පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්ය හමුවක් අමතමින් එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
පසුගියදා අමාත්ය මණ්ඩල මාධ්ය ප්රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා රජයේ මාධ්ය හමුවේදී ප්රකාශ කළා, සුරේෂ් සලෙයි මැතිතුමා දුක් විඳින්නේ එයාගේ වරදින්, එයාට හැකියාව තිබෙනවානේ තමන් ගාව තිබෙන මුරපද ලබා දීලා මේ විමර්ශනයට සහය දෙන්න කියලා. ඇත්තෙන්ම, ඇත්තෙන්ම රජයේ මාධ්ය ප්රකාශකවරයා ලෙස ඇමතිතුමා යෝජනා කළේ නීති විරෝධී කටයුත්තක්. අපරාධ නඩු විධාන සංග්රහය අනුව, සැකකරුවෙකුට විමර්ශනයට සහය දෙන්න කියලා කිසිවෙකුට බල කිරීමට හැකියාවක් නෑ. ඒක නීති විරෝධී කටයුත්තක්. අන්න ඒ නීති විරෝධී කටයුත්ත තමයි නලින්ද ජයතිස්ස ඇමතිතුමා කළේ.
ඊයේ දිනයේ කොටුව මහේස්ත්රාත්තුමා තමන්ගේ ජංගම දුරකථනයේත් පරිගණකයේත් මුරපද රහස් පොලීසියට ලබා දෙන්න කියලා සුරේෂ් සලෙයි මැතිතුමාට නියෝග කරලා තිබෙනවා. අපි ඒ අධිකරණ නියෝගයට ගරු කරනවා. නමුත් ඒ අධිකරණ නියෝගය සමග එකඟ වෙන්නේ නෑ. මොකද, සමස්ත විශ්වයම පිළිගත් මූලධර්මයක් තමයි තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සැකකරුවන්ට සහය දෙන්නැයි බල කරන්න අධිකරණයටවත් අයිතියක් නෑ කියන එක. ඇත්තෙන්ම, හඳුනාගැනීමේ පෙරට්ටුවට සහභාගි වීමට නියෝග කිරීම හැරුණකොට සැකකරුවෙකුට විමර්ශනයේ කිසිම කටයුත්තකට සහය දෙන්න නියෝග කිරීමට හැකියාවක් නැහැ.
ඇත්තටම මම හිතනවා මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවට ගරු කරමින්, නමුත් අධිකරණ තීන්දුවට එකඟ නොවන නිසා සලෙයි මැතිතුමාගේ නීතිඥවරුන් මෙම නියෝගයට එරෙහිව අභියාචනා කරන්න කටයුතු කරාවි කියලා. මෙතැනදී සුරේෂ් සලෙයි මැතිතුමාට තමන්ගේ මුරපද පොලීසියට ලබා නොදීමට සාධාරණ හේතු හතරක් තිබෙනවා.
පළවෙනි හේතුව තමයි, ඔය කලින් කිව්ව ආකාරයට අපරාධ නඩු විධාන සංග්රහයට අනුව සැකකරුවෙකුට තමන්ට එරෙහිව කරන විමර්ශනයට සහය දෙන්න කිසිම බැඳීමක් නෑ. ඇත්තටම ඔහුට අවශ්ය නම් කිසිම ප්රකාශයක් නොදී නිහඬව ඉන්න පුළුවන්. වෙන රටවල් නම් "ඔබට නිහඬව සිටීමේ අයිතියක් ඇත. ඔබ යම් ප්රකාශයක් කළොත්, එය ඔබට එරෙහිව පාවිච්චි කිරීමට අපට සිද්ධ වෙනවා" කියලා අත්අඩංගුවට ගන්න මොහොතේම කියනවා. අපේ රටේ මොකක්ද කියන්නේ? අරන් ගිහිල්ලා දෙකක් ඇනලා කියනවා "කතා කරපිය, කියපිය වුනේ මොකක්ද" කියලා පහර දෙමින් බලහත්කාරයෙන් ප්රකාශ ගන්නවා. හැබැයි නීතිය කියන්නේ සැකකරුවාට අයිතියක් තියෙනවා විමර්ශනයට සහය නොදී නිහඬව ඉන්න.
