ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිල දී ගැනීමට අදාළ ගනුදෙනුවේදී ලද කොමිස් මුදලින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 08ක් නාමල් රාජපක්ෂට ලබා දී ඇතැයි ව්‍යාපාරික නිමල් පෙරේරා විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශය ඇතුළු ඊට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණයට සහතිකයක් නිකුත් කර තිබේ.
එම සහතිකය නාමල් රාජපක්ෂගේ නීතිඥයන් අභියෝගයට ලක්කර නොමැති බැවින් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ මස 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග ඒස්. බෝදරගම මහතා පසුගියදා (04) නියෝග කළේය.
අල්ලස් කොමිසම මඟින් ඔහුව අත්අඩංගුවට ගත් සැකකරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය සිදු කළේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් කොමිසම එක්ව සිදු කරන විමර්ශනයකට අදාළව සැකකරු අත්අඩංගුවට ගත් බව පැවසීය.
ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල්වල ජාත්‍යන්තර සහය ඇතිව විමර්ශන කටයුතු මේ වන විට අවසන් අදියරට ළඟා වී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා,
ප්‍රංශයේ එයාර් බස් සමාගම සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අතර පුළුල් බඳ සහිත එයාර් බස් ගුවන්යානා 10ක් මිලදී ගැනීමට ගිවිසුමක් ඇති වී තිබූ බව පැවසීය.
ඒ් අනුව ගුවන් යානා 2ක් මිලදී ගැනීමෙන් පසු, එයාර් බස් සමාගමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් සිංගප්පූරුවේ ස්ටෑන්ටඩ් චාර්ටඩ් බැංකුවේ බිස් සොලියුෂන් නමැති සමාගමට ලැබී ඇති අතර එහි මවු සමාගම බෘනායි රාජ්‍යයේ පිහිටා තිබෙන බව විමර්ශනවලදී අනාවරණය විය. ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවේදී එයාර් බස් සමාගමෙන් යුරෝ මිලියන 1.454ක් අල්ලස් මුදල් වශයෙන් ලෙස ලබාදී ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය විය.
එම බිස් සොලියුෂන් නමැති සමාගමේ හිමිකාරිය මෙන්ම එම සමාගමේ අධ්‍යක්ෂවරිය ලෙසද ප්‍රියංකා නියෝමාලී විජේනායක යන අය කටයුතු කර තිබේ.
මෙම ප්‍රියංකා නියෝමාලී යන අය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන්ගේ බිරිය බවද විමර්ශනවලදී අනාවරණය වූ බව පැවසීය.
ප්‍රියංකා නියෝමාලී විජේනායකගේ සමාගමකින් රුපියල් මිලියන 9, 7, 2 සහ 6 වශයෙන් අවස්ථා 4 කදී රුපියල් මිලියන 25ක මුදලක් ශමීන්ද්‍ර රාජපක්ෂ නමැති සැකකරුට බැර වී තිබෙන අතර තවත් අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක් මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන නිමල් පෙරේරා නමැත්තාගේ Sabre Vision Holding Ltd සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි OCBC බැංකුවේ ඇති ගිණුමකට මුදල් බැර වී තිබෙන බව පැවැසීය.
පසුම මෙම නිමල් පෙරේරා විසින් එම අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් සැකකාර නාමල් රාජපක්ෂට ලබා දී ඇතැයි දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ. 2014 වසරේ විනිමය අනුපාතයට අනුව එසේ ලබා දුන් මුදල්වල වටිනාකම රුපියල් මිලියන 100ක් පමණ වන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම ගුවන්යානා මිලදී ගැනීම පිළිබඳ ප්‍රංශයේ එයාර් බස් සමාගමේ මීට පෙර සිටි කළමනාකාරීත්වය විසින් සිදු කළ ගනු-දෙනු පිළිබඳ තොරුතුරු ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමට ප්‍රංශයේ එයාර් බස් සමාගම එකඟ වී ඇත.
ඒ් අනුව මෙම ගනු-දෙනුවට අදාළ සියලුම ලේඛන ඊමේල් පණිවුඩ ගිණුම් විස්තර යනාදිය එම සමාගම විසින් අල්ලස් කොමිසම වෙත ලබා දී ඇති අතර එම සාක්ෂි ඔස්සේ විමර්ශන සිදු කිරීමේදී සැකකාර නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව සාක්ෂි අනාවරණය විය. එහිදී අනාවරණය වූ සාක්ෂි අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අල්ලස් කොමිසම පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිමල් පෙරේරා නමැත්තා ඕස්ට්‍රෙලියාවේ සිට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙන අතර ඔහුට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් ඔහු ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින බව ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව එල්ල වූ ජීවිත තර්ජන නිසා ඔහුට ඕස්ට්‍රේලියාවට පලා යාමට සිදු වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
නිමල් පෙරේරා යන අයගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මුදල් බෙදා හැරීමට කටයුතු කළ සැකකාර ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැත්තිය මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින අතර එම සැකකාරිය අත්අඩංගුවට ගෙන රැගෙන ඒ්මට පියවර ගනිමින් සිටින බව අල්ලස් කොමිසම පැවසුවේය. තවත් සැකකරුවකු වන ශමීන්ද්‍ර රාජපක්ෂ නමැත්තා අමෙරිකාවේ රැඳී සිටින බවට විමර්ශනවලදී කරුණු අනාවරණය විය.
එයාර් බස් මවු සමාගම ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන ඕනෑම විමර්ශනයකට සහය ලබා දීමට එකඟ වී ඇති බවද පැවසීය. ඒ අනුව එයාර් බස් සමාගමේ ඉහළ නිලධාරීන් අවස්ථා 03කදී මෙරටට පැමිණ ප්‍රකාශ 04ක් ලබා දී ඇත. එහි දී එයාර්බස් සමාගම හා සැකකරු අතර සම්බන්ධතාවන් පිළිබඳවත් තවත් කරුණු අනාවරණය විය.
