ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයකට මේ දිනවල බලපා ඇති දැඩි උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙන්, එරට වැසියන් වායුසමීකරණ යන්ත්‍ර මිලදී ගැනීමට විශාල වශයෙන් පෙළඹී ඇති බව වාර්තා වේ.
සාම්ප්‍රදායිකව ප්‍රංශයේ නිවාසවල වායුසමීකරණ යන්ත්‍ර භාවිතය ඉතා අවම මට්ටමක පැවතියද, වර්තමානයේ පවතින අධික උෂ්ණත්වය හමුවේ එම තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් පවතී.
ප්‍රංශයේ ප්‍රධාන නගර රැසක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ හේතුවෙන් විදුලි උපකරණ අලෙවිසැල් ඉදිරිපිට පාරිභෝගික පෝලිම් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇතැම් ස්ථානවල වායුසමීකරණ මිලදී ගැනීමට පැමිණි පිරිස් අතර ගැටුම්ද ඇති වී තිබේ.
විශේෂයෙන්ම, මීට පෙර වායුසමීකරණ යන්ත්‍ර අනවශ්‍ය යැයි සැලකූ ප්‍රදේශවල පවා මේ වන විට ඒවායේ හිඟයක් නිර්මාණය වී ඇති අතර, පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට වෙළෙඳ ආයතන දැඩි උත්සාහයක නිරත වේ. බොහෝ පාරිභෝගිකයින් පවසා ඇත්තේ නිවෙස් තුළ රැඳී සිටීම පවා අපහසු වන තරමට උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, මෙම උපකරණ මිලදී ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවයි.
European Heatwave Drives Surge in Air Conditioner Purchases
In light of a severe heatwave affecting several European countries, including France, citizens are reportedly rushing to buy air conditioning units in unprecedented numbers.
Traditionally, the use of air conditioning in French homes has been minimal; however, the current extreme temperatures are rapidly changing this trend, pushing many residents to seek relief from the sweltering conditions.
Major cities across France have recorded significant temperature increases, leading to long lines of consumers outside electronics stores. Reports from international media indicate that some locations have even seen disputes among buyers eager to secure cooling units.
Notably, areas that previously regarded air conditioning as non-essential are now facing shortages, prompting retailers to work diligently to meet the surging demand. Many consumers report that the rising temperatures have made staying indoors uncomfortable, thus making the purchase of these devices essential for daily living.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කොටාගෙ සාපය තියෙන්නෙ. උගෙ සංචාරය අවලංගු කෙරුවොත් ඕක සමනය වෙලායයි.
ReplyDeleteඅනිවා. ඒක ඇත්ත.
Deleteපින්ටූරෙය් ඉන්න ගෑනි ගැරඩියෙක් වගේ
ReplyDeleteඋසි...උසි..නිවුස්
ReplyDeleteබොරුවක්. බොරු වීඩියෝවක්. කැමති උන් රැවටියව්.
ReplyDeleteTv එකෙත් ෆොරින් නිව්ස් වලට පෙන්නුවා. මුන් පිස්සො වගේ දගලන්නෙ . ඒක වෙන වීඩියෝ එකක්.
Delete