දෙවැනි හේතුව තමයි, මුරපදය ලබා දෙන්න කියලා කවුරුහරි සුරේෂ් සලෙයි මැතිතුමාට බලපෑමක් කරනවා නම්, බලහත්කාරයක් කරනවා නම් , මේ නීතියේ කියනවා තාරකා දෙකක් කරන්න බෑ කියලා. එකක් බලපෑම් කරන්න බෑ, බලහත්කාර කරන්න බෑ. බලපෑම් කරනවා කියන්නේ "ඔයා මේක දුන්නොත්, ඔයාට හැමදාම නෝනාට කතා කරන්න අපි අවස්ථාව දෙන්නම්. ඔයාව අපි රජයේ සාක්ෂිකාරයෙක් කරගන්නම්. ඔයා මේ තොරතුරු ටික අපිට දුන්නොත් අපි ඔයාව මේ ඩී.ඕ එක ගහනවා වෙනුවට අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගතවෙන්න අර ඇප ලබාගන්න දෙන්නම්, ඇප ඉල්ලනකොට අපි විරුද්ධ නොවී ඉන්නම්" ඒ වගේ අල්ලස් දෙන්න හැකියාවක් නෑ.
එහෙම නැතුව තර්ජනය කරන්න, "තොපිට මීයෝ ගොඩේ බුදියගන්න වෙන්නේ, තොට කන්න දෙන්නේ රාබුයි බතුයි විතරයි, නිරුවත් කරනවා අනෙක් අය ඉදිරියේ" මේ වගේ කියලා තර්ජනය කරන්නත් බෑ. ඒ වගේම මොනවා හරි පෙළඹවීම් කරන්නත් බෑ. ඒක අයතු බලපෑමක් වෙනවා. මේ වන විට නලින්ද ජයතිස්ස ඇමතිතුමා, සිරිල් ගාමිණී පියතුමා ඇතුළු මාලිමාවේ මන්ත්රීවරු රැසක් මාධ්ය හරහා ඒ අයතු බලපෑම කරමින් ඉඳලා තියෙනවා. ඒ වගේම ඒ සියලු දෙනාම අයතු බලපෑම කියන වරද සිදු කරලා තිබෙන බව අපි සඳහන් කරන්න ඕනේ.
ඒ වගේම මුරපද ලබා නොදෙන තුන්වන හේතුව තමයි, මේ ජංගම දුරකථනයේ, ඒ වගේම පරිගණකයේ තමන්ගේ තොරතුරුකරුවන් පිළිබඳ සංවේදී තොරතුරු තිබීම. මම දැක්කා නලින්ද ජයතිස්ස ඇමතිතුමාත්, සිරිල් ගාමිණී පියතුමාත් ප්රකාශ කරනවා ඔහු දැන් විශ්රාමිකයි, විශ්රාම ගන්නකොට බුද්ධි තොරතුරු ආයතනයට බාර දී පැමිණිය යුතුයි කියලා; දන්න තරම තමයි. බුද්ධි තොරතුරු බාර දිය යුතුයි, හැබැයි බුද්ධි තොරතුරු දුන්න තොරතුරුකරුවන් පිළිබඳ විස්තර තියෙන්නේ අදාල නිලධාරියා ගාව පමණයි. තමන්ගේ ආයතනයේදී තමන්ගේ තොරතුරුකරුගේ නම ගම කියලා කියන්නේ නෑ, ඒ වෙනුවට පාවිච්චි කරන්නේ සංකේත නාමයක්. තමන්ගේ තොරතුරුකරුගේ නම ලියලා වාර්තාවල සඳහන් කරන්නේ නෑ. "අහවලාගෙන්" කියන සංකේත නාමයක් පාවිච්චි කරලා තමයි තොරතුරු දෙන්නේ. තොරතුරුකරුවන් අතර ඉන්න පුළුවන් සමහර වෙලාවට පෞද්ගලික විශ්වාසය මත තොරතුරු දෙන අය ඉන්නවා, බැඳීම් මත තොරතුරු දෙන අය ඉන්නවා. සමහර