දූෂණ විරෝධී පනතේ 149 වැනි වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබේ. විමර්ශන කටයුතු අවසන් අදියරේ පවතින බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ නිමල් පෙරේරා නමැත්තාගේ ප්‍රකාශයක් මත පමණක් බවයි.
නිමල් පෙරේරා විසින් නාමල් රාජපක්ෂ මහතාට මුදල් ලබා දී ඇති බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවද ජනාධිපති නිතිඥවරයා සඳහන් කළේය.
නිමල් පෙරේරා නමැත්තා අවස්ථා කිහිපයකදී විවිධ ප්‍රකාශ සිදුකර ඇති පුද්ගලයකු බැවින් ඔහුගේ විශ්වසනීයත්වය පිළිබඳ බරපතළ ගැටලු පවතින බවද ඔහු අධිකරණයේදී පෙන්වා දුන්නේය.
ප්‍රංශ නිලධාරීන් හෝ එයාර්බස් සමාගමේ නිලධාරීන් විසින් නිමල් පෙරේරාට මුදල් ලබා දුන් බවට ප්‍රකාශ කර නොමැති බවද ජනාධිපති නිතීඥ සම්පත් මෙන්ඩිස් මහතා පැවසීය.
එමෙන්ම නිමල් පෙරේරා සම්බන්ධ තවත් නඩුවක් මේ වන විට මහාධිකරණය හමුවේ විභාගයට ලක්වෙමින් පවතින බවත්, එය ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවක් බවත් ඔහු සඳහන් කළේය.
එම නඩුවට අදාළවද මුදල් ලැබී ඇති බව පැවසෙන්නේ Sabre Vision Holding Ltd නමැති සමාගමකට අයත් ගිණුමකට බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, එහිදී නිමල් පෙරේරා එම ගිණුම තමන්ට අයත් නොවන බවත්, එය ඉතාලි ජාතික මිතුරකුට අයත් ගිණුමක් බවත් ප්‍රකාශ කර ඇති බව අධිකරණයට පැවසීය.
ඒ අනුව නිමල් පෙරේරා එක් අවස්ථාවක එක් ප්‍රකාශයක්ද, තවත් අවස්ථාවක ඊට වෙනස් ප්‍රකාශයක්ද සිදුකර ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
2019 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිමල් පෙරේරා විසින් ලබාදී ඇති ප්‍රකාශ විශ්වාස නොකළ බවද සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, එසේ නම් 2026 වසරේදී ඔහුගේ ප්‍රකාශ විශ්වාස කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
මෙහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා, මෙවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් “කන්න ඕනේ වුණාම කබරගොයාත් තලගොයා කිරීමේ න්‍යාය” ලෙස හැඳින්විය හැකි බවද සඳහන් කළේය.
එබැවින් මෙම කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සැකකරු සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර ඇති බවයි.
එම සහතිකය අභියෝගයට ලක්කර නොමැති බැවින්, සැකකරුට ඇප ලබාදීමට අධිකරණයට බලය ලැබෙන්නේ සුවිශේෂී කරුණු ඉදිරිපත් වන අවස්ථාවක පමණක් බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
මෙහිදී සැකකරුගේ නීතිඥවරුන් විසින් සුවිශේෂී කරුණු ලෙස ඉදිරිපත් කර ඇත්තේ නිමල් පෙරේරා නමැත්තා ලබාදී ඇති ප්‍රකාශයේ විශ්වසනීයත්වය සම්බන්ධ කරුණු බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
සාක්ෂිකරුවකුගේ සාක්ෂිවල විශ්වසනීයත්වය නිර්ණය කළ හැක්කේ නඩු විභාගයකදී බවත්, හරස් ප්‍රශ්න ඇසීම ඇතුළු නඩු විභාගයේදී සිදුකරන ක්‍රියාමාර්ග හරහා එම සාක්ෂිවල විශ්වසනීයත්වය තීරණය කළ හැකි බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, මෙම අවස්ථාවේදී නිමල් පෙරේරා නමැත්තා ලබාදී ඇති සාක්ෂියේ විශ්වසනීයත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
එම කරුණු අනුව සැකකරුට ඇප ලබාදීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බැවින්, නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔහු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
එදිනට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
තවද, එයාර්බස් සමාගමේ නිලධාරීන් විසින් ලබාදී ඇති ප්‍රකාශවල සාක්ෂි සම්පිණ්ඩනයක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.
රොශෙල් ප්‍රනාන්දු සහ පාරින්ද්‍යා ගුණදාස
Former Minister Namal Rajapaksa Remanded in Custody Amid Corruption Allegations
The Sri Lankan authorities have taken significant action against Namal Rajapaksa, a former minister, with the remanding of his custody linked to a corruption investigation within the government's procurement dealings involving Airbus aircraft. Businessman Nimal Perera has disclosed that Rajapaksa received a commission of $800,000, an allegation substantiated by evidence presented to the Anti-Corruption Commission.
In a ruling last Friday (October 4), Chief Magistrate Asanga S. Bodaragama directed that Rajapaksa must remain in remand until October 18, following charges brought against him under the Prevention of Corruption Act. The Anti-Corruption Commission, upon conducting investigations, secured the order amidst growing scrutiny surrounding the matter.
Additional Solicitor General Janaka Bandara informed the court that investigations involving Rajapaksa included cooperation with international partners, notably from Australia, Singapore, France, and the United States, indicating the global scope of the inquiry.
The court learned that an agreement had been established for the procurement of ten Airbus aircraft through a contract