ආණ්ඩුවෙන් තර්ජනය කරනවා.. එනිසා සාකච්චා කල් දානවා...- නීතිඥ සංගමය


යෝජිත විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ හමුව කල් දමන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටී.

නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා විසින් විපක්ෂ නායකවරයා වෙත යොමු කරන ලද විශේෂ ලිපියක දැක්වෙන්නේ, පාර්ලිමේන්තුව තුළ රජය ක්‍රියා කළ ආකාරය සහ ඔවුන් පළ කළ තර්ජනාත්මක ස්වරූපය (Expressed threat) හේතුවෙන් මෙම දැනුවත් කිරීමේ හමුව පැවැත්වීමට සුදුසු පරිසරයක් නොමැති බවයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම ජාතික වශයෙන් වැදගත් කරුණක් වුවද, රජයේ පාර්ශවයෙන් එල්ල වන බලපෑම් හමුවේ ඒ සඳහා පොදු එකඟතාවක් හෝ ද්විපාර්ශ්වික සහභාගීත්වයක් අපේක්ෂා කළ නොහැකි බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම රජය සිය මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාව ලබා දීමට උනන්දුවක් නොදක්වන බවත්, පවතින තර්ජනාත්මක වාතාවරණය හමුවේ රජයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ නොහැකි බවත් එම ලිපියේ සඳහන් වේ.

විපක්ෂය දැනටමත් මෙම සංශෝධනයට සිය දැඩි විරෝධය පළ කර ඇති අතර, නීතිඥ සංගමය අවධාරණය කරන්නේ මෙම දැනුවත් කිරීමේ හමුව වඩාත් වැදගත් වන්නේ රජයේ මන්ත්‍රීවරුන්ට මෙම කරුණ පිළිබඳව වෛෂයිකව කරුණු වටහා ගැනීමට බවයි.

එබැවින්, ආණ්ඩුවේ බලපෑම් සහ බාධා කිරීම් මධ්‍යයේ මෙම හමුව පැවැත්වීම පලක් නොවන බැවින්, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ යන දෙපාර්ශවයේම සහභාගීත්වය සහතික වන තෙක් එය කල් දමන ලෙස නීතිඥ සංගමය විපක්ෂ නායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙවැනි දැනුවත් කිරීමේ හමුවක් යෝජනා කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාට ස්තූතිය පළ කරන නීතිඥ සංගමය, එය ව්‍යවස්ථාදායක විවාදයකදී ඉතා ප්‍රගතිශීලී පියවරක් වුවද ආණ්ඩුවේ වර්තමාන හැසිරීම හමුවේ එය කල් දැමීම උචිත බව දන්වා තිබේ.






Legal Association Calls for Postponement of Meeting on Constitutional Amendment

The Bar Association of Sri Lanka has requested the Leader of the Opposition, Sajith Premadasa, to postpone a planned meeting aimed at informing parliamentarians about the proposed constitutional amendment to extend the retirement age of judges.

In a special letter addressed to the Opposition Leader, Bar Association President Rajiv Amarasuriya highlighted the current tense atmosphere within Parliament, indicating that it does not provide a suitable environment for such discussions, given the government's approach and the threats expressed.

While acknowledging the national importance of informing lawmakers from both the governing and opposition parties about the amendment, the Bar Association pointed out that achieving consensus or bipartisan cooperation under the prevailing governmental pressures seems unlikely.

The letter also emphasized that the government has shown little interest in facilitating this opportunity for its parliamentarians, rendering their participation uncertain amid the existing climate of intimidation.

Having already expressed strong opposition to the amendment, the opposition party underlined that the primary objective of such an informative session is to ensure that government legislators fully comprehend the implications of the proposed changes.

Therefore, citing the lack of meaningful engagement amidst governmental influence and disruptions, the Bar Association has called on the Opposition Leader to defer the meeting until there is a guarantee of participation from both sides of the aisle.

While thanking the Opposition Leader for the initiative, the Bar Association noted that despite it being a progressive step within a constitutional discourse, postponement is warranted due to the current conduct of the government.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. වර්තමාන ආණ්ඩුව කියන්නෙ උප්පත්තියෙන්ම මාරාවේෂ කෙබර කොටාට නිසා හැමෝම බයයි.

    ReplyDelete
    Replies
    1. ඡයතිස්ස බිමල් විඡයපාල වටගල හිට්‍ලර්ගේ කංඩායමේ ලොක්කන්ගේ ගෝරිං ගොබල්ස් වගේ දරුණු මුහුණු නේද?අනුරගේ කිසි හැඟිමක් නැති මුහුණ හිට්ලර් වගේම නේද?

      Delete
  2. අමරසූරියට කොහොමත් මේ සටන අරගෙන යන්න බෑ. දැනටමත් සුදු කොඩි උස්සලා. මේ වගේ අවස්ථාවක තමයි H L De Silva (PC), Desmond Fdo (PC), Ranjith Abesuriya (PC) වගේ පතාක යෝධයෝ මතක් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඩෝබියෙක් විදියට වගකීමෙන් කොමෙන්ට් කරන්න කියන්නත් බෑ. හැබැයි ඩෝබියා පිටිපස්සෙ ඉන්නෙ මනුස්සයෙක් කියල තේරුණහමවත් මොලයක් ඇතුව වැඩ කරපං

      Delete
    2. ☝️උඹේ පිටිපස්සේ ඉන්නේ අං දෙකක් සහිත සිව් පා සතෙක් නිසා උත්තර දෙන්න හිතුනත් වැඩක් නෑ කියලා ආයෙ හිතුවා.🤐

      Delete
  3. surasena iwath kara ganna horu widina duka .....paw appa hire nogihin inna ne duk widinne...

    ReplyDelete
  4. එදා ගෝථාභය ට හිට්ලර් කිව්වට, දැන් තමයි හිට්ලර් සේනාව ඇවිල්ලා තියෙන්නේ.

    ReplyDelete
  5. විපක්‍ෂයේ සිටින ප්‍රබලම දේශපාලනඥයන් දෙදෙනකුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය කළ බව අත්අඩංගුවේ සිටින මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තා හෙළි කර ඇත.
    මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට වැය කළ මුදල් ප්‍රමාණය කොතෙක්දැයි මේ වන විට හෙළි කර නැත. මැතිවරණ ප්‍රචාරණයන් සඳහා එක් දේශපාලනඥයකුට බස් 50 ක් ද ලබා දී තවත් විශාල මුදල් ත්‍යාගයක් ද පිරිනැමූ බව මොහු පවසා ඇත

    ReplyDelete
Previous Post Next Post