නිමල් පෙරේරා ලංකාවට එන්න බෑ කියයි.. ජීවිත තර්ජනලු.. ප‍්‍රකාශ දීම ඔ්ස්ටෙ‍්‍රිලියාවේ සිට...


ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට එයාර්බස් ගුවන් යානා මිල දී ගැනී­මට අදාළ ගනුදෙ­නු­වේදී ලද කොමිස් මුද­ලින් අ‌මෙරි­කානු ඩොලර් ලක්ෂ 08ක් නාමල් රාජ­ප­ක්ෂට ලබා දී ඇතැයි ව්‍යාපා­රික නිමල් පෙරේරා විසින් ඉදි­රි­ප­ත් කර ඇති දිවු­රුම් ප්‍රකා­ශය ඇතුළු ඊට අදාළ කරුණු රැසක් සම්බ­න්ධ­යෙන් දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා විසින් අධි­ක­ර­ණ­යට සහ­ති­ක­යක් නිකු­ත් කර තිබේ. 

එම සහ­ති­කය නාමල් රාජ­ප­ක්ෂගේ නීති­ඥ­යන් අභි­යෝ­ග­යට ලක්කර නොමැති බැවින් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා මේ මස 18 දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කිරී­මට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අසංග ඒස්. බෝද­ර­ගම මහතා පසු­ගි­යදා (04) නියෝග කළේය.

අල්ලස් කොමි­සම මඟින් ඔහුව අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රුව අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේදී ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මෙම නියෝ­ගය සිදු කළේය.

අල්ලස් කොමි­සම වෙනු­වෙන් අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හා අල්ලස් කොමි­සම එක්ව සිදු කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත් බව පැව­සීය.

ඕස්ට්‍රේ­ලි­යාව, සිංග­ප්පූ­රුව, ප්‍රංශය සහ අමෙ­රිකා එක්සත් ජන­ප­දය යන රට­ව­ල්වල ජාත්‍ය­න්තර සහය ඇතිව විම­ර්ශන කට­යුතු මේ වන විට අව­සන් අදි­ය­රට ළඟා වී ඇති බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහතා,

ප්‍රංශයේ එයාර් බස් සමා­ගම සහ ශ්‍රී ලන්කන් ගුවන් සමා­ගම අතර පුළුල් බඳ සහිත එයාර් බස් ගුව­න්යානා 10ක් මිලදී ගැනී­මට ගිවි­සු­මක් ඇති වී තිබූ බව පැව­සීය.

ඒ් අනුව ගුවන් යානා 2ක් මිලදී ගැනී­මෙන් පසු, එයාර් බස් සමා­ග­මෙන් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 20ක මුද­ලක් සිංග­ප්පූ­රුවේ ස්ටෑන්ටඩ් චාර්ටඩ් බැංකුවේ බිස් සොලි­යු­ෂන් නමැති සමා­ග­මට ලැබී ඇති අතර එහි මවු සමා­ගම බෘනායි රාජ්‍යයේ පිහිටා තිබෙන බව විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය විය. ප්‍රශ්න­ගත එයාර් බස් ගනු­දෙ­නු­වේදී එයාර් බස් සමා­ග­මෙන් යුරෝ මිලි­යන 1.454ක් අල්ලස් මුදල් වශ­යෙන් ලෙස ලබාදී ඇති බව විම­ර්ශ­න­ව­ලදී කරුණු අනා­ව­ර­ණය විය.

එම බිස් සොලි­යු­ෂන් නමැති සමා­ගමේ හිමි­කා­රිය මෙන්ම එම සමා­ගමේ අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙසද ප්‍රියංකා නියෝ­මාලී විජේ­නා­යක යන අය කට­යුතු කර තිබේ.

මෙම ප්‍රියංකා නියෝ­මාලී යන අය ශ්‍රීලන්කන් ගුවන් සමා­ගමේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරී කපිල චන්ද්‍ර­සේන්ගේ බිරිය බවද විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වූ බව පැව­සීය.

