FBI waradiy kiyala


      Ranilta arinna gihin kelawathththa haththane

      Delete
    4. පාස්කු ප්‍රහාරය වෙනබව කලින් දැනගන එය පල්ලි වලට දන්වා දේවමෙහෙය අවලංගු කිරීමට කටයුතු නොකල කාදිනල් පාස්කු ප්‍රහාරයේ මහමොලකරුයි.

      Delete
  2. WALAN SANIGE PUKE DATH THIYENAWADA DANNENAH


    SIRIL GAMINI PODDAKA BALAPANKO

    ReplyDelete
  3. හමුදාවෙ හිටපු ජෙනරාල් වරයෙකුට මෙච්චර චුත්ත විදිහට දඬුවම් කරනවා නම් සාමාන්‍ය ජනතාවට කොහොම කරයිද?. නාකි සානියාගෙ ඇට දෙකෙන් එල්ලන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. පුකේ ඇඟිලි ගානේද්‍ර ශානිJune 21, 2026 at 12:04 AM

      මාව ඇටදෙකෙන් එල්ලන්ඩ එන ඕන ජගතෙකුගෙ පුකේ ඇඟිලි ගහල ඉඹල බලනව.

      Delete
  4. පතිරණ ගලප්පත්තිJune 21, 2026 at 12:08 AM

    ගුද මාර්ග පරීක්ෂාව කියන එක වැරදි හැදින්වීමක්. මේකට කියන්නේ strip search (පූර්ණ ශරීර පරීක්ෂාවක්) කියලා. පූර්ණ ශරීර පරීක්ෂාවක් කරන්නේ යම් විදියකින් රහස්‍ය මයික්‍රො චිප් එකක් (කථා බහ කරණ සියලු දේ, සිටින ස්ථානය යන දේවල් සම්ප්‍රේෂණය කරණ ඉතා කුඩා උපාංගයක්) ශරීරයේ රහස්‍ය ප්‍රදේශයක සඟවාගෙන සිටී දැයි බැලීමට. ලොව පුරා එයාපෝට් වල සැක කටයුතු පුද්ගලයින්ව මේ විදියට පරීක්ෂා කරණවා. මෙය ආරක්ෂාව සඳහා කරණ දෙයක්. නීත්‍යානුකූලයි.

    හැබැයි නීතිය අවභාවිතා කරන්ඩත් පුළුවන්. උදාහරණයක් ලෙස වරක් ඉන්දියානු සුරූපිණියක් ඇමරිකාවේ ගුවන්තොටුපලකදී පිරිමි පර්යේෂකයන් තිදෙනෙක් විසින් එවන් පරීක්ෂාවකට ලක් වීම ඇමරිකන් මාධ්‍ය වල දැඩි කථා බහකට ලක් වුණා. සලේ සම්භන්ධයෙන් සිදුවන සිදුවීම් අනුව එය පලිගැනීමක් විය හැකියි බොහෝ විට.

    කෙසේ නමුත් සලේ ගේ ශරීරයේ පහර දීම් සලකුණු හෝ ගුද මාර්ගය ඉරී යාමක් වාර්ථා වෙන් නෑ වෛද්‍ය වාර්ථා වල. ඒ කියන්නේ strip search සාමාන්‍ය විදියට සිදු වෙලා තියෙන්නේ. සලේ ගේ සෞඛ්‍ය තත්වය පිරිහී තිබෙන්නේ ඔහුගේ උපවාසය නිසා.

    කෙසේ නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි කිසිඳු වාචික ප්‍රකාශයක් හෝ වෙනත් කිසිඳු සාක්ෂියක් මේ වෙන තෙක් ලැබී නෑ.

    GSP+ සඳහා සලේ ගේ ගුද මාර්ගයේ අදාල තාවයක් නෑ. කෙසේ නමුත් ඔහු රඳවාගෙන සිටින PTA (prevention of terrorism act) ඉවත් කර ගන්න යැයි යුරෝපය බලපෑම් කලා පසිගිය කාල වල, දෙමළ සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා. හේතුව යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික සහ දකුණු ඉන්දියානු දෙමළ ප්‍රජාව ඒ සඳහා ඔවුන්ගේ නායකයන්ට බලපෑම් කිරීම, ඡන්ද ලබා දීම පිණිස. නමුත් GSP+ සඳහා සලේව නිදහස් කරන්ඩ යැයි ඔවුන් කියන්නේ නෑ. ඔවුන්ට සලේගෙන් අදාලතාවයක් නෑ. සලේට අනුකම්පා කරණ සිංහල ඡන්ද තියෙන්නේ ලංකාවේ.

    ReplyDelete
    Replies
    1. පුකේ ඇඟිලි ගානේද්‍ර ශානිJune 21, 2026 at 12:17 AM

      පුකේ ඇඟිලි ගහල ඉඹල බැලුවහම GSP+ නැති කරනවයි කියල කවුරුවත් කියල නැහැ. 
      ඒක හින්ද මම ඕනැ ජගතෙකුගෙ පුකේ ඇඟිලි ගහල ඉඹල බලනව.

      Delete
    2. පටිරෙන තුමා! .. ඇවිදින පුස්තකාලයක්!
      ඇඟ හැමතැනම මොලේ සහ දැනුම!

      ගොන් හරක් ජෙප්පෝ තාම ආතල් දෙනවා...
      හිකිස්!
      තාම තේරිලා නෑ මුන්ට!
      තව දියං ආතල්!

      Delete
Previous Post Next Post