අය ගිහිල්ලා තොරතුරු ලබාගන්න කසාද කරගන්නවා, තොරතුරු ලබාගන්න ආයතන අස්සේ රැකියා කරනවා, තොරතුරු ලබාගන්න සංවිධානවලට බැඳෙනවා. මේ අය තමන්ගේ ජීවිතය පරදුවට තබා තමයි තොරතුරු ලබාදෙන්නේ. සමහර වෙලාවට බිරිඳ තමයි සැමියා ගැන තොරතුරු ලබාදෙන්නේ. පාස්කු ප්රහාරය පිළිබඳව ලොකු විශ්වාසයක් තිබුණානේ සාරා ජස්මින් තමයි හස්තූන් පිළිබඳ තොරතුරු ඉන්දීය බුද්ධි අංශවලට ලබාදුන්නේ කියලා. එහෙම අනන්තවත් ලෝකේ වෙලා තියෙනවා. "හනි ට්රැප්" (Honey trap) කියලා ඒකට කියන්නේ; පෙම්වතියන්, බිරිඳේවරුන් භාවිතා කරලා තොරතුරු ලබාගන්නවා. ඒ වගේමයි සමහරවිට තාත්තා එක්ක තරහට දුව තොරතුරු ලබාදෙනවා. තොරතුරු අංශ බුද්ධි අංශවලට දුන්නත්, දුවගේ හෝ බිරිඳගේ තොරතුරු අර නිලධාරියා ගාව පමණයි තියෙන්නේ. ඒවා හෙළිදරව් වීම අතිශයින්ම සංවේදියි. වසර 38ක් පුරාවට දැවැන්ත තොරතුරු ජාලයක් ගොඩනගා ගත්ත බුද්ධි නිලධාරියෙක් විදිහට එතුමාගේ දුරකථනයේ, ඒ වගේම පරිගණකයේ තොරතුරු තියෙන්න පුළුවන්. මම දැක්කා කවුදෝ කියනවා "ආ දැන් පරිගණකය ළඟදි ගත්ත එකක්, දුරකථනයත් එහෙමයි, එයා දැන් විශ්රාම අරන් ගොඩක් කල්නේ, ඒකේ කොහොමද ඒවා තියෙන්නේ" කියලා. මම හිතන්නේ පරිගණක, දුරකථන භාවිතා කරන අය දන්නවා, ඒ ඉස්සර කාලේ තමයි එහෙම වුණේ; දැන් අපිට පුළුවන් ක්ලවුඩ් (Cloud) එකකට සියලු තොරතුරු උඩුගත කරලා, අපි පරණ දුරකථනයෙන් අලුත් දුරකථනයට සියලුම තොරතුරු ගන්නවා. ඉස්සර වගේ එකින් එක ඇතුළු කරන්න ඕනේ නෑ. පරණ දුරකථනයෙන් අලුත් දුරකථනයට, පරණ පරිගණකයෙන් අලුත් පරිගණකයට සියලු තොරතුරු ගේනවා.
හතරවෙනි කාරණය ඉතාම වැදගත්; මේ මුරපදය රැකගන්න හදන්න, තමන්ගේ ජීවිතය පරදුවට තබා සලෙයි මැතිතුමා මේ මුරපදය රැකගන්න හතරවෙනි හේතුව අතිශයින්ම වැදගත්. ඒ තමයි මීට පෙර බුද්ධි තොරතුරු රහස් පොලීසිය අතට පත්වීමෙන් මහා විනාශයන් වීමේ තිත්ත අත්දැකීම් අපේ ඉතිහාසය පුරා ලියැවිලා තිබෙනවා. එයින් වඩාත්ම සමාජ ආන්දෝලනයක් ඇති කරපු කාරණය තමයි 2002දී සිදුවුණු මිලේනියම් සිටි පාවාදීම. ඔබ දන්නවා මේ අතුරුගිරියේ තියෙන මිලේනියම් සිටි කියන නිවාස සංකීර්ණයේ තිබුණා යුද හමුදා බුද්ධි අංශයේ ආරක්ෂිත නිවසක් (Safe house).