ප්‍රියංකා නියෝ­මාලී විජේ­නා­ය­කගේ සමා­ග­ම­කින් රුපි­යල් මිලි­යන 9, 7, 2 සහ 6 වශ­යෙන් අවස්ථා 4 කදී රුපි­යල් මිලි­යන 25ක මුද­ලක් ශමීන්ද්‍ර රාජ­පක්ෂ නමැති සැක­ක­රුට බැර වී තිබෙන අතර තවත් අමෙ­රි­කානු ඩොලර් ලක්ෂ 8ක් මේ වන විට ඕස්ට්‍රේ­ලි­යාවේ ජීවත් වන නිමල් පෙරේරා නමැ­ත්තාගේ Sabre Vision Holding Ltd සමා­ගමේ නමින් සිංග­ප්පූ­රුවේ පිහිටි OCBC බැංකුවේ ඇති ගිණු­ම­කට මුදල් බැර වී තිබෙන බව පැවැ­සීය.

පසුම මෙම නිමල් පෙරේරා විසින් එම අමෙ­රි­කානු ඩොලර් ලක්ෂ 8ක මුද­ලක් සැක­කාර නාමල් රාජ­ප­ක්ෂට ලබා දී ඇතැයි දිවු­රුම් ප්‍රකා­ශයේ සඳ­හන් වේ. 2014 වසරේ විනි­මය අනු­පා­ත­යට අනුව එසේ ලබා දුන් මුද­ල්වල වටි­නා­කම රුපි­යල් මිලි­යන 100ක් පමණ වන බවත් අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම ගුව­න්යානා මිලදී ගැනීම පිළි­බඳ ප්‍රංශයේ එයාර් බස් සමා­ගමේ මීට පෙර සිටි කළ­ම­නා­කා­රී­ත්වය විසින් සිදු කළ ගනු-දෙනු පිළි­බඳ තොරු­තුරු ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමට ප්‍රංශයේ එයාර් බස් සමා­ගම එකඟ වී ඇත.

ඒ් අනුව මෙම ගනු-දෙනු­වට අදාළ සිය­ලුම ලේඛන ඊමේල් පණි­වුඩ ගිණුම් විස්තර යනා­දිය එම සමා­ගම විසින් අල්ලස් කොමි­සම වෙත ලබා දී ඇති අතර එම සාක්ෂි ඔස්සේ විම­ර්ශන සිදු කිරී­මේදී සැක­කාර නාමල් රාජ­පක්ෂ යන අයට එරෙ­හිව සාක්ෂි අනා­ව­ර­ණය විය. එහිදී අනා­ව­ර­ණය වූ සාක්ෂි අනුව සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ බව අල්ලස් කොමි­සම පැව­සීය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් නිමල් පෙරේරා නමැත්තා ඕස්ට්‍රෙ­ලි­යාවේ සිට දිවු­රුම් ප්‍රකා­ශ­යක් ඉදි­රි­පත් කර තිබෙන අතර ඔහුට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතු­වෙන් ඔහු ඕස්ට්‍රේලි­යාවේ රැඳී සිටින බව ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් සිදු කිරී­මෙන් අන­තු­රුව එල්ල වූ ජීවිත තර්ජන නිසා ඔහුට ඕස්ට්‍රේ­ලි­යා­වට පලා යාමට සිදු වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

නිමල් පෙරේරා යන අය­ගෙන් මේ වන විට ප්‍රකාශ සට­හන් කර­ගෙන ඇති අතර මුදල් බෙදා හැරී­මට කට­යුතු කළ සැක­කාර ප්‍රියංකා නියෝ­මාලි විජේ­නා­යක නමැ­ත්තිය මේ වන විට ඕස්ට්‍රේ­ලි­යාවේ රැඳී සිටින අතර එම සැක­කා­රිය අත්අ­ඩං­ගු­වට ගෙන රැගෙන ඒ්මට පිය­වර ගනි­මින් සිටින බව අල්ලස් කොමි­සම පැව­සු­වේය. තවත් සැක­ක­රු­වකු වන ශමීන්ද්‍ර රාජ­පක්ෂ නමැත්තා අමෙ­රි­කාවේ රැඳී සිටින බවට විම­ර්ශ­න­ව­ලදී කරුණු අනා­ව­ර­ණය විය.

