5G කියන්නේ 4G වල අප්ඩේට් එක.. ඒකයි කුළුණු 1000 ගහනවා කිවේ..


 මෙරට 5G තාක්ෂණය වෙත ප්‍රවේශ විය හැක්කේ 4G ජාල යටිතල පහසුකම්වල වැඩිදියුණු කිරීමක් (Upgrade) ලෙසින් පමණක් බවත්, ඒ අනුව දිවයින පුරා සන්නිවේදන කුලුනු 10,000ක් ඉදිකිරීමේ වසර තුනක ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.

ලෝකය 5G තාක්ෂණය කරා ගමන් කරද්දී ශ්‍රී ලංකාව තුළ 4G කුලුනු ඉදිකිරීම පිළිබඳ විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්ව නඟන චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සෘජුවම 5G තාක්ෂණය වෙත යාමට නොහැකි බවත්, 5G සඳහා පදනම වැටෙන්නේ 4G ජාලය ශක්තිමත් වීම මත බවත්ය. ඉදිරියේදී 5G සබඳතාව ලබා දීමේදී මීටත් වඩා කුලුනු සංඛ්‍යාවක් අවශ්‍ය වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට කුලුනු 573ක් ඉදිකිරීමට අදාළ ස්ථාන හඳුනාගෙන කටයුතු ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය. 

මෙම එක් සන්නිවේදන කුලුනක් ඉදිකිරීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් මිලියන 35ක මුදලක් සහ විදුලි සැපයුම ලබා ගැනීමට තවත් මිලියන 5ක් ඇතුළුව රුපියල් මිලියන 40ක පමණ මුදලක් වැය වන බව අමාත්‍යවරයා කීය. සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් දැනටමත් රජය රුපියල් බිලියන 9ක මුදලක් වෙන් කර ඇති බවද ඔහු තහවුරු කළේය.

කුලුනු ඉදිකිරීම ප්‍රමාද වන බවට එල්ල වන චෝදනා පිළිබඳ කරුණු දැක්වූ අමාත්‍යවරයා, කුලුනක් ඉදිකිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය, ආයෝජන මණ්ඩලය, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ආයතන 17කින් අනිවාර්ය අනුමැතිය ලබා ගැනීමට සිදුවන බැවින් යම් කාලයක් ගතවන බව පෙන්වා දුන්නේය.

එමෙන්ම අදාළ දුරකථන සේවා සපයන සමාගම් හරහා මෙම කුලුනු ඉදිකිරීම සිදුකරන අතර, ඒ සඳහා වැයවන මුදල් රජය විසින් ප්‍රතිපූර්ණය කරනු ලබන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





Sri Lanka Advances 5G Technology Through Upgraded 4G Infrastructure

Sri Lanka's entry into 5G technology will be primarily contingent upon the enhancement of existing 4G network infrastructure. The government has embarked on an ambitious three-year project to construct 10,000 communication towers across the island, as announced by Health and Media Minister Dr. Nalinda Jayatissa.

During a media briefing held by the Government Information Department, the Minister addressed questions from journalists, clarifying the government's strategy for advancing telecommunications.

As the world moves towards 5G technology, the Minister responded to various criticisms from opposition and other sectors regarding the construction of 4G towers in Sri Lanka. He explained that transitioning directly to 5G is not feasible; instead, a robust 4G network serves as the foundational base for 5G deployment. He also indicated that even more towers will be required to provide 5G connectivity in the future.

So far, 573 sites have been identified for the construction of new towers under this project, with work already underway, according to the Minister.

The cost of building a single communication tower is approximately Rs. 40 million, which includes about Rs. 35 million for construction and an additional Rs. 5 million for securing electricity supply. The government has already allocated Rs. 9 billion for the overall project.

Addressing concerns over delays in tower construction, the Minister noted that approvals from 17 different institutions, such as the Urban Development Authority, the Investment Board, the Civil Aviation Authority, and the Ministry of Defence, are required, which can extend the timeline for project completion.

