ඉරානය සමඟ යුදමය වාතාවරණය හේතුවෙන් ඩීසල් සහ පොහොර මිල අධික ලෙස ඉහළ යාම නිසා ඇමෙරිකානු ධාන්‍ය ගොවීන් දශක හතරකට පසු දරුණුතම මූල්‍ය අර්බුදයට මුහුණ දී සිටින බව Financial Times පුවත්පත වාර්තා කරයි.
පසුගිය පෙබරවාරි මාසයේදී ඉරානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ටෙහෙරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වෙළඳ නාවික ගමනාගමනය අවහිර කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.
ලෝක බලශක්ති සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම ප්‍රධාන මුහුදු මාර්ගය අවහිර වීමත් සමඟ ඇමෙරිකාව තුළ බලශක්ති පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
ඇමෙරිකානු බලශක්ති තොරතුරු පරිපාලන දත්තවලට අනුව, යුද්ධයට පෙර ඩොලර් 3.81ක් වූ ඩීසල් ගැලුමක මිල මේ වන විට ඩොලර් 5.45 දක්වා ඉහළ ගොස් තිබේ. එසේම, මීට දශකයකට පෙර ටොන් එකක් ඩොලර් 470ක් වූ පොහොර මිල මේ වන විට ඩොලර් 900 ඉක්මවා ඇති බව ගොවීහු පවසති.
ඇමෙරිකානු ගොවි කාර්යාංශ සම්මේලනයේ ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, රජයේ මැදිහත්වීමක් නොමැති වුවහොත් ප්‍රධාන බෝග නවයක වගාකරුවන්ට මෙම වසරේදී පමණක් ඩොලර් බිලියන 31ක පාඩුවක් සිදුවනු ඇති බවයි.
ලබන වසරේදී එම පාඩුව ඩොලර් බිලියන 32 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරි වසර දෙකක කාලය තුළ ගොවීන්ට කිසිදු ලාභයක් ලැබීමට නොහැකි වනු ඇති බවටද අනාවැකි පළ වී තිබේ.
පවතින දැඩි නියඟය, අධික උෂ්ණත්වය සහ චීනය සමඟ පවතින වෙළඳ ආරවුල් හේතුවෙන් ඇමෙරිකානු සෝයා බෝංචි සඳහා පවතින ඉල්ලුම පහත වැටීම ද මෙම අර්බුදය තවත් උග්‍ර කර ඇත.
මෙම තත්ත්වය හමුවේ ඇමෙරිකානු ගොවීන් අසරණභාවයට පත්ව සිටින අතර, එය එරට ඉදිරි මැතිවරණ කෙරෙහි ද තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
U.S. Farmers Face Severe Financial Crisis Fuelled by Rising Fuel and Fertilizer Costs Amid Iran Tensions
The escalating military tensions with Iran have led to a dramatic rise in diesel and fertilizer prices, plunging American grain farmers into their worst financial crisis in four decades, according to a report by the Financial Times.
This turmoil can be traced back to a February attack on Iran, which prompted Tehran to disrupt trade routes through the Strait of Hormuz. This key maritime passage carries about one-fifth of the world's energy supply, and its blockage has significantly driven up energy costs across the United States.
Data from the U.S. Energy Information Administration reveals that the price of diesel fuel has surged from $3.81 per gallon before the outbreak of hostilities to $5.45 currently. Similarly, the cost of fertilizer has skyrocketed, with reports indicating that prices per ton have surpassed $900, up from $470 just a decade ago.
Economists attending an American Agricultural Bureau meeting caution that without government intervention, crop growers could incur a staggering loss of $31 billion this year alone. Projections for the upcoming year suggest this figure could escalate to $32 billion, with no profits anticipated for farmers over the next two years.
The current severe drought, record high temperatures, and ongoing trade disputes with China have compounded the problems by driving down demand for U.S. soybean exports, further intensifying this crisis.
As American farmers grapple with these challenges, experts warn that their plight could significantly impact the upcoming elections, highlighting the precarious state of agriculture in the nation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තේ ටිකක් වත් යවපන්. රිම් එකෙන් දුවන්නේ.
ReplyDeleteට්‍රම්පච ප්‍රතිඵල
ReplyDelete