එයාර් බස් මවු සමා­ගම ප්‍රශ්න­ගත එයාර් බස් ගනු­දෙ­නුව සම්බ­න්ධ­යෙන් වන ඕනෑම විම­ර්ශ­න­ය­කට සහය ලබා දීමට එකඟ වී ඇති බවද පැව­සීය. ඒ අනුව එයාර් බස් සමා­ගමේ ඉහළ නිල­ධා­රීන් අවස්ථා 03කදී මෙර­ටට පැමිණ ප්‍රකාශ 04ක් ලබා දී ඇත. එහි දී එයා­ර්බස් සමා­ගම හා සැක­කරු අතර සම්බ­න්ධ­තා­ව­න් පිළි­බ­ඳ­වත් තවත් කරුණු අනා­ව­ර­ණය විය.

දූෂණ විරෝධී පනතේ 149 වැනි වග­න්තිය ප්‍රකා­රව අල්ලස් කොමි­සමේ ජන­රා­ල්ව­රයා විසින් සහ­ති­ක­යක් ඉදි­රි­පත් කර තිබේ. විම­ර්ශන කට­යුතු අව­සන් අදි­යරේ පව­තින බැවින් සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගාරගත කිරී­මට කට­යුතු කරන ලෙස අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

සැක­කරු වෙනු­වෙන් ඇප ඉල්ලීම ඉදි­රි­පත් කර­මින් ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් කියා සිටියේ, තම සේවා­දා­ය­කයා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇත්තේ නිමල් පෙරේරා නමැ­ත්තාගේ ප්‍රකා­ශ­යක් මත පම­ණක් බවයි.

නිමල් පෙරේරා විසින් නාමල් රාජ­පක්ෂ මහ­තාට මුදල් ලබා දී ඇති බව තහ­වුරු කිරී­මට ප්‍රමා­ණ­වත් සාක්ෂි ඉදි­රි­පත් කර නොමැති බවද ජනා­ධි­පති නිති­ඥ­ව­රයා සඳ­හන් කළේය.

නිමල් පෙරේරා නමැත්තා අවස්ථා කිහි­ප­ය­කදී විවිධ ප්‍රකාශ සිදු­කර ඇති පුද්ග­ල­යකු බැවින් ඔහුගේ විශ්ව­ස­නී­ය­ත්වය පිළි­බඳ බර­ප­තළ ගැටලු පව­තින බවද ඔහු අධි­ක­ර­ණ­යේදී පෙන්වා දුන්නේය.

ප්‍රංශ නිල­ධා­රීන් හෝ එයා­ර්බස් සමා­ගමේ නිල­ධා­රීන් විසින් නිමල් පෙරේ­රාට මුදල් ලබා දුන් බවට ප්‍රකාශ කර නොමැති බවද ජනා­ධි­පති නිතීඥ සම්පත් මෙන්ඩිස් මහතා පැව­සීය.

එමෙන්ම නිමල් පෙරේරා සම්බන්ධ තවත් නඩු­වක් මේ වන විට මහා­ධි­ක­ර­ණය හමුවේ විභා­ග­යට ලක්වෙ­මින් පව­තින බවත්, එය ක්‍රිෂ් ගනු­දෙ­නු­වට අදාළ නඩු­වක් බවත් ඔහු සඳ­හන් කළේය.

එම නඩු­වට අදා­ළ­වද මුදල් ලැබී ඇති බව පැව­සෙන්නේ Sabre Vision Holding Ltd නමැති සමා­ග­ම­කට අයත් ගිණු­ම­කට බව පෙන්වා දුන් ජනා­ධි­පති නීති­ඥ­ව­රයා, එහිදී නිමල් පෙරේරා එම ගිණුම තමන්ට අයත් නොවන බවත්, එය ඉතාලි ජාතික මිතු­ර­කුට අයත් ගිණු­මක් බවත් ප්‍රකාශ කර ඇති බව අධි­ක­ර­ණ­යට පැව­සීය.

ඒ අනුව නිමල් පෙරේරා එක් අව­ස්ථා­වක එක් ප්‍රකා­ශ­යක්ද, තවත් අව­ස්ථා­වක ඊට වෙනස් ප්‍රකා­ශ­යක්ද සිදු­කර ඇති බව ජනා­ධි­පති නීති­ඥ­ව­රයා පෙන්වා දුන්නේය.

