ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් නීති විරෝධී ලෙස මෙරටින් බැහැර කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු ලබන 20 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් හර්ෂවිතාන මහතා නියෝග කළේය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරන ලද විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමඟ අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
එසේම, මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවට අදාළව සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියට නියම කළේය.
Key Bank Executives Remanded in Connection with Illegal Dollar Transfer
In a significant development, four senior executives from major banks have been remanded until the 20th of this month following their arrest for involvement in the illegal transfer of one billion US dollars out of the country. The order was issued by Colombo's Additional Magistrate, Lian Harshavithana.
The suspects were taken into custody as part of an investigation conducted by the Financial Crimes Investigation Division. They were subsequently presented to court where the legal proceedings commenced.
After considering the arguments presented by Senior State Counsel Oswald Pereira, who appeared before the court alongside officials from the Financial Crimes Investigation Division, the magistrate issued the remand order.
Furthermore, the magistrate directed the police to provide timely updates to the court regarding the progress of the investigations into this substantial financial fraud.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හැම හොරාම අල්ලමු. මෙන්න නීතිය හරියට ක්‍රියාත්මක වෙන විදිය. පට්ට සතුටුයි!
ReplyDelete2026 තමයි නීතිය ගැන වැඩිම විශ්වාසය ඇති කරන අවුරුද්ද! සහෝ... ඔයාගේ ඒ වචන ටික තාමත් රැව්පිළි දෙනවා. දීපු ජන්දේ ගැන පට්ටම ආඩම්බරයි සහෝ... ඔහොම යමු!!!!!!
ReplyDeleteමගේ රටේ සල්ලි කොල්ලා කාපු හැම එකාවම අල්ලමු. උන්ගේ අවයව විකුණලා හරි හැම සතයක්ම අත්පත් කර ගමු.
ReplyDeleteනීති හරියට ක්‍රියාත්මක වෙනවා නම්,
ReplyDeleteමුලින්ම අද සුදු ඇඳුම්. ඇඳගෙන ඉන්නා. ජවිපෙ මිනීමරු කල්ලියට නේද නීතිය ක්‍රියාත්මක කිරීම කරලා එල්ලුම් ගස් යවන්න ඕනා!
ඔව් ඒක කරපන් උබලගෙ ආන්ඩුවක් ආවම. දැන් අල්ලන්නේ ගිය ආණ්ඩුවල හොරු.
Deleteබයක් දැනෙනවද?
Delete