22 සංශෝධනය ගේන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමට විය හැකියි...


 රජය 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමට විය හැකි බව නීතිඥ ගාමිණී අල්විස් පැවeසීය.

දැන් යුද්ධයක් නැතත් ඩයස්පෝරාවට ඇති තරම් මුදල් පෙර පරිදිම ලැබෙන බැවින් අදාළ මුදල් රඳවා ගැනීමටනම් ඔවුන් ප්‍රතිඵල පෙන්විය යුතු බවත්, ඒ අනුව විය හැකි දේ කල්පනා කර බැලිය යුතු බවත්, ඔහු කීය.

"අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කරමු" යැයි SOS සංවිධානය විසින් අධිකරණයේ ස්වාධීනත්වය, ජනතා පරමාධිපත්‍යය සහ 22 වැනි සංශෝධනය තේමාව කර ගනිමින්, විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සම්මේලන ශාලාවේ පැවැති මහජන සභාව සම්මන්ත්‍රණය අමතමින් නීතිඥවරයා මෙම අදහස් පළ කළේය.

" සාමාන්‍ය මිනිස්සුන්ට මේ රටේ යුද්ධයක් තිබුණත් නැතත්, රටේ තිබුණු පුරාවිද්‍යාත්මක ස්මාරක ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. පන්සල් ගැන ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. ලංකාවේ තියෙන සියලුම පුරාවිද්‍යා ස්ථාන සිංහල බෞද්ධ, දෙමළ හෝ මුස්ලිම් නොවේ. ඒවා මේ රටේ මේ රටේ සියලුම මිනිස්සුන්ට අයිති දේවල්. පුරාවිද්‍යා ස්ථානයක් කියලා කියන්නේ මානව සමාජයට අයිති දෙයක්. එහෙම ස්ථානයක් ඩෝසර් කළොත් දවසක් එළි වෙද්දි ආයෙමත් ඒක හදන්න බැහැ. සමහර වෙලාවට ඒ පුරාවිද්‍යා ස්ථානයේ තියෙන්නේ අපේ මානව ශිෂ්ටාචාරයේ වැදගත්ම කාරණයක් වෙන්න පුළුවන්.

ඒ නිසා 22 වැනි සංශෝධනය කියලා කියන්නේත් එවැනි අනතුරකට අත වනන එකක් බව අපි තේරුම් ගත යුතුව තියෙනවා.

මේ සංශෝධනය ගේන්න හදනකොට ඇයි රටක නායකයෙක් "මගේ තනතුර නැති වුණත් මම මේක ගේනවා" කියලා කියන්නේ? "මම අවදානමක් ගන්නවා" වගේ ප්‍රකාශ කරන්නේ ඇයි. මේ දෙය පුංචි දෙයක් වගේ නෙමෙයි එතනදී පේන්නේ. ඒ වගේම අධිකරණයේ මේ වන විට විනිසුරු ධුර හතරක් හිස්. නමුත් ඒ පුරප්පාඩු පුරවන්නේ නැහැ. පුරප්පාඩු පිරවීමට කල් මරන්නේ 22 වන සංශෝධනය අවසන් වෙනකම්.

දැන් ආණ්ඩුවේ වැරැද්දක් පෙන්නුවොත් කියන්නේ, කිය කියා ඉන්නේ නැතුව යන්නකෝ උසාවි කියලයි.ඒ තරම් විශ්වාසයි. ප්‍රතිඵලය සහතිකයි. තීන්දුව අතේ! ඒකනෙ මේ කියන්නේ. 22 වන සංශෝධනය කියන්නේ මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙනියන පියවරක්." යැයි ද නීතිඥ ගාමිණී අල්විස් මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ගයාත්‍රි ගීගනආරච්චි





Concerns Raised Over 22nd Constitutional Amendment Amid Diaspora Involvement

The Sri Lankan government may introduce the 22nd Constitutional Amendment in response to demands from the Tamil diaspora, according to legal expert Gamini Alvis. He highlighted that while the war is over, the financial contributions from the diaspora continue at previous levels, necessitating that these funds yield tangible results.

Speaking at a public forum organized by the SOS organization, which focused on the independence of the judiciary and the people's sovereignty, Alvis emphasized the seriousness of the situation. He noted that despite the absence of conflict, the preservation of archaeological heritage has never been a contentious issue. "The existence of all archaeological sites in Sri Lanka belongs to everyone—whether Sinhalese, Tamil, or Muslim," he remarked. He stressed that these sites constitute a shared heritage crucial to human society.

Alvis warned that any threats to such heritage, including the proposed amendment, must be taken seriously. He questioned the motivations behind a leader’s commitment to pursue the amendment at the cost of their own position, suggesting that the implications are far-reaching and not trivial.

In a pointed observation, he noted that the judiciary currently has four vacant positions, yet these remain unfilled, with delays intentionally aimed at extending until the conclusion of discussions on the 22nd Amendment. He expressed confidence that if any government misstep occurs, it would not go unchallenged, emphasizing that the results of such actions are clear. "The decision is in their hands; the 22nd Amendment is a step toward perpetuating this state of affairs," Alvis asserted.