2019 වස­රේදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව නිමල් පෙරේරා විසින් ලබාදී ඇති ප්‍රකාශ විශ්වාස නොකළ බවද සඳ­හන් කළ ජනා­ධි­පති නීති­ඥ­ව­රයා, එසේ නම් 2026 වස­රේදී ඔහුගේ ප්‍රකාශ විශ්වාස කරන්නේ කෙසේ­දැයි ප්‍රශ්න කළේය.

මෙහිදී කරුණු දැක්වූ ජනා­ධි­පති නීති­ඥ­ව­රයා, මෙවැනි තත්ත්ව­යක් සම්බ­න්ධ­යෙන් “කන්න ඕනේ වුණාම කබ­ර­ගො­යාත් තල­ගොයා කිරීමේ න්‍යාය” ලෙස හැඳි­න්විය හැකි බවද සඳ­හන් කළේය.

එබැ­වින් මෙම කරුණු සුවි­ශේෂී කරුණු ලෙස සලකා තම සේවා­දා­ය­ක­යාට ඇප ලබා­දෙන ලෙස ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා සඳ­හන් කළේ, සැක­කරු සම්බ­න්ධ­යෙන් දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා විසින් සහ­ති­ක­යක් ඉදි­රි­පත් කර ඇති බවයි.

එම සහ­ති­කය අභි­යෝ­ග­යට ලක්කර නොමැති බැවින්, සැක­ක­රුට ඇප ලබා­දී­මට අධි­ක­ර­ණ­යට බලය ලැබෙන්නේ සුවි­ශේෂී කරුණු ඉදි­රි­පත් වන අව­ස්ථා­වක පම­ණක් බවද මහේ­ස්ත්‍රා­ත්ව­රයා පෙන්වා දුන්නේය.

මෙහිදී සැක­ක­රුගේ නීති­ඥ­ව­රුන් විසින් සුවි­ශේෂී කරුණු ලෙස ඉදි­රි­පත් කර ඇත්තේ නිමල් පෙරේරා නමැත්තා ලබාදී ඇති ප්‍රකා­ශයේ විශ්ව­ස­නී­ය­ත්වය සම්බන්ධ කරුණු බවද මහේ­ස්ත්‍රා­ත්ව­රයා සඳ­හන් කළේය.

සාක්ෂි­ක­රු­ව­කුගේ සාක්ෂි­වල විශ්ව­ස­නී­ය­ත්වය නිර්ණය කළ හැක්කේ නඩු විභා­ග­ය­කදී බවත්, හරස් ප්‍රශ්න ඇසීම ඇතුළු නඩු විභා­ග­යේදී සිදු­ක­රන ක්‍රියා­මාර්ග හරහා එම සාක්ෂි­වල විශ්ව­ස­නී­ය­ත්වය තීර­ණය කළ හැකි බවත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා පෙන්වා දුන්නේය.

ඒ අනුව, මෙම අව­ස්ථා­වේදී නිමල් පෙරේරා නමැත්තා ලබාදී ඇති සාක්ෂියේ විශ්ව­ස­නී­ය­ත්වය පිළි­බඳ තීර­ණ­යක් ගැනී­මට තම අධි­ක­ර­ණ­යට හැකි­යා­වක් නොමැති බවද මහේ­ස්ත්‍රා­ත්ව­රයා සඳ­හන් කළේය.

එම කරුණු අනුව සැක­ක­රුට ඇප ලබා­දී­මට සුවි­ශේෂී කරුණු ඉදි­රි­පත් වී නොමැති බැවින්, නාමල් රාජ­පක්ෂ මහ­තාගේ ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා, ඔහු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කළේය.

එදි­නට විම­ර්ශ­න­වල ප්‍රග­තිය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසද මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

තවද, එයා­ර්බස් සමා­ගමේ නිල­ධා­රීන් විසින් ලබාදී ඇති ප්‍රකා­ශ­වල සාක්ෂි සම්පි­ණ්ඩ­න­යක් මීළඟ නඩු දින­යේදී අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසද මහේ­ස්ත්‍රා­ත්ව­රයා අල්ලස් කොමි­ස­මට නියෝග කළේය.

