බන්ධනාගාර කලබලවලට හදිසි ප්‍රතිචාර දක්වන ඒකකයක්..


බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින්  රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ  අරමුණින් යුතුව වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය තීරණය කර ඇති අතර, එම යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන්  කළුතර බන්ධනාගාරයේ පැවති සාකච්ඡාවකදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.

බන්ධනාගාර පරිශ්‍රය තුළ ඉදි කිරීමට නියමිත නව ගොඩනැගිල්ලේ ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණයට සහ කාන්තා රැඳවියන් හමු වී ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද අමාත්‍යතුමා සහභාගි විය.

එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා,

හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධනය මුලික අරමුණ කර ගනිමින් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණය දිවයිනේ සෑම බන්ධනාගාරයක් තුළම ස්ථාපිත කරනවා. රැඳවියන්ගේ පහසුකම් බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතා ලබාදීම පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළා. බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සහ සුභ සාධනය තහවුරු කිරීම සිදු කළ යුතුයි. රැඳවියන්ට මිත්‍රශීලි මානුෂිය පරිසරයක් බන්ධනාගාර තුල පැවතිය යුතුයි.

බන්ධනාගාර තදබදය අඩු කිරීම සදහා රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු කලින් හඳුනා ගැනීම මෙම යාන්ත්‍රණය පිහිටුවීම තුළින් සිදු වෙනවා. ප්‍රාදේශිය රාජ්‍ය නිලධාරීන්ගේ මුලිකත්වයෙන් පිහිටුවා ගන්නා  ඒකාබද්ධ යාන්ත්‍රණය මසකට වරක් රැස්ව ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. රැදවියන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට බන්ධනාගාරවල කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටළු ඉදිරිපත් කිරීමට පවතින ක්‍රමවේදය පවතින ක්‍රමයට වඩා විධිමත් විය යුතු බවද අමාත්‍යතුමා සදහන් කළේය.

දිවයිනේ සියලු බන්ධනාගාර මුලික කර ගනිමින් මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමට කටයුතු කර ඇති අතර, අද දිනය තුළ කළුතර, ගාල්ල, බුස්ස සහ මාතර බන්ධනාගාර මුලික කර ගනිමින් ප්‍රාදේශිය රාජ්‍ය ආයතන උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ කමිටු පිහිටුවන ලදී.

රාජය ආයතන එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ නිලධාරීන් අවම වශයෙන් මාසයකට වරක් රැස්ව පවතින ගැටළු සාකච්ඡා කිරීම සිදු කළ යුතු වේ.

රාජ්‍ය ආයතන එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම තුළින් බන්ධනාගාර තුළ අර්බුදයක් ඇතිවීමට පෙර කලින් හදුනා ගැනීමේ හැකියාව තිබේ.

කළුතර බන්ධනාගාරයේ නිලධාරීන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යතුමා සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්ද මෙහිදී පැවැත්විණි.

කළුතර බන්ධනාගාර අධිකාරී ඒ.එම්. එස්. උපුල්දෙණිය, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත්, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, ඩබ්ලිව්. අයි . පද්මිණි, 143 වන පාබල බල සේනා නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජනරාල් අසිත පුෂ්පකුමාර, කළුතර නාවික හමුදා දෙවන අණ දෙන නිලධාරී ලුතිනන් ඒ.පී. රණතුංග කළුතර සහකාර ප්‍රාදේශීය ලේකම් සී. ජේ.පී. ගජනායක යන මහත්ම මහත්මීන්  පොලිස්  විශේෂ  කාර්ය බලකාය  පොලීසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ගිනි නීවිමේ හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.





Government Establishes Unified Mechanism to Address Emergencies in Prisons

In efforts to enhance emergency response capabilities within Sri Lankan prisons, the government has decided to establish a unified mechanism that will improve coordination among state institutions. This announcement was made during a discussion held at the Kalutara Prison, led by Minister of Justice and National Integration, Harsha Nanayakkara.

The minister participated not only to oversee the construction of a new facility within the prison premises but also to address various issues faced by female inmates. His presence underscores the government’s commitment to ensuring that the infrastructure supports the well-being of all detainees.

During the meeting, Nanayakkara emphasized the significance of implementing this unified mechanism across all prisons in the country. The primary objective is to facilitate swift responses during emergencies and prioritize the welfare of the inmates. He highlighted the necessity of addressing the needs of prison officers while ensuring the rights and well-being of prisoners are upheld, fostering a supportive environment within the facilities.

To tackle overcrowding, strategies for expediting the procurement of taste testing reports have been developed. The new mechanism aims to proactively identify and resolve issues arising within the prison system. Additionally, it is planned for local state officials to conduct monthly meetings to discuss upcoming actions and challenges, improving the process for prisoners and their families to present issues related to prison operations.

Today, as part of these efforts, committees have been established in the Kalutara, Galle, Bussa, and Matara prisons, featuring the participation of senior officials from local state institutions. This proactive approach aims to detect and address potential crises in prisons before they escalate.

Additionally, discussions were held regarding existing issues faced by the Kalutara Prison authorities, illustrating the collaborative approach among various government bodies, including the special police task force, military, public health officials, and utility providers.

Minister Nanayakkara expressed the need for these unified authorities to convene at least once a month to deliberate on ongoing challenges. This cooperative strategy signifies a significant step towards establishing a more responsive and efficient prison administration in Sri Lanka.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. කද ඛඩ තිඛුනට මොලේ නැති ඇමතියෙක්

    ReplyDelete
Previous Post Next Post