Reported by Gayathri Geeganaarachchi



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. ජයලත් දුරයගෙ චමින්ද ජයලත්August 22, 2026 at 6:05 AM

    රජය 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමට කියන එක පහේ පන්තියේ ලමයෙකුට වුනත් තේරෙනව.
    ඒක එහෙම නෙමෙයි කියල කොටා බබාහුකුම් දාන්නෙ අනික් මිනිස්සු මෝඩයෝ කියල හිතාගන වෙන්ඩ ඇති.

    ReplyDelete
    Replies
    1. අර්ජුනා ප්‍රසිද්ධියේ කිව්ව ජර්මනියේ ඉන්න නදියාවන් නමැති දෙමල කොටි නායකය අනුර කුමාරගේ ඡන්දෙ වියදමට විශාල ඩොලර් ප්‍රමාණයක්
      දුන්න බව ඒ කොටි නායකයා තමන්ගෙ මූනටම  කිව්වයි කියල. සල්ලිත් ගත්තනම්, කොටින්ගෙ ඡන්දත් ගත්තනම් දැන් ඉතින් උන්ගෙ පදේට
      නටන්ඩම වෙනව. 

      Delete
    2. Ane Pala Pako Yanna..Gihi owa Acchi ta kiyapan

      Delete
    3. ඈ බොල සුනඛයෝ ආච්චි කිව්වෙ කොටාගෙ අම්මටද, නැත්නම් උගෙ පුංචම්මටද? උන් දෙන්නමනම් ආච්චිල තමයි. 

      Delete
    4. ඔබ හරි..ඉතා නිවැරදියි...පරම සත්‍යය......

      Delete
    5. කෝ අපේ සිංහළ බෞද්ධයෝ මූංට රැවටිලා සිස්ටම් චේන්ඡ් එකකට කියා ඡන්ද දුන් කට්ටිය? ලැඡ්ඡයි නේද දැන් මුංට ඡන්දය දුන්නාවත් කියන්න.මුංට තවම හොඳයි කියන්නේ සමලිංඟිකයෝ හා ෆාස්ටර්ගේ කට්ටිය.මහානායක ස්වාමින් වහන්සේලා එපා කීව කිසිම දෙයක් මෙතෙක් මොන ඡනාධිපති කෙනෙක්වත් කරලා නැහැ.එහෙම කරන්න පුලුවන් අන්‍යආගමිකයෙකුට හරි වෙන්න ඕනෑ නැත්නම් දෲඩ මාක්ස්වාදිකුට ත්‍රස්තවාදියෙකුට විතරයි නේද .

      Delete
  2. පැහැදිලිවම ඇත්ත මේක තමයි.

    ReplyDelete
  3. විය හැකියි නෙමේ, ඔව්. 22 ගේන්නේ ෆෙඩරල් කරන්න මුල් පියවර විදියට.
    ඉස්සෙල්ලාම 22 ගෙනත් ආන්ඩුවේ තීන්දු අධිකරණයේ කියවන විනිසුරෙක් ඉන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු විදියට. ඊට පස්සේ ෆෙඩරල් කරලා, බුද්ධ ධර්මයට තියෙන ප්‍රමුඛස්ථානය නැති කරන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනාවම ජනමත විචාරණයකට නොයා, පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරාම ඇති කියන තීන්දුව දෙන්නේ ඒ දූශිත අගවිනිසුරා. අන්න ඒකට තමයි මේ ලෑස්ති වෙන්නෙ. අලුත් ව්‍යවස්ථාවෙන් රට සමාජවාදී රටක් කරලා, ඡන්ද ක්‍රමය නැතිම කරනවා. ඒකයි ඔය මාලිමා මන්ත්‍රීලා කියන්නේ තව අවුරුදු 30ක් යනකන් රටේ තියෙන්නේ මාලිමා ආන්ඩුවක්, මේ වැඩ භාර ගන්න අය විශ්‍රාම යන්නෙත් මේ ආන්ඩුවේම කියලා කියවෙන්නේ ඕක නිසා.

    ReplyDelete
  4. මේ උඩ ඉන්න මහත්තය මේ පහත කොයි පිලේ කෙනෙක් ද කියන එක අනුමාන කර වටිනා සිරි ලංකට් එකක් දිනා ගන්න.

    නෝමල් - අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක්, රාජපක්ෂලා හිරේ දාන්න කරන වැඩක්
    පොන්ටිං - අපි විසේසයෙන්ම කියන්ට ඕන, මේක අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක්. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ගල් කපන අය හිරේ දාන්න කරන වැඩක්
    පුතානෝ - මාගේ ආදරණිය සදාදරණිය පියාණන් ගේ නාමයෙන් මේ අධිකරණය ක්වාසි අධිකරණයක් ද, සුප්‍රීම් අධිකරණයකද ෆ්ලඩ් ලිට් අධිකරණයක් ද, ඔහායෝ ක්ලාස් ද,
    දත් කොටා - මේක ඉන්දියාව එක්ක ගහපු හොර ගිවිසුමක්, මං ගාව ඔක්කොම විස්තර තියෙනව, හැබැයි දෙන්නෙ ලබන විසිඅට වෙනිද සරම ඇඳන් ඔලුවෙන් හිටගෙන ලංකට් එක නැතුව
    තුම්මුල්ලේ පොටෝ කොපි පනික්කලේ - අපි බලාගමු... ගෑනිත් හිරේ, මල්ලිත් හිරේ, මටත් කෙළ වෙන්නයි යන්නෙ. මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ඩෝ.

    ReplyDelete
Previous Post Next Post