රොශෙල් ප්‍රනාන්දු සහ පාරින්ද්‍යා ගුණ­දාස





Former Minister Namal Rajapaksa Remanded in Custody Amid Corruption Allegations

The Sri Lankan authorities have taken significant action against Namal Rajapaksa, a former minister, with the remanding of his custody linked to a corruption investigation within the government's procurement dealings involving Airbus aircraft. Businessman Nimal Perera has disclosed that Rajapaksa received a commission of $800,000, an allegation substantiated by evidence presented to the Anti-Corruption Commission.

In a ruling last Friday (October 4), Chief Magistrate Asanga S. Bodaragama directed that Rajapaksa must remain in remand until October 18, following charges brought against him under the Prevention of Corruption Act. The Anti-Corruption Commission, upon conducting investigations, secured the order amidst growing scrutiny surrounding the matter.

Additional Solicitor General Janaka Bandara informed the court that investigations involving Rajapaksa included cooperation with international partners, notably from Australia, Singapore, France, and the United States, indicating the global scope of the inquiry.

The court learned that an agreement had been established for the procurement of ten Airbus aircraft through a contract signed between the French Airbus company and Sri Lanka's national carrier. After the acquisition of two aircraft, a sum of $20 million was reportedly deposited into a bank account in Singapore linked to a company known as Business Solutions, which is said to have ties to Brunei. Furthermore, evidence emerged that €1.454 million had been funneled as bribes in relation to the aircraft procurement.

The director of Business Solutions, Priyankan Niomalie Wijenayake, is linked to Kapila Chandrasena, a former CEO of SriLankan Airlines. As investigations unfolded, it was revealed that she played a pivotal role in the alleged financial transactions, including depriving Shamintha Rajapaksa, another suspect, of substantial sums totaling 25 million Sri Lankan Rupees across several occasions.

Reports suggest that an additional $800,000 was transferred to a bank account in Singapore belonging to Sabre Vision Holding Ltd, a firm associated with Nimal Perera, who currently resides in Australia. Allegations indicate that Perera facilitated the transfer of these funds to Rajapaksa, with the bribes dating back to around 2014, amounting to Rs. 100 million in value.

The Airbus company had expressed willingness to collaborate with the investigations, indicating that they would make all pertinent documentation available to the Anti-Corruption Commission. As further developments surfaced, the court received comprehensive reports concerning communications between various parties involved in the controversial transactions.

During the court proceedings, Principal State Counsel emphasized the credibility concerns surrounding Perera, pointing out his inconsistent statements throughout the investigation process, raising issues regarding his reliability as a witness.

In light of the revelations, the magistrate underscored the need for thorough scrutiny of all evidence presented, indicating that essential details pertaining to the procurement and subsequent accusations against Rajapaksa had emerged as critical points for consideration.

In conclusion, the magistrate reiterated that insufficient reasons had been established to justify granting bail to Rajapaksa, thus reinforcing his order for continued remand until the new hearing set for October 18, while demanding further progress on the investigations during that period.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

26 Comments

  1. 'අනුව, මෙම අව­ස්ථා­වේදී නිමල් පෙරේරා නමැත්තා ලබාදී ඇති සාක්ෂියේ විශ්ව­ස­නී­ය­ත්වය පිළි­බඳ තීර­ණ­යක් ගැනී­මට තම අධි­ක­ර­ණ­යට හැකි­යා­වක් නොමැති බවද මහේ­ස්ත්‍රා­ත්ව­රයා සඳ­හන් කළේය.'

    තොගේ කැකිල්ලේ අදිකරණනයට එතකොට මිනිස්සු නිකං හිරේ දාන්න පුළුවන්ද පොන්න පකෝ

    ReplyDelete
    Replies
    1. මහේස්ත්‍රාත් පකයා විශ්වසනීය නැති සාක්ශි මත මිනිහෙක්ව රිමාන්ඩ් කරනවා. පකේ ජජාලා පැලවට්ටෙ වහල්ලුද?

      Delete
    2. රජයේ සාක්ෂිකරුවන් විදියට කාලකන්නි මයින හැත්ත අතුගාලම දාන්න පුළුවන් නං දිවිය ලෝකෙ ඉඳන් සාක්කි දුන්නත් මොකද

      Delete
    3. දේශපාලන විරුද්ධවාදීන් බොරු චෝදනා මත දඩයම සුන්දරයි ආණ්ඩුව තියෙනකම්.

