Iphone ඇතුළු Apple නිෂ්පාදන විශාල ලෙස මිල වැඩි කරයි..


 ලොව පුරා මතුව ඇති මතක Memory සහ Storage චිප් හිඟය සහ ඒවායේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් MacBook සහ iPad උපාංගවල මිල ගණන් ගෝලීය වශයෙන් ඉහළ නැංවීමට Apple සමාගම පියවර ගෙන තිබේ.

AI දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වන චිප්ස් උපාංග සඳහා පවතින අතිමහත් ඉල්ලුම හේතුවෙන් සමස්ත ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයම පෙර නොවූ විරූ අභියෝගයකට මුහුණ දී ඇති බව පවසන ඇපල් සමාගම, ඇතැම් ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණකවල මිල සියයට 20කින් පමණ ඉහළ නංවා ඇත.

මේ අතර, පවතින "උපාංග අර්බුදය" හමුවේ මයික්‍රොසොෆ්ට් සමාගමට අයත් Xbox සන්නාමයද වසරක් ඇතුළත දෙවන වරටත් තම Gaming Consoles මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ.

ඒ අනුව ලබන අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි එක්ස්බොක්ස් මූලික උපාංගයක මිල ඇමෙරිකානු ඩොලර් 100-ඩොලර් 499 දක්වා සහ වැඩි මතක ධාරිතාවක් සහිත උපාංගයක මිල ඩොලර් 150-ඩොලර් 749 දක්වා ඉහළ යනු ඇත.

මීට අමතරව, ප්‍රමුඛ පෙළේ ගේමින් සමාගමක් වන Valve සමාගමද සිය 'Steam Machine' පරිගණකයේ මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

පරිගණකසඳහා යොදාගන්නා RAM සහ අනෙකුත් දත්ත ගබඩා උපාංගවල මිල මේ වන විට දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, 2027 වන විට එය තවත් දෙගුණයකින් ඉහළ යනු ඇතැයි වෙළඳපොළ අනාවැකි පළ වේ.

ලොව විශාලතම චිප් නිෂ්පාදකයා වන තායිවානයේ TSMC සමාගමද උද්ධමනය හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බව තහවුරු කර ඇති අතර, ඉදිරියේදී මිල ඉහළ දැමීම් සිදු කිරීමට සිදුවනු ඇති බවට ඉඟි කර ඇත.

මේ තත්ත්වය මත 2026 වසරේදී ජංගම දුරකථනවල සිට පුද්ගලික පරිගණක දක්වා වූ සෑම ඉලෙක්ට්‍රොනික උපාංගයකම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති

1 Comments

  1. ආ ඒකට මොකද පැපොල් ෆෝන් තියෙන්නේ.

    ReplyDelete
Previous Post Next Post