ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකුණා දමන්න සූදානම්..


 වත්මන් රජය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකුණා දැමීමට සූදානම් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.

 දෙරණ '360' වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.

ඩී.වී. චානක මහතා චෝදනා කළේ, මීට පෙර තෙල් පිරිපහදුව පමණක් ආයෝජනය සඳහා වෙන් කිරීමට සැලසුම් කර තිබුණද, වත්මන් රජය මුළු සංස්ථාවම විකුණා දැමීමට පියවර ගනිමින් සිටින බවයි.

එසේම, ලංකා ගල් අඟුරු සමාගම වැනි අතරමැදි ආයතන පවත්වාගෙන යාමෙන් පාරිභෝගිකයාට අමතර බරක් පැටවෙන බවත්, එම බලතල සෘජුවම බලාගාර වෙත ලබා දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Government Plans to Privatize Lanka Mineral Oil Corporation, Claims MP D.V. Chanaka

Member of Parliament D.V. Chanaka has raised alarms about the government's intentions to sell the Lanka Mineral Oil Corporation. Speaking during the "Derana 360" program, he disclosed that the current administration is preparing to privatize the state-owned entity.

Chanaka emphasized that while previous plans focused solely on inviting investment for oil refining activities, the latest developments indicate a shift towards a full divestiture of the corporation.

He also pointed out that maintaining intermediary institutions like the Lanka Coal Company adds unnecessary costs for consumers and asserted that power supply should be delivered directly to end-users.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. හරක් හොරාගේ පුතා කිව්වනම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ, විකුණලම තමයි පස්ස බලන්නේ

    ReplyDelete
  2. මම නම් කැමති. ඕක විතරක් නෙවෙයි ශ්‍රී ලංකන් ගුවන් සේවයත් ඈවර කරනවා නම් හොඳයි. අපි සීනි ඇටේට හිටන් බදු ගෙවන ඒවා ලොකු ලොක්කො සූරා කනවා. මේ ආණ්ඩුව ආවම නතර වෙයි කියලා මිනිස්සු රැවටිලා චන්දෙ දුන්නට මේ අය ඔක්කොටම වැඩි. ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සු තවම හිතන්නෙ ජෙප්පො මිනීමැරුවට හොරු නෙවෙයි කියලා.

    ReplyDelete
  3. ගල් අගුරු, මිලියන් 2.5, කන්ටේනර් වගේ දේවප් හොරකම් නෙවෙයි?

    ReplyDelete
Previous Post Next Post