      Delete
    4. ඕස්ට්‍රේලියාවෙ ඉන්න ලංකාවෙන් පැනපු උන් සියල්ලෝම හොරු මංකොල්ලකාරයො වගේ පේන්නෙ. රොබරියක් දුන්නු මිනීමරපු උන් ඔක්කොම ගල් වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ

      Delete
    5. ඒක නම් නියම කතාව. බෝට්ටු තහනම්. හොරු වංචනිකයො OK ඔට්ටේලියාවට

      Delete
    6. හා හා කලබල වෙන්න එපා. චෝදනා අති දරුණුයි. අ‌මෙරි­කානු ඩොලර් ලක්ෂ 08ක් තියන්නෙ එසේ මෙසේ වංචාවක් නෙමේ.

      Delete
    7. අධිකරණයේ දූශිතම කාල වකවානුව එළඹ ඇත

      Delete
    8. සිරානි බණ්ඩාරනායකට එන්න කියන්නද අධිකරණයේ ස්වාධීනත්වය ගැන බයියන්ට රෙවෙන්න කියල දෙන්න? දැන් ටිකක් මළ බද්ධය වාගේ නං?

      Delete
    9. ජෙපි බයියන්ට මළ බද්ධයලු

      Delete
  2. එයා ලංකාවට කැමෙත්තෙන් ඒමක් ගැන කතාවක් යන්නේ කොහොමද?

    එයා අල්ලස් හා දූෂණ නඩුවක සැකකාරයෙක් නම් සැකකාරයෝ කැමතිනම් විතරද එන්න ඔනේ?

    ගමේ කසිප්පු නඩු වල සැකකාරයින්ටත් පුළුවන් ද කියන්න, මම එන්නේ නෑ - මම සූම් හරහා ප්‍රකාශ ලබා දෙන්නම් කියලා

    නිමල් පෙරේරා ඇත්තටම සැකකාරයේක් නම්, දැන් මෙතන සිද්ධ වෙන්න ඕනේ උද්දර්පණ නීතිය යටතේ නිමල් පෙරේරාව මෙරට ගෙන ඒම සහ බන්ධනාගාරගත කිරීම නෙමෙයි ද?

    නිමල් පෙරේරා සැකකාරයෙක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න බෑ නේ මල්ලි එතකොට ගහපු ගේම අල වෙනවනේ. නඩුව මොකක් උනත් කාව හරි ඇතුලට දැම්මොත් තමයි අපේ ඩෝබිලා, වහල්ලු ෆෝම් කරන්න පුළුවන්.

      Delete
  3. මහේස්ත්‍රාත්‍ට ලඟදීම දිස්ත්‍රික්ක උසාවියට උසස්වීම ලැබෙනවා. 22 එන්න ඉස්සර මෙහෙම නම් 22 ආවට පස්සෙ ලංකාවේ නීතිය බලු වෙනවා. ජෙප්පන්ට ඕනෑ විදියට කැලෑ නීතිය ස්ථාපිත වෙනවා.

    ReplyDelete
  4. නිමල් පෙරෙරා දාර හොරෙක් වංචනිකයෙක්. ඌ අල්ලස් ගත්තු එකෙන් ගැළවෙන්න ජේවීපී ආණ්ඩුවෙ කීමට අහක යන රාජපකයෙක් ගාවලා. රාජපක්කුන්ටත් හොද වැඩේ නිමල් පෙරෙරා ඩම්මික පෙරෙරා ඉශාර නානායක්කාර වගේ හොර ජාවාරම්කාර පකයො එක්ක ඩීල් කළාට

    ReplyDelete
    Replies
    1. Ithin pako Miniha australia panne thope andu thiyena kalene.. Alla gena nadu ahanna thibbane... Ay bariwune? Rajapakshala ta nama clear karaganna one nam issellama karanna thibbe hari investigation ekak karala waradi karapu ayata daduwam dena ekai..Eka kalada? Ay nokale... Ekama hethuwa Rajapaksha la mekata sambandai...Onna oka hariyata hithapalla...Ethakota therei kawuda horu kiyala...Kathirayak kala Deyak🤣🤣🤣🤣

