එල්නිනෝ නිසා මානසික රෝගීන් ඉහලට...


 එල්නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ පරිසර උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගියහොත්, මානසික රෝගවලට ගොදුරු වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

උෂ්ණත්වය ඉහළ යාම පුද්ගල චර්යාවන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ඉහළ යන උෂ්ණත්වයත් සමඟ පුද්ගලයන් තුළ කේන්ති යාම, නොසන්සුන් බව, මානසික පීඩනය සහ නින්ද නොයාම වැනි ලක්ෂණ සැලකිය යුතු ලෙස වර්ධනය විය හැකිය.

මීට අමතරව, මෙම තත්ත්වය කාංසාව සහ විෂාදය වැනි බරපතළ මානසික රෝගී තත්ත්වයන් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව ද වෛද්‍යවරයා අවධාරණය කරයි.

මෙම දේශගුණික විපර්යාසය වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද දැඩි ලෙස බලපාන බව හෙළි වී තිබේ. විශේෂයෙන්ම දරුවන් අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් ඔවුන්ගේ ඉවසීමේ ශක්තිය අඩුවීම, නිතර කේන්ති යාම සහ කිසියම් කරුණක් කෙරෙහි අවධානය රඳවා ගැනීමේ අපහසුතා වැනි තත්ත්වයන් ඇති විය හැකි බව වෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කරයි.

අධික උෂ්ණත්වය හමුවේ රියදුරන්ගේ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව අඩුවීම නිසා රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාවක් පවතින බව ද ශරීරයට අවශ්‍ය ජලය නිසි පරිදි නොලැබීමෙන් ඇතිවන විජලනය හේතුවෙන් පුද්ගලයන් ක්ලාන්තය වැනි තත්ත්වයන්ට පත්විය හැකි බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

දැනටමත් මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබන පුද්ගලයන් අධික උෂ්ණත්වයට දීර්ඝකාලීනව නිරාවරණය වීමෙන් ඔවුන්ගේ රෝගී තත්ත්වයන් නැවත මතු වීමේ හැකියාවක් පවතී.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෘජු හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකීම, නිතර ජලය පානය කිරීම සහ වෛද්‍ය උපදෙස් මත නියමිත පරිදි ඖෂධ භාවිතය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.





Climate Change Intensifies Mental Health Risks in Sri Lanka, Experts Warn

As the El Niño weather phenomenon continues to elevate environmental temperatures, experts from the Angoda National Institute of Mental Health urge greater vigilance regarding the potential spike in mental health disorders among vulnerable populations. Dr. Rumi Ruben, a specialist psychiatrist at the institute, emphasizes that rising temperatures exert a direct impact on individual behaviors and mental well-being.

The increase in heat is linked to escalating symptoms such as irritability, anxiety, mental distress, and sleep disturbances, which could significantly worsen the psychological state of many individuals. Dr. Ruben warns that this climate shift also raises the risk of more severe mental health conditions, including depression and anxiety disorders.

Notably, both adults and children are being adversely affected by this climatic disruption. In children, prolonged exposure to high temperatures can diminish tolerance levels, leading to increased irritability and difficulties in concentrating on tasks, Dr. Ruben highlights.

The expert also points out that extreme heat may impair drivers' ability to make quick decisions, thereby elevating the likelihood of traffic accidents. Additionally, a lack of proper hydration can lead to dehydration and associated symptoms, such as fatigue, further compromising mental and physical health.

Individuals already undergoing treatment for mental illnesses face a heightened risk of relapse due to excessive and prolonged heat exposure. Dr. Ruben stresses the importance of preventive measures, including avoiding direct sunlight, ensuring regular hydration, and adhering to prescribed medical treatments.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ලක්ශ 69ක් මදැයි

    ReplyDelete
    Replies
    1. 🤣😂🤣😃😁 සිරාවටම මාත් කියන්න යනකොට ඒ කොමෙන්ට් එක වැටිලා. 🤣😂🤣😃😁
      උන්ට අමුතුවෙන් මැන්ටල් වෙන්න දෙයක් නැහැ. කොහොමත් අවුල්. 🤣😂🤣😃😁 ජාතකෙත් අවුල්ද මන්දා...🤣😂🤣😃😁

      Delete
  2. ජෙප්පො ගැන අවුරුදු ගානකට කලින් කියපු ගීතයක්August 16, 2026 at 9:02 AM

    මේ රටේ මිනිස්සු........
    තනිකර කෙලින්නේ පිස්සු........
    මේ රටේ................ මිනිස්සු....
    තනිකර කෙලින්නෙ පිස්සු........

    එකෙක් නඟිනකොට ඉහළට
    ඇහේ කටු ඇනෙයි අනිකට
    අදියි බිමට හෙළයි පහළට ඕයි
    පිස්සෝ සුදුස්සෝ යට කොට
    පුස්සෝ වැඩ දෙනවා යමරෙට
    සෙතක් වෙයිද එහෙම රටකට ඕයි

    රට වටකර සාගරයයි
    එහි සම්පත් ආකරයයි
    පිටින් මාලු රටට ගෙනව ඕයි
    රට මැද තනි වෙල්යායි
    බැලුවම හරි සිරියාවයි
    නැවෙන් ගෙනත් හාල් බානව ඕයි

    එක මිටට දුන්න ගොයියන්ට දැන් සැපද.......................................

    ReplyDelete
Previous Post Next Post