මරණ 27යි.. මීගමුව රැදවියන් වෙනත් බන්ධනාගාරවලට..


 මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය දෙදින පුරා පැවති දරුණු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇත.  මෙම ගැටුම්වලින් තවත් සියයකට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පොලිස් වාර්තාවලට අනුව, ඊයේ (05) දහවල් ඇති වූ ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 33 දෙනෙකු තුවාල ලැබූහ. එහෙත් අද (06) දින තත්ත්වය දරුණු අතට හැරුණු අතර, අද දින පමණක් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් තහවුරු කළේය.

පවතින ගැටුම්කාරී වාතාවරණය පාලනය කිරීම සහ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, මීගමුව බන්ධනාගාරයේ සිටින රැඳවියන් වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්බර ඇතුළු දිවයිනේ අනෙකුත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ අනුව මේ වන විටත් රැඳවියන් මාරු කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මේ වන විට බන්ධනාගාරය තුළ සහ ඒ අවට ආරක්ෂාව දැඩි ලෙස තර කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

බන්ධනාගාරය තුළ ඇති වූ මෙම දරුණු ගැටුමට හේතුව සහ ඊට වගකිවයුත්තන් හඳුනා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.





Violent Clashes at Negombo Prison Result in 27 Fatalities

The death toll from violent unrest at the Negombo Prison has tragically risen to 27 over the past two days. In addition to those killed, more than a hundred individuals have sustained injuries and required hospitalization.

According to police reports, clashes that erupted shortly after noon yesterday (5th) claimed the lives of two individuals and left 33 others injured. Today (6th), the situation escalated dramatically, resulting in the deaths of an additional 25 people, as confirmed by the police media unit, which also noted that among the deceased were five prison officers.

In an effort to manage the unrest and ensure the safety of inmates, a senior prison official indicated that authorities have initiated an immediate transfer of prisoners to other facilities across the country, including the use of specially designed vans for this purpose. The process of relocation has already begun.

Enhanced security measures are currently in place within and around the prison, as police, special task forces, and prison officials collaborate to restore order and maintain control of the situation.

A comprehensive investigation has also been launched to determine the causes of the violent outbreak and identify those responsible.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

19 Comments

  1. කියන්න දෙයක් නැහැ ඉතින් හැම තැනම කෙල වෙලා තියෙද්දී බන්ධනාගාරෙ විතරක් හොඳට තියෙන එකක් නැහැනේ. මාලිමාව නම් ඉතින් ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. බන්ධනාගාර රැදවියෙක් මියගියොත් එහි වගකීම ආණාඩුව බාරගත යුතුයි - අනුර කුමාර 2020-11-30

      Delete
    2. වගකීම ආණ්ඩුව බාරගත යූතු වගේම ආණ්ඩුව පත්කර වෛරයෙන් සැනසීම ලැබු සාපයේ වෛරය 68 ලක්ෂයේ ජනතාවද බෙදා ගැනීමත් නොපමාව සිදුවිය යුතුය.

      Delete
  2. ප්‍රශ්න අමතක කරන්න ආන්ඩුව මිනී මරනවා. සිය ගානක් මැරිල ඇති සමහරවිට

    ReplyDelete
    Replies
    1. ඉතින් ගොවි විරෝධතා ආයෙ සතියකට කතා කරන්නේ නැහැ. ශානි පුක බලලා සතියක් ආන්ඩුවට රෝල ගහලා දුන්නා. දැන් වෙඩි තියලා සතියක් දුවනවා. ලක්ශයක් මරල බලේ ඉන්නව කියපු උන් 29ක් මැරුවා. තව 99000යි මරන්න තියෙන්නෙ.බල නහර කපල මරපු උන්, පාතාලෙ ලවා මරවපු උන්, හොස්පිටල් වල මරපු උන් ඇරෙන්න මේ ප්‍රමානෙ. අවුලක් නැහැ මාලිමාවෙ පුන්නක්කු කන සෙට් එක සතුටින් නම් එච්චරයි.

      Delete
  3. මෙහෙමත් ලොන්ත ආණ්ඩුවක්නම් දැක්කේ නෑ කවදාවත්. දවස් 3ක් ගිහින් ඕක පාලනය කරගන්න බැරිද.

    ReplyDelete
    Replies
    1. හොයල බලන්න ඕන මැරුනෙ කවුද කියලා. සමහර විට අර වසන්ත සමරසිංහලට චෝදනා කරපු අය, ගල් අඟුරු නඩු වල සාක්ශිකාරයො එහෙම ඉන්නවද දන්නෙත් නැහැ.

      Delete
  4. ගොටබයියගෙ කාලෙත් ඔය වගේම වුනා. එස්ටීඑෆ් පගරො ගැටුම් වැඩි වෙන විදියට දිගට හරහට වෙඩි තිබ්බ කියල ඒ දවස්වල කතාව ගියා. මේ වතාවෙ මොනව කළාද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මේ සැරේ අවම බලය උපරිමයෙන් කලා වගේම කරගෙනත් යනවා.මැරෙණ මරණ ප්‍රමාණය ගැන ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා.මේකට තම සිස්ටම් චෙන්ජ් කියන්නේ.

      Delete
  5. හිරකරුවන්ගේ ආරක්ශාව තියෙන්නේ ආණ්ඩුව අතේ. වැඩ බැරි ආරක්ශක ඇමති ඉල්ලා අස් වෙනු.

