‘හිස් වැසුම දාගෙන හිටියෙ නෑ කියා මට ගැහුවා...’ - Mr. කොත්තුගෙන් ගුටි කෑ අරක්කැමියා මාධ්‍ය අමතයි..


 ප්‍රකට ආහාර පාන සැපයුම් ආයතනයක් වන "Mr. කොත්තු" හි ප්‍රධානියා විසින් එහි සේවය කළ තරුණයෙකුට පහර දීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් එම තරුණයා විසින් හෙළි කර තිබේ.

වසර හතරක කාලයක් එම ආයතනයේ සේවය කර ඇති මෙම තරුණයා පවසන්නේ, ආයතන ප්‍රධානියා පැමිණෙන අවස්ථාවේ තමන් හිස් වැස්ම පැළඳ නොසිටීම හේතුවෙන් මෙම පහරදීම සිදු වූ බවයි.

එහිදී ප්‍රධානියා විසින් මුලින්ම කුඩයකින් පපුවට පහර දී, අනතුරුව දිගින් දිගටම හිසට පහර දුන් බව ඔහු එම වීඩියෝව මගින් විස්තර කරයි.

"අපි එතනට යන්නේ සල්ලි කීයක් හරි හම්බ කරගන්න මිසක් ගුටි කන්න නෙමෙයි" යනුවෙන් පවසන ඔහු, මෙම සිදුවීමෙන් පසු එදිනම ආයතනයෙන් ඉවත් වූ බව ද සඳහන් කරයි.

පහරදීමට අමතරව, සිය සේවා කාලය තුළ සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධයෙන් ද බරපතල අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට ඔහු චෝදනා කරයි.

වසර හතරක් පුරා සිය වැටුපෙන් මුදල් කපා ගත්ත ද, සාමාන්‍යයෙන් මාස හයෙන් හයට ලැබිය යුතු කිසිදු ලේඛනයක් තමන්ට ලබා දී නොමැති බවත්, එම මුදල් තමන්ට හිමිවේද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

3 Comments

  1. කොත්තු ගහන විරාජ් පකයා ඔයිට කලිනුත් පහරදීම් ගණනාවක් කරපු මානසික අවුලකින් ඉන්න ගෝතයෙක්. මේ කොල්ලට විශිෂ්ට මාධ්‍යවේදී තරිදුගෙ මුහුණුවර තියෙන්නෙ. තරිදු වගේම අසාධාරණයට එරෙහිව සටන් කරන විරුවෙක් වෙයං කොල්ලො.

    ReplyDelete
  2. ඔය විරාජ් කියන ගෝතයා බැසිල්ගෙ කලු සල්ලිවලින් බිස්නස් එක රන් කළේ. රාජපකයො එළෙවල ටික කලකින් ඒ කලු සල්ලි ස්ට්‍රීම් එක ටික ටික නතර වුනා. ඒ වෙනකොට ඌ බිස්නස් ඕවර් ඩ්‍රයිව්
    මෝඩ් එකේ හිටියෙ. හැම තැනම කඩ ඇරගෙන ඇරගෙන ගියා. බැංකු ලෝන් කෝටි ගණන් ගන්න සිදු වුනා. ඒත් එක්කම මූ ලාබ වැඩි කොරගන්න ජරා කෑමවල කොලිටිය අඩු කොරන්න ගත්තා. කස්ටමර්ස්ලා එන්න එන්න අඩු වුනා. ඒත් එක්කම මාලිමා ආණ්ඩුව ආවම උගෙ අයිස් කුඩු බිස්නස් කොට උඩ ගියා. දැන් බැංකු ලෝන් ගෙවා ගන්න බැරිව මූ දහ අතේ ණය වෙලා ඉන්නෙ. ඒක පිට කොරන්නෙ වටේ ඉන්න අහිංසකයන්ට නෙළලා. ඔය ජරා කඩ වැහිල යන එක හොදයි මෝඩ මිනිස්සුන්ගෙ සෞඛ්‍යට.

    ReplyDelete
    Replies
    1. MR Kottu = Mahinda Rajapaksa Kottu

      Delete
Previous Post Next Post