ශ්‍රී ලාංකේය සුභාවිත ගීත කලාවේ අසහාය සලකුණක් වූ ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද ආචාර්ය නන්දා මාලනිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය 82 වැනි වියේ පසුවූ අතර, නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි.
1943 අගෝස්තු මස 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ග්‍රාමයේදී උපත ලැබූ නන්දා මාලනිය මහත්මිය, පවුලේ දරුවන් නව දෙනෙකුගෙන් යුත් පවුලක සිව්වැනි දරුවා ලෙස මෙලොව එළිය දුටුවාය.
කුඩා කල සිටම සහජ ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළ ඇය, කොළඹ ශ්‍රී ගෝතමී මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර එහිදී ඇයගේ සංගීත ගුරුවරයා වූ ටී.එන්. මාග්‍රට් මහත්මිය ඇයගේ දක්ෂතා හඳුනාගෙන ඉදිරියට ගෙන යාමට මග පෙන්වූවාය.
ඇයගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වූයේ කරුණාරත්න අබේසේකරයන්ගේ 'ළමා පිටිය' වැඩසටහන හරහාය. එහිදී ඇය ගැයූ 'බුදු සාදු' ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් විය. පසුව 1961 වසරේදී තිරගත වූ 'රන්මුතු දූව' චිත්‍රපටය සඳහා 'ගලන ගඟකි ජීවිතේ' ගීතය ගායනා කරමින් ඇය සිනමා පසුබිම් ගායනයට පිවිසියාය.
ඉන්දියාවේ ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යායතනයෙන් සංගීත විශාරද උපාධිය ලැබූ ඇය, දශක හයකට අධික කාලයක් මෙරට සංගීත ක්ෂේත්රය පෝෂණය කළාය.
'සත්‍යයේ ගීතය', 'පවන' වැනි ප්‍රසංග මාලාවන් හරහා සමාජ සාධාරණත්වය සහ මානව හිතවාදී තේමාවන් ගීතයට මුසු කළ ඇය, මෙරට ජනතාවගේ හදගැස්ම හඳුනාගත් කලාකාරිනියක ලෙස ගෞරවයට පාත්‍ර වූවාය.
සිය කලා ජීවිතය තුළ හොඳම පසුබිම් ගායිකාව සඳහා වන සරසවිය සම්මාන 11ක්, ජනාධිපති සම්මාන 08ක් ඇතුළු දේශීය හා විදේශීය සම්මාන රැසකින් ඇය පිදුම් ලැබුවාය.
ඇයගේ අභාවය මෙරට කලා ක්ෂේත්රයට මෙන්ම සමස්ත ජාතියටම පිරිමැසිය නොහැකි දැවැන්ත පාඩුවකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධ තොරතුරු ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
Veteran Sri Lankan Singer Dr. Nanda Malani Passes Away at 82
Renowned for her captivating voice and significant contributions to Sri Lankan music, Dr. Nanda Malani has passed away, marking a poignant moment in the nation’s artistic community. She was 82 years old at the time of her death, which occurred at her residence in the Nawala area, as confirmed by family sources.
Born on August 23, 1943, in the village of Aluthgama, Levanthuduwa, Nanda Malani was the fourth child in a family of nine. Even from a young age, she exhibited remarkable talent in singing. Her formal education was at Colombo's Sri Gauthami Maha Vidyalaya, where her music instructor, T.N. Magrath, recognized her exceptional abilities and guided her towards a career in music.
A turning point in her artistic journey came with her participation in Karunaratne Abeysekara's "Lama Pitiya" program, which featured her rendition of the song "Budhu Sadu," greatly elevating her popularity. She transitioned into film music with the 1961 movie "Ran Muthu Duwa," where she performed the song "Galana Gange," leading her to establish a prominent presence in the industry.
After receiving a degree in music from the Bhathkande Music Institute in India, Dr. Malani dedicated over six decades to nurturing the local music scene. Through performances such as "Sathyaye Geetha" and "Pawana," she infused themes of social justice and human compassion into her art, earning great respect from audiences across the nation.
Throughout her illustrious career, she received multiple accolades, including 11 Sarasaviya Awards for Best Playback Singer and eight Presidential Awards, acknowledging her influence and talent in both local and international arenas.
Her passing represents an irreplaceable loss not only to the arts in Sri Lanka but also to the entire nation. Details regarding the final rites will be announced in due course.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නන්දා මාලිනිය ට තියෙන්නෙ ඩිජිටල් කටහඬක්. ඒ කටහඬ ලෝකයේ කිසිවෙකුටවත් නැහැ. ඇය ගායනා කරන සෑම ගීතයකම තියෙන සෑම අකුරක්ම අපිට පැහැදිලිව ඇහෙනවා. ඇය සුගතියක ඉපදේවා!.