    ReplyDelete
  6. ඉතාම කණගාටුදායක පුවතක්. උපුල්දෙනිය හරි රාජපක්ෂල වත් ගාවල ෂේප් වෙන්ට බැරි වෙයිද?

    ReplyDelete
    Replies
    1. අපෝ සුලු දෙයක්. තිරුවාන ගල් පෙන්නලා අයිස් කියලා මිනිස්සුන්ව ඇන්දුව රටේ, පාස්කු ප්‍රහාරය ඇස් පනාපිටම මුස්ලිම් අන්තවාදීන් කරල තියෙද්දිත් රාජපක්ශලා පිටේ පටවපුවම ඒව විශ්වාස කරපු රටේ, ඕවට කතාවක් ගෙතුවොත් විශ්වාස නොකර ඉඳී කියල හිතනවද? සුපිරි ගොන් වහල්ලු සෙට් එකක් ඉන්න රටක් මේක. ඉන්දියාවෙත් නෑ මෙහෙම හරක්.

      Delete
  7. රාජපක්ෂ කෙනෙක් හිරේ yawamu.
    ප්‍රශ්නෙ ඉවරයි.

    ReplyDelete
    Replies
    1. නම පටවලා කතාවක් ගොතලා වට්ස් ඇප් ගෲප් වල දැම්ම නම්, ඒකෙ ඉන්න සමලිංගික ජෙප්පො ටික ලස්සනට ඕක පතුරුවලා දෙයි.

      Delete
  8. කවුද බන්දනාගාර ඇමතියා, අර බඩ තඩි තක්කඩියා නේද.
    පඩත්තල කමේ නම් කිසිම අඩුවක් නැහැ උගේ නම්.
    මේක මෙච්චර කෙල වෙලා තියෙද්දිත් මුකුත් කරේ නැතුව හිටියනේ මෙච්චර විනාශයක් වෙනකන්.

    ReplyDelete
  9. විපක්ශෙ මර්ධනය කර කර හිටියා, මෙහේ කෙල වෙනකන් දන්නෙම නැහැ.
    යහපාලන කාලෙත් ඕකම තමයි වුනේ.

    ReplyDelete
  10. ගහන්න අත්පුඩියක්

    ReplyDelete
  11. දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝටාභය නෙවෙයිද? පෝය දෙක පහුවුනාද? මතක නෑනේ

    ReplyDelete
  12. තීරණාත්මක ඹෟශධය කන්සා වගාව සහ භාවිතය වැඩිහිටියන් සඳහා නීත්‍යානුකූළ කිරීමට''අනතුරැ අඟවා බහුතර බළය හිමි රජයේ දේශපාළකයන්ගේ සහ බළධරීන්ගේ දැඩි අවධානය,.!July 6, 2026 at 10:46 PM

    'කන්සා අවනීතිය වහාම යාවත්කාළීන කරනු,.!' සමාජයේ අසහනය, විපරිත භාවය ඉච්චාභංගතවය වහාම සන්සුන් කිරීමට, බටහිර බලල් අත් වල කූඨ සහ විෂ මත්ද්‍රව්‍ය ජාළයන් වල ගොදුරැ බවට පත්වන තරැණ ප්‍රජාව මුදවා ගැනීමට'' තීරණාත්මක ඹෟශධය කන්සා වගාව සහ භාවිතය වැඩිහිටියන් සඳහා නීත්‍යානුකූළ කිරීමට''අනතුරැ අඟවා බහුතර බළය හිමි රජයේ දේශපාළකයන්ගේ සහ බළධරීන්ගේ දැඩි අවධානය,.!

    ''කන්සා වැනි අතිශයින් තීරණාත්මක ඹෟශධ'' සැලසුම් සහගත ලෙස තහනමට ලක්ර,.
    ජන සමාජයක් සම්පූර්ණයෙන්ම, විණාශ කළහැකි කෘතීම අයිස් හෙරොයින් ඇතුළුව අතිශයින් භයානක විෂ මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් රටවල් තුලට පොම්ප කරනා බවත්,.

    විෂ මත්ද්‍රව්‍ය තුලින් මුල් ජනයා විණාශකරනා බවත්,..

    අමෙරිකාව ප්‍රමුඛ බටහිර නාසිවාදීන් හරක්කටාගේ විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සිටිනා බවත්,..


    විෂ මත්ද්‍රව්‍යය ජාළයේ නොබිඳිය හැකි ශක්තිමත් පුරැක් වටා සූවිශේෂී සම්බනධතා පවතිනා බවත් ,..

    විෂ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වන ආකාරය නිරීකණය කිරීමේදී දත්ත සාකෂි සහතවම නිරීකෂනය වන බවත්,..

    බටහිර ප්‍රභළ පුද්ගලයන් ඇතුළු 'යු ඵස් අයිඩී' සංවිධානයේ බලල් අත් ලංකාවේ දේශපාලකයන්,වෙෙද්‍යවරැන් යැයි කියනා පිරිස, නීතීඥ ප්‍රජාවේ සුවිශ්ෂී පුද්ගලයන් ද ඇතුළුව පොලීසියේ ප්‍රධාන චරිත සමග සම්බනධ වී ''කන්සා තහනම රට තුල දිගටම පවත්වාගෙන යමින්,..
    " විශ මත්ද්‍රව්‍ය රට තුලට පොම්ප කරමින් බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් සක්‍රීය ලෙසට පසුතලයේ ක්‍රියාත්මක වන බවත්,.

    බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් ඍජුවම විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සක්‍රීය ලෙසටම ක්‍රියාත්මක වන බවට සබුද්ධික සැමගේ අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post