Furthermore, the towers will be built through relevant telecommunications companies, with the government fully financing the expenses, as emphasized by Minister Dr. Nalinda Jayatissa.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

20 Comments


  1. ආණ්ඩුව සල්ලි දල කරන දිගුකාලින වියපෘති තමය මෙච්චර කාලයක් ඇහුවේ

    දැන් වෙන්නේ පුද්ගලික කම්පනියකට උප්පැන්න ලියන්න

    ReplyDelete
    Replies
    1. වතු සේවක වැටුප් සම්බන්ධයෙනුත් මේකමයි වෙන්නේ - වතු සේවකයන් සේවය කරන්නේ වතු සමාගම් වලට - හැබයි වතු සේවකයන්ට වැටුප් ගෙවන්නේ ආණ්ඩුවෙන් - වතු සමාගම් වල මුදල් ඉතුරුයි - ඒ වෙනුවෙන් වතු සමාගම් පැලවත්තට අල්ලස් දෙනවා

      Delete
  2. මේ තවත් පචයෙක්ද?

    සෘජුවම 5G තාක්ෂණය වෙත යාමට නොහැකි බවත්, 5G සඳහා පදනම වැටෙන්නේ 4G ජාලය ශක්තිමත් වීම මත බවත් කැබිනට් ප්‍රකාශක පවසයි. මෙය සත්‍යයක්ද?

    ChatGPT කෙටි පිළිතුර:
    එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම තාක්ෂණික සත්‍යයක් නොවේ. එහි කොටසක් ප්‍රායෝගිකව සත්‍ය වුවත්, “5G වෙත සෘජුවම යා නොහැක; 4G ජාලය ශක්තිමත් කළ පසුව පමණයි 5G කළ හැක්කේ” යනුවෙන් පොදු තාක්ෂණික නීතියක් නැහැ.

    1. 5G සඳහා 4G අනිවාර්යද?

    නැහැ. ජාත්‍යන්තර ටෙලිකොම් සංගමය (ITU) පැහැදිලිව සඳහන් කරන්නේ 5G සඳහා deployment ආකාර දෙකක් තිබෙන බවයි:

    5G NSA (Non-Standalone) – 5G radio එක 4G network/core infrastructure එකක් සමඟ භාවිතා කරයි.
    5G SA (Standalone) – 5G සඳහා වෙනම 5G core සහ 5G radio architecture එකක් භාවිතා කළ හැකි අතර යටින් 4G network එකක් තිබීම අනිවාර්ය නොවේ.

    ඒ නිසා තාක්ෂණිකව “4G නැතිව 5G කළ නොහැක” කියන ප්‍රකාශය වැරදියි.

    ReplyDelete
    Replies
    1. Uba ChatGPT puke gaha ganin...Gihin Telecom eke ayagen ahala balala aye comment ekak dapan....🤣🤣🤣

      Delete
    2. chat gpt කියන හැම එකක්ම නිවැරදි නෑ. 4G infra හදල 5G වලට යන එක තමයි ආර්ථිකමය ලෙස ලාභදායී වෙන්නෙ.

      Delete
  3. අනේ පකෝ තොපි ගොන්නු උනාට තොපි,හිතාගෙ ඉන්නෙම් හැමෙකම තොපි වේගේ කිලාල
    කොට රැස්වීමේදී කීවේ පකෝ 4ජි වලට කණු ගහනවා කියල . ලපය් 5 ජි කතාවක් කිව්වේ හහ පකෝ

    ReplyDelete
  4. 4ජි ලංකාවේ තියෙන්නේ දැනට අවරුදු ගානකට එස්සර ඉදල කියල ලපය දන් නැහැ

    ReplyDelete
  5. මේ ගොනා ලපය කියපු එක හෝදන්න හදනවා පව් ??????

    ReplyDelete
    Replies
    1. මුගේ ජොබ් එක අනුන්ගේ රෙදි හෝදන එක.

