ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, එය මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.
මෙම යෝජිත සංශෝධනය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ද දීර්ඝ කිරීමට අපේක්ෂා කෙරේ.
අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ප්‍රමාදයන් අවම කර ගැනීම සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ අත්දැකීම් හා සේවය අඛණ්ඩව ලබා ගැනීම මෙම පියවරෙහි මූලික අරමුණ බව රජය පෙන්වා දෙයි. විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම හරහා අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැකි බව රජයේ විශ්වාසයයි.
කෙසේ වෙතත්, මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු බලපෑම් එල්ල විය හැකි බව පවසමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විවිධ පාර්ශ්වයන් මේ වන විටත් සිය දැඩි විරෝධය පළ කර ඇත. මෙම සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් විය හැකි බවට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද චෝදනා කරයි.
මෙම විරෝධතා මධ්‍යයේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට දේශපාලන හා නීති ක්ෂේත්රයන්හි දැඩි කතාබහට ලක්ව ඇති කරුණක් බවට පත්ව තිබේ.
Proposed Constitutional Amendment to Raise Retirement Age for Judges to Be Presented in Parliament
The 22nd constitutional amendment bill aimed at increasing the retirement age for Supreme Court and Court of Appeal judges is set to be presented in Parliament tomorrow, the 18th. The bill has already been included in the parliamentary agenda.
Under the proposed amendment, the retirement age for Supreme Court judges will rise from 65 to 67 years, while the retirement age for Appeal Court judges will increase from 63 to 65 years.
The government emphasizes that this step is intended to reduce delays in the judicial system and to ensure a consistent flow of senior judges’ expertise and service. There is confidence that extending the service period for judges will enhance the efficiency of judicial proceedings.
However, the Sri Lanka Bar Association and various stakeholders have expressed strong opposition, arguing that this constitutional amendment could directly impact the independence of the judiciary. Opposition political parties have also raised concerns, claiming that the amendment poses a threat to judicial independence.
The proposal, surrounded by controversy, has sparked intense discussions within political and legal circles as the bill approaches its presentation in Parliament.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නියමයි! විය යුත්ත එයයි!
ReplyDeleteපාර්ලිමේන්තුව, අධිකරණය, සහ විධායකය ජෙප්පො අතට පත්වුණාම රට ඉවරයි.
ReplyDeleteOw ithin Ubala Makabawiyalla..Kohomath hire yanna ne inne
Deleteඅති උකුම් (බබා) පචරාල. මීට බංකු බංකු.
ReplyDeleteElakiri News.....Bayyonta Aba saranai
ReplyDelete