      Delete
  5. නිමල් පෙරෙරාගෙ කලු සල්ලි සුදු කරන තවත් එකෙක් හිටපු හිපාටු දූශිත අගවිනිසොරා සරත් එන් සිල්වා. උගෙ බතල පුතාව නිමල් පෙරෙර ළග වැඩට යවලා ඌ කලු සල්ලි ජාවාරම් කොරන්නෙ

    ReplyDelete
  6. සියලු හොරු එක්කො ඕස්ට්‍රේලියාවෙ නැත්නම් ඩුබායිවල

    ReplyDelete
  7. Methana allasa aran thiyenna Nimal Perera kiyala u piligannava ekta uva epai athadanguvata ganna. anika Nimal pererage lanakave thiyena vathkam thanam karanna one ehenam. mu lanakavata enna bayai kiyanne eken penavane anduve arakshava gana thiyena vishvase

    ReplyDelete
  8. කපිලට,එරාජ්ට,,C.D.ට වුනු දෙවල නිසා භය ඇති

    ReplyDelete
  9. Corrupt judiciary. Sri Lankan law is already finished.

    ReplyDelete
  10. මම දන්නෙ නෑ මේකට නාමල් සම්බන්ධද නැද්ද කියලා. හැබැයි මම දන්නවා සල්ලි හොරාකන නිලධාරීන් ඉන්නවා. උන් අන්තිමට කෝට් වීගෙන එනකොට ප්‍රසිද්ධ දේශපාලනඥයින්ගෙ නම් කියනවා බේරෙන්න. එහෙම පැත්තකුත් තියෙනවා. මෙතන නාමල්ට සල්ලි දුන්නා කියන්න කිසිම සාක්ෂියක් නෑ. හැබැයි කපිලගේ නෝනගෙ ගිණුම් වලට එයාර් බස් එකෙන් සල්ලි දාලා තියෙනවා. එයාර් බස් එක ඔය වගේ දේවල් කරනවා හරි අඩුයි. ඒගොල්ලන්ගෙ නීතිය අනුව ඒක අපරාදමය වැරැද්දක්. කපිලයා ගෑණිත් එක්ක සෙට්වෙලා හොරකන් කරලා අන්තිමට වෙන උන් මාට්ටු කරන්න හදනවද දන්න්නෙත් නෑ. නැත්නම් ඌ සූසයිඩ් කරගන්න ඕනා නෑ.

    ReplyDelete
    Replies
    1. namal sambandada nedda uba danne naha, habai kapilage genita salli dapu eka uba danne kohomada ban??ubata kiyalada damme??

      Delete
    2. නාමල් මෙන්න මේ බෙට්ට දිවෙන් අරං කාල රහද කියාපන් කිව්වොත්, අති විසිස්ටයි සෑර් කියන ලෙවල් එකේ ලෝන්තයෙක්

      ලියන්න කියවන්න නං අමාරු ඇති ටිකක්. ඒක නිසා දන්නෙ නැතුව ඇති මේ ගැන කොහොමත් https://www.justice.gov/usao-dc/pr/airbus-agrees-pay-over-39-billion-global-penalties-resolve-foreign-bribery-and-itar-case

      Delete
  11. දැන් සැපද? තවත් අභිරහස් සියදිවි හානිකරගැනීමක් ලගදීම... පොහොට්ටු පිපෙයි!

    ReplyDelete
  12. අල්ලස් දීපු එකා නිදැල්ලෙ. එන්න බය ඇති. ආවොත් මස්වැදි ජෙප්පො මූව මරල රාජපක්ශ ලගෙ ගිනුමට බැර කරනවා. මූව අල්ලන් එන්න ඕන ආන්ඩුව අල්ලස් දුන්නට. මූන බැලුවම පේනවා කාලකන්නි යෙක් කියලා. ඕස්ට්‍රේලියාව කියන්නෙ ජවිපා හොරුන්ගෙ තිප්පොල.Shame on you Australian Government

    ReplyDelete
  13. Oka tawath eka pachayak.hiks

    ReplyDelete
Previous Post Next Post