      Delete
  6. මූ හොර වෙදෙක්😂😂 මු පචයා ගෙ ගූ හෝදන්න ගිහින් නිකන් පීචන් වෙනවා.2 පන්තියේ ලමයිනුත් මුන්ට වඩා තාක්ශනය දන්නවා. නාමල්❤ ට හිරේ වත් ඉන්න නෑ. මුන්ට 4G 5G උගන්වන්න එන්න වෙලා😂😂

    ReplyDelete
    Replies
    1. Ane ow ..Namalayai uge mulu hora pawulama ratata hoda padamak igannuwa 2022...Rata bankaloth karana hati igannuwa e madida..Mara wada karayo🤣🤣🤣🤣🤣

      Delete
    2. ලපයා කාදිනල් එක්ක එකතුවෙල කුමන්ත්‍රණය කරලා කාලා බීල හිටපු රට බ්ංකලොත් කරා. U ටන් එකෙන් ආපස්සට හැරෙව්වා. පච විද විද යනවා. උගෙ ගූ කන සට්ටැඹියෙක් මෙතනත් ඇවිත්. පචයගෙ ඉදන් ස්ට්ටෑඹියො ඔක්කොම නාමල්❤ ට හෙන බයයි. පව් ඉතින්. ඒකනේ බොරු චෝදනා දාල හිරේ දාලා වැඩ්ඩ වෙන්න ගියා. මිනිස්සු හූ කිව්වා.

      Delete
  7. මූ හොර වෙදෙක්😂😂 මු පචයා ගෙ ගූ හෝදන්න ගිහින් නිකන් පීචන් වෙනවා.2 පන්තියේ ලමයිනුත් මුන්ට වඩා තාක්ශනය දන්නවා. නාමල්❤ ට හිරේ වත් ඉන්න නෑ. මුන්ට 4G 5G උගන්වන්න එන්න වෙලා😂😂

    ReplyDelete
  8. මෙත ප්‍රශ්නය, 5G ද 4G
    ද කියන එක නෙමෙයි

    මෙතන ප්‍රශ්නය, පෞද්ගලික සමාගම් තම වියදමින් කළ යුතු දේ මාළිමා ආණ්ඩුව විස්න්, භාණ්ඩාගාරයේ මුදල් වියදම් කර සිදු කර දීම - මෙච්චර කල් කුළුණු ගැහැව්වේ දුරකතන සමාගම් විසින් සමාගම් වල වියදමින් - රජයේ මුදල් වියදම් වුනේ නෑ - දැන් සමාගම් වල මුදල් ඉතුරුයි - රජයේ මුදල් වියඩම් වෙනවා.

    මේ කෙලින්ම වංචාව සහ දූෂණය - මේ වෙනුවෙන් දුරකතන සමාගම් විසින් පැලවත්තට අල්ලස් ලබා දෙනවා.

    වතු සේවක වැටුප් සම්බන්ධයෙනුත් මේකමයි වෙන්නේ - වතු සේවකයන් සේවය කරන්නේ වතු සමාගම් වලට - හැබයි වතු සේවකයන්ට වැටුප් ගෙවන්නේ ආණ්ඩුවෙන් - වතු සමාගම් වල මුදල් ඉතුරුයි - ඒ වෙනුවෙන් වතු සමාගම් පැලවත්තට අල්ලස් දෙනවා

    ReplyDelete
    Replies
    1. Gihin naduwak dapan...

      Delete
    2. නඩුවක් දාන්න.. සොරසේන නේද නඩු අහන්නේ.. ලපයගෙන් විශ්‍රාම වයස දික් කරගත්ත කෙනා.. හිකිස්!

      Delete
  9. Kawada kaapu takaranda?

    ReplyDelete
  10. 5G කරන්න නං යන්නෙ අංර ස'ට තිබුනනේ ඒක පවසන්න.
    අම්මප. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න


    ReplyDelete
  11. අපෝ ගොනා.

    ReplyDelete
Previous Post Next Post