2029ත් ජනාධිපති අනුරයි.. දැන් ඡන්ද දෙගුණ තෙගුණ වෙලා..


 වත්මන් රජය මාස හයකින් ඇද වැටෙනු ඇතැයි අනාවැකි පළ කළ විපක්ෂයේ කණ්ඩායම්වලට දැන් 2029 වසරේ ජනාධිපතිවරණය ගැන කතා කිරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පිරිස් එදා මාලිමාවේ ආණ්ඩුවට අත්දැකීම් නොමැති බව පවසමින් විවිධ මත ප්‍රකාශ කළ ද, අද වන විට එම සියලු තර්ක බිඳ වැටී ඇති බවයි.

"මාස හයෙන් හයට ආණ්ඩුව පෙරළන්න බලාගෙන හිටපු අය දැන් 2029 ජනාධිපතිවරණය ගැන හීන දකිනවා. පඳුරකට පයින් ගැහුවත් දැන් 2029 ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවා. ඒ අයට දැන් තියෙන්නේ දිවුරුම් දෙන්න විතරයි වගේ තමයි හැසිරෙන්නේ," යනුවෙන් ඔහු උපහාසාත්මකව සඳහන් කළේය.

රජය කෙරෙහි පවතින මහජන විශ්වාසය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බවත්, 2024 මැතිවරණයේදී අවිශ්වාසයෙන් හෝ බියෙන් මාලිමාවට ඡන්දය ලබා දුන් පිරිස් මෙන්ම ඡන්දය ලබා නොදුන් පිරිස් ද දැන් රජය වටා රොක් වෙමින් සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.

විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ වතුකරයේ ජනතාවගේ වැටුප් හා නිවාස ප්‍රශ්න විසඳීමට රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් එම ප්‍රදේශවල ද රජයට විශාල සහයෝගයක් ලැබෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

රටේ සමස්ත ජනතාවගේ ප්‍රශ්න විසඳන ජනතාවාදී ආණ්ඩුවක් ලෙස මාලිමාව ඉදිරියට යන බවත්, ඒ අනුව 2029 වසරේදී ද අනුර කුමාර දිසානායක මහතා නියත වශයෙන්ම ජනාධිපතිවරයා ලෙස තේරී පත්වනු ඇති බවත් සුසන්ත කුමාර නවරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





Opposition Predictions of Government's Downfall Shift Focus to 2029 Presidential Elections

Susanta Kumara Navaratna, a member of parliament, has revealed that following predictions of the current government's collapse within six months, the opposition now finds itself discussing the presidential elections scheduled for 2029.

Addressing the media, Navaratna noted that despite various members of the opposition, including Sajith Premadasa, initially claiming the government lacked experience, all such arguments have now fallen apart. He remarked with a hint of sarcasm that those who were eagerly anticipating a government change within months are now fixated on dreams about the next presidential election.

"The same people who once aimed to topple the government in six months are now contemplating candidates for the 2029 elections. It seems their only priority now is to take oaths as presidential aspirants," he quipped.

The Minister emphasized that public confidence in the government is growing daily. He highlighted that both supporters and those who had previously withheld their votes are now rallying around the government in anticipation of the upcoming 2024 elections.

He pointed out that initiatives undertaken by the government to address wage and housing issues, particularly in the Northern, Eastern, and plantation regions, are garnering substantial support from the populace in those areas.

Navaratna assured that the government is committed to tackling the overall issues faced by the citizenry, positioning the Malima administration as a people-centered government. He confidently predicted that Anura Kumara Dissanayake will undoubtedly be elected as president in 2029.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. බලයේ සිටින ජනාධිපති කෙනෙක් පරද්දන්න ගොඩක් අමාරුයි. නමුත් අද ඡන්දයක් තිබ්බොත් ලපයාට ඇපයත් නැතුව ගෙදර යන්න වෙනවා.

    ReplyDelete
  2. දෙගුණ / තෙගුණ කථා දන්නේ ඔයාලා නේ.... ඒත් ඊළඟ ජන්දේ අනුර ලොවෙත් දිනනවා. ඒක ෂුවර්... අනුර ළඟට එන්නවත් තාම කෙනෙක් නැහැ. ඒක සහතික ඇත්ත​!

    ReplyDelete
  3. බොරු නෙවෙයි. අනුර ජන්ද 1කින් හරි අනිවා දිනනවා. ඒක ඕන කෙනෙක්ට කියන්න පුළුවන්!

    ReplyDelete
  4. මේ යන විදියට අනුර ශුවර් එකටම දිනනවා. හැබැයි උඹලා කට වහගෙන හිටියොත් අනුරට තවත් හොඳයි.

    ReplyDelete
  5. ඔයා කියන විදියට නෙවෙයි. හැබැයි යථාර්තය නම්, අනුර දිනනවා.

    ReplyDelete
  6. දෙව්දත් තෙරුන් හිතා හිටියා සම්බුදු රජුන් ඝාතනය කළාම සමබුදු වෙන්න පුළුවන් කියා. ඒ දෙව්දත් තෙරගේ හිතේ තරම;

    මේ මේ අයගේ හිතේ තරම, "2029ත් ජනාධිපති අනුරයි.. දැන් ඡන්ද දෙගුණ තෙගුණ වෙලා.."

    රෝහණ විජේවීර හිතා හිටියා 71 කැරැල්ල දින්නාම රාජ්‍ය ඔවුන් අතේ කියා; 88 කාලයේ ද හිතා හිටියා දළදා මාළිගාවට ද පහර දී රාජ්‍ය බලය ගන්න පුළුවන් කියා. අවසානයේ දිට්ඨධර්මවේද්‍ය විපාකය පල දුන්නා ඇස්පනා පිටම;

    මමෙහෙමත් බොරු කියපු පක්ෂයක් හා නායකයෙක් ලෝක ඉතිහාසයේ නැහැ (දැනට ලිඛිත ඉතිහාසයේ)

    එසේ ම පවට බය නැති කම ද ඇත. පව් කිරීමට බය නැති කම නිසා මහනුවර දළදා මන්දිරයට පහර දෙනවා; කොහොම ද වැඩ; හොර බොරු නැති අවංක මිනිස්සු නම් බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ නඩුව ගේන්න එවිට බලා ගන්න පුළුවන් කාටත් වෙන දේ ඇස්පනා පිට; බොරුකාරයෝ ද නැද්ද යන වග;

    ReplyDelete
  7. ඉක්මනට ජන්දය තියමු නේද දැන් හොඳම වෙලාව.

    ReplyDelete
  8. පචයෝ මොන ඡන්දෙ තිබ්බත් පරාදයි .. පළාත් සභා මැතිවරණය අදින්නේ ඇයි ? තියපල්ල ඉක්මනට .. දෙගුණ තෙගුණ බලා ගන්න

    ReplyDelete
Previous Post Next Post