මෙතැන මේ අය උතුරේ මෙහෙයුම්වලට අවශ්ය කරන ආයුධ ද සියල්ල තියාගෙන හිටියා. මේ නිවසේ හැබැයි පොලීසිය මේ නිවස වටකරලා, මේවා අත්අඩංගුවට අරන් රටට කිව්වා "අගමැතිතුමා මරන්න යුද හමුදා බුද්ධි අංශය සැලසුම් කරමින් සිටියදී අපි අත්අඩංගුවට ගත්තා" කියලා. කරලා මේ බුද්ධි අංශවල ඉන්න නිලධාරීන්ගේ තොරතුරු සියල්ල බී වාර්තා හරහා ප්රසිද්ධ කරා. ප්රතිඵලය මොකක්ද? ලංකාව බිහිකළ විශිෂ්ටතම බුද්ධි නිලධාරියෙක් වෙන කර්නල් තුවාන් මුතාලිෆ් මැතිතුමා ඇතුළු බුද්ධි නිලධාරීන් සහ තොරතුරුකරුවන් 73ක් කොටි සංවිධානයට බිලිවීමයි.
මම ඉතාම ආඩම්බරයෙන් කියනවා, ඒ තුවාන් මුතාලිෆ් කියන්නේ මගේ පාසල බිහිකරපු විශිෂ්ට රණවිරුවෙක්. ඒ විතරක් නෙවෙයි, ඒ මහා පාවාදීමෙන් පස්සේ අපේ බුද්ධි අංශ පොල්වල්ල උස්සලා පොළොවේ ගැහුවා වගේ සීසීකඩ ගියා. දැන් පොලීසිය පස්සෙන් එනවා බුද්ධි අංශ නිලධාරීන්ගේ. එතකොට බුද්ධි අංශ නිලධාරීන් සීසීකඩ විසිරිලා ගියා. එතනට නායකත්වය දුන්න හමීඩ් නිලාම් කියන නිලධාරියා ලංකාවෙන් විදෙස්ගත වුණා, විදෙස්ගත වුණාමයි, අදටත් ලංකාවට පැමිණ නැහැ.
අපි මිලේනියම් සිටි පාවාදීම අවස්ථාවෙත් අපි රණවිරුවන්, බුද්ධි රණවිරුවන් වෙනුවෙන් හුදකලා සටනක් කළා. ඒ කාලේ මම සිහල උරුමයේ ප්රචාරක ලේකම්. ඒ අපි එදා ඔවුන් වෙනුවෙන් කරපු සටනට කළගුණ සලකන්න ඒ නිලධාරියා අදටත් අපෙත් එක්ක සබඳතා පවත්වන් යනවා. නමුත් ඇතිවෙච්ච කලකිරීමට වසර විසි ගණනක් ගිහිල්ලා, ඒ සිදුවීම වෙලා වසර 24ක් වුණත් අදට ලංකාවට අඩිය තියන්නවත් එන්න කැමති නැහැ.
මේ කාරණා මත සුරේෂ් සලෙයි මැතිතුමාට තමන්ගේ මුරපද ලබා නොදීමට සාධාරණ හේතු තිබෙන බවයි අපි විශ්වාස කරන්නේ. නමුත් අධිකරණය නියෝගයක් ලබා දුන්නම, අධිකරණ නියෝගයක් හරි වුණත් වැරදි වුණත් අපි බැඳිලා ඉන්නවා එයට ගරු කරන්න; ඉංග්රීසියෙන් කියනවා "කම්ප්ලයි ඇන්ඩ් කම්ප්ලේන්" (Comply and complain). මුලින්ම ඒකට අනුගත වෙලා ඊට පස්සෙයි ඒ දොසක් තිබෙනවා නම් ඒ ගැන පැමිණිලි කළ යුත්තේ. ඉතින් සුරේෂ් සලෙයි මැතිතුමාගේ නීතිඥවරුන් මේ පිළිබඳව කඩිනමින් ක්රියා කරනවා ඇතැයි අපි විශ්වාස කරනවා.

එතකොට තමා වරද කරුද නිවැරදි කරුද කියලා හැම නඩුවක් ම පටන් ගන්නකොට අදාල චූදිතයාගෙන් විමසීම ම නීති විරෝධී විය යුතුයි. මොකද යම් කෙනෙකුගෙන් වරද කරු දැයි ඇසීම, තමන් වරද කල බවට ස්ව-සාක්ෂියකින් පිළි ගැනීමට බල කිරීම හා සමාණයි. මොකද උසාවියට අසත්ය පැවසීම තවත් වරදක්.
