ආණ්ඩුව ගත්තා කියලා වැඩක් නෑ.. දැන් රට හදන්න හැමෝම මහන්සි වෙන්න ඕනෑ...- නි. ඇමති


 වසර ගණනාවක කැපවීමෙන් සහ මහජන ආශිර්වාදයෙන් ලබාගත් රාජ්‍ය බලය, කිසිදු පෞද්ගලික අරමුණකින් තොරව රට ගොඩනැගීම සඳහා උපරිමයෙන් කැප කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේය.

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මීට වසර හතරකට පෙර, එනම් 2021 වසරේදී සිය දේශපාලන ව්‍යාපාරය 3%ක මට්ටමක පවතින විට බොහෝ පිරිස් තමන්ට සමච්චල් කළ බවයි.

එහෙත් එම බාධක හමුවේ නොසැලී, දිවා රෑ නොබලා, පෝස්ටර් ඇලවීමේ සිට සංවිධාන කටයුතු දක්වා ස්වේච්ඡාවෙන් කැප වූ පිරිස් නිසා අද ආණ්ඩු බලය ලබා ගැනීමට හැකි වී ඇති බව ඔහු සිහිපත් කළේය.

"ආණ්ඩුව ගත්තා කියලා වැඩක් නැහැ, දැන් තියෙන්නේ ඊළඟ පියවර. ඒ තමයි මේ රට හදන එක. ඒක අපේ වගකීමක්. එදා ආණ්ඩු බලය ගන්න මහන්සි වුණා වගේම, දැන් රට හදන්න හැමෝම මහන්සි වෙන්න ඕනෙ," යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

පැරණි දේශපාලන සංස්කෘතිය සහ වර්තමාන ක්‍රියාකලාපය අතර පවතින වෙනස පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ, අතීතයේ මන්ත්‍රීවරුන් පාරක් හැදීමේදී පවා තමන්ට ලැබෙන කොමිස් මුදල පිළිබඳව සිතූ බවයි. එහෙත් වර්තමානයේ සිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ නියෝජිතයන් ජනතාව වෙනුවෙන් පාරවල්, ක්‍රීඩාංගණ, රැකියා අවස්ථා සහ කර්මාන්තශාලා ඉල්ලා බලධාරීන් සමඟ තර්ක කරන්නේ කිසිදු පෞද්ගලික ලාභයක් අපේක්ෂාවෙන් නොවන බව ද ඔහු පැවසීය.

රට ගොඩනැගීමෙන් ලැබෙන ප්‍රතිලාභය තමන්ට මෙන්ම තම පවුලට සහ සමස්ත ජාතියටම හිමිවන බවත්, එම යහපත් චේතනාවෙන් යුතුව ඉදිරි වසර පහ තුළ රට නව මාවතකට යොමු කරන බවත් රත්න ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





Deputy Minister Stresses Commitment to Nation Building Without Personal Gain

The Deputy Minister of Fisheries, Ratna Gamage, has emphasized that the authority granted by the government, earned through years of dedication and public support, will be utilized exclusively for the betterment of the country, devoid of any personal motives.

Addressing a celebratory gathering, Gamage recalled that four years ago, in 2021, his political endeavors faced significant challenges, with his party's approval rating languishing at just 3%. During that time, many had voiced their doubts about the party's prospects.

However, he highlighted that despite those hurdles, the unwavering commitment of volunteers—from campaigning on the ground day and night to putting up posters—was instrumental in securing governmental power today.

"Acquiring government power is just the beginning; our true challenge now lies in nation-building. This is our responsibility. Just as we labored to achieve power, we must all work hard to construct this country," he asserted, emphasizing the importance of collective effort.

Pointing to the evolving political landscape, he contrasted past political practices with contemporary approaches, explaining that former lawmakers often prioritized personal commissions even when constructing roads. In contrast, current local council members and representatives are now advocating for roads, sports facilities, job opportunities, and factories without any expectation of personal profit.