ReplyDeleteඅපරාදේ තව ටිකක් කල් ඉන්න තිබුණේ ජෙප්පන්ට කවි කියලා රටට අත් කරපු විනාසය ඇස් දෙකෙන් දැකගන්න 😢😢
ReplyDeleteකාලකන්නියෙක් වෙන්න එපා.
Deleteඔව් ඒක ඇත්ත. මෙයා ජොදටම ජෙපි සංහාරෙ දැකපු කෙනෙක් 70 80 දශක වල.
Deleteජෙප්පොම රටේ ඇතිකරපු සංස්කෘතිය තමයි මේ.
Deleteජැක්සන් ඇන්තනි මහතා තමාගේ මානුෂිය අයිතිය ලෙස එක්තරා දේශපාලන මතයක් දරපු නිසා කාලකන්නි ජෙපි ප්‍රජාව එතුමාට සහ එතුමාගේ පවුලේ උදවියට පහර පිට පහර ගසා ජීවත්ව සිටියදී නිවන් සුව පැතුවා.
අද ජෙප්පන්ට ජීවිතය පුරා කඩෙගිය ජෙපි සින්දු ගැයූ නැන්දා මාලිනියට අනෙකුත් ප්‍රජාවගේ ගවුරව ලැබෙයිද?
මේ ජෙප්පෝ සමාජේ ඇතිකරපු තුච්ච කාලකන්නි කුහක සංස්කෘතියයි.
බලහං බොහොම සුලු පිරිසයි එතුමියට පරිබව කරන්නෙ. හොදට ඇස් කෙම ඇරල බලහං.
Deleteනිවන් සුව ලැබේවා ඔබතුමිය ට.
ReplyDeleteනිවන් සුව මොකටද? මුන්ද කතෝලික.
Deleteනිවන් සුව ලැබේවා ඔබතුමිය ට.
ReplyDeleteනිවන් සුව මොකටද? මුන්ද කතෝලික.
Deleteදේශද්‍රෝහියා !!!
ReplyDeleteකාලකන්නියෙක් වෙන්න එපා.
DeleteShe should've lived few more years to experience first hand the destruction she has brought upon srilanka
ReplyDeleteසමව සලකන්න අවශ්‍ය නම් මාලණි ෆොන්සේකාට නොදුන් රාජ්‍ය ගෞරව මැයටත් හිමි නොවිය යුතුයි.
ReplyDeleteකිසි සේත්ම රාජ්‍ය ගවුරව නොදිය යුතුයි. හෙළයේ නිළි රැජිනට නොදුන් ගවුරව ජෙපි ගායිකාවකට කුමටද?
Deleteනන්දා මාලිනී යනු උසස් සංගීතය ඉගැන්වූවා වගේම සමාජ සාධාරණත්වය පැතූ උසස් මනුශ්‍යයෙක්. දැන් ඉන්නෙ භාතිය සන්ටොශ් ඉරාජ් වගේ කාලකණ්නි ටකරං කෑලි.
ReplyDeleteකොටසකට සමාජ සාධාරණත්වය අනිත් සමාජ කොටසට තුච්ච කුහක ජෙපි මානසිකත්වයෙන් ජෙපි සින්දු කාරියක් වීමයි.
Deleteමේවා ඉතින් ජෙපි ප්‍රජාව මහපොළොවේ ඇතිකරපු සංස්කෘතිය යයි.
රටේ සෑම මිනිසෙකුටම තමාගේ දේශපාලන මතයක් දැරීමේ අයිතියට ජෙප්පෝ හැමදාම බලු විදියට සැලකුව.
උදාහරණ ලෙස ජැක්සන් ඇන්තනි, නිළි රැජින මාලිනි,
එතකොට පේප්පන්ට කඩේ ගියා නන්දා, සහ අනෙකුත් නඩේට සමාජේ ඒ විදියටම සලකන එක සාමාන්‍ය දෙයක් ලෙසයි පෙන්නේ.
RIP!
ReplyDeleteසාමදානයේ සැතපේවා!
ReplyDeleteහැකියාව ආචාර්ය පට්ටන් තිබුනට බොක්කෙන්ම ජේපි අදහස්වලින් උන්මන්තක වෙලා හිටියේ...ජෙපියෝ දැන් ඉතින් දීපල්ලකෝ රාජ්‍ය ගෞව්රවය රටක් විනාස කරන්න උදවු කරපු එකට
ReplyDelete