ReplyDeleteඒ වගේම තමයි වරදක් සම්භන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වලදී අදාල පුද්ගලයන් ඕනෑම කෙනෙකුට පරීක්ෂණයට අදාල සාක්ෂි සටහන් කර ගැනීම සඳහා අවශ්ය වන නියෝග නිකුත් කල හැකියි. උදාහරණයක් ලෙස කෙනෙකුගේ නිවසට හොරෙකු ඇතුලු වූ විට, නිවසේ දොරෙහි අදාල හොරාගේ ඇඟිලි සළකුණු තිබේදැයි පරීක්ෂ කිරීමට එම දොරගුලු ලබාදීම ගෙහිමියා විසින් ප්රතික්ෂේප කලහොත්, ඒවා ලබා දීමට නියෝගයක් නිකුත් කල හැකියි. මේ අවස්ථාවේදී අදාල හොරා ගෙහිමියාම නම් (උදාහරණයක් ලෙස රක්ෂණ වන්දි ලබා ගැනීමට සිදු කර හොරකමක්, තමන් සේවය කරණ ආයතනයේ රියදුරෙකු හෝ බෙදාහැරීමේ නියෝජිතයකු සිය නිවස තුළදී තම ආයතනයේ බෙදා හැරීමට තිබෙන බඩු සොරකම් කිරීමක්) එවිට, අදාල පුද්ගලයාත්, චූදිතයාත් එකම පුද්ගලයෙක්. එවන් අවස්ථාවල සාක්ෂියට අදාල පුද්ගලයා වෙත දෙනු ලබන නියෝගයක්, චූදිතයාට දෙනු ලබන නියෝගයක් ලෙස නිර්වචනය කිරීම වැරදි සහගතයි, පුද්ගලයාත්, චූදිතයාත් එකම පුද්ගලයෙක් වුණත්.
මේ පාස්කු ප්රහාරය සම්භන්ධ නඩු අවස්ථාවේදී ද, නඩුවට අයත් සාක්ෂි සටහන් කර ගැනීම සඳහා අදාල පුද්ගලයාත්, චූදිතයාත් එකම පුද්ගලයෙක්. එබැවින් එම නියෝගය කිසි සේත් නීති විරෝධී නියෝගයක් නෙවේ.
උඹ මොකෙක්ද බං ගම්මන්පිල කියන දෙ වැරදියි කියන්න. උඹ ජේවීපී එක වෙනුවෙන් දවසට 2500 ගානේ කුලියට කොටන එකෙක් විතරයි. හීනමාන කොටළු වෝ උඹලා
Deleteමචං පතිරණ, මෙතන කවුරුවත් ඒ නඩුකාරයාගේ තීන්දුව නීති විරෝධියි කියල නෑ. මගේ උගත් නීතීඥ මහතා කියල තියෙන්නෙ චූදිතයට බලපෑම්
Deleteකරන්ඩ බැහැයි කියලයි. නොදන්න පුකවල් ප්රසිද්ධියේ කියන්ඩ ගිහින්ල අපිවත් දෙකේ කොලේට දාන්ඩ එපා බං.
මෝඩ බූරුවෝ, මම ලියලා තියෙන දේ කියවපිය, ගම්මන්පිළයා තොපිව අන්දලාමත් නෙවේ, මෝඩ ගම්මන්පිළයා ට නීතිය හරියට මතක නෑ දේශපාලනය දිගටම කරන්ඩ ගිහින්. චූදිතයා සහ සාක්ෂිකරු එකම වෙන අවස්ථාවක, සාක්ෂිකරුට කරණ නියෝගය, චූදිතයාට කරණ ලද නියෝගයක් ලෙස අර්ථනිරූපණය කිරීම වැරදි බව තමයි මම තොපිට පැහැදිලි කරලා දෙන්නේ. ඉගෙන ගනින්, ගම්මන්පිළයාගේ ලණු කන් නැතුව.
Deleteපතිරණ හිපාටුවා මානසික රෝගියෙක් නිසා ඌට අනුකම්පා කරන්න.
Deleteshah rukh khan case eka eliyata enna lagayi wage
ReplyDeleteඔබේ ඔව් ෂාරුක් ඛාන් ට බොම්බේ ගැහුවේ ගම්මන්පිල ගෙ මිත්රයෙක් මට ඇමරිකාවේ ඉන්න සාක්ෂි කාරයෙක් හම් බ උනා වේගාස් වල team එකක් පොකට් money එක්ක සතියකට යවන්න ඕනා සාක්ෂි ගන්න
Delete