Gamage further noted that the benefits of nation-building would not only extend to him and his family but would also encompass the entire nation. He expressed optimism that, driven by this spirit of public service, the country would embark on a new path in the upcoming five years.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. ඇයි ඉතින් පච කප්පරක් කියලා රට ගත්තේ .. ඉතින් හරියට කරපල්ලා ..

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිAugust 16, 2026 at 6:40 PM

      අනේ කියන්නේ අපේ මීට කලින් හිටපු ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, රනිල්, කට කොණින් වත් බොරුවක් කියලම නෑ නේ. දේශපාලන වේදිකාවේ කිව්ව පළවෙනි බොරුවටම අහින්සක උක්කු බබාලන්තේ තොත්ත බබාලා අහු වෙලා. පවූ.....!

      Delete
    2. අනේ යකෝ පතිරණ ගලප්පත්ති, උන් වැරදියි කියලා වල් පැල ගෙනල්ලා ගෙනාපු හීනෙන් වත් බොරු කියන්නේ නෑ කියපු එවුන්නේ බං මුන්. බලාගෙන ගියාම අර ඔක්කොටම වඩා පච කෙළලා තියෙන්නේ මුන්. උඹලගේ එවුන්ගේ උක්කු බබා පාට් වලට තමයි යකෝ මිනිස්සු අහුවුනේ මේ සැරේ.
      දැන් නිකන් තෝ බබාහුකුන් දාන්නේ නැතුව හිටපන් ඩෝබි හිඟන්නා.

      Delete
    3. Meke liyana ewun dakkama therenawa, paradila inna eka kochachra amaruda kiyala..ayyo me gon buruwanta thawa sahena kalayak widawanna wei...Sunbun sune sun... Buru Ranil/Mahinda Gon Harak

      Delete
  2. සංචාරක ආකරශණය පවතිනා ප්‍රදේශවල මුහුදු වෙරලේ සංචාරකයන්ට ඇදුම් මාරැ කිරීමට බකිස් පෙට්ටියක්වත් ඇටවීමට නොහැකිවූ,. අමු වංචනිකයෙක්,.!August 16, 2026 at 7:09 PM

    දකුණුපළාතට බිහිවුන නොම්මර ඵකේ නිකමෙක්..
    මෙලෝ වැඩක් බැරි,මෙලෝ වැඩක් නොකරන, මිනිසුන් රස්තියාදු කිරීමට වංචාවට මහජන දින පවත්වන ,වංචනිකයෙක් කෙෙරාටිකයෙක්,.!
    පුකට පයින්ගසා නෙරපාදැමිය යුතු අමු හීතලයෙක්..
    මයික් ඵක්කට ලංවී මහා වගකිවයුතු දේශපාළණයේ නියුතු පුද්ගලයෙකු බවට හැදින්වීමට උත්සාහ දරනා පල් මෝඩයෙක්,නිකමෙක්, අඩුම තරමේ කොග්ගල,උනවටුන,හික්කඩුව යන පලාත්වල සංචාරක ආකරශණය පවතිනා ප්‍රදේශවල මුහුදු වෙරලේ සංචාරකයන්ට ඇදුම් මාරැ කිරීමට බකිස් පෙට්ටියක්වත් ඇටවීමට නොහැකිවූ,. අමු වංචනිකයෙක්,.!
    හික්කඩුවේ කුඩු රාජාගේ කුඩු අදිනා ගල්කොරියෙන් කප්පං ඵකතුකිරීම ජීවිකාව කරගත් වංචනිකයා, උගේ පැවැත්මට මිනිසුන්ට නොවැටහෙන යමක් කියා සවයංවින්දනය ලබනා අතර වංචාවෙන් කූඨලෙස බළය රැකගෙන සැඟවී සිටිනා ඌරැමීයා පුකට පයින්ගසා නෙරපා දැමිය යුතුයි,.!

    ReplyDelete
    Replies
    1. Ubata waradila ..Oya kiyanne Mahidage golayek gana...Uba try karapan mada gahanna...Paradila inna pakayo

      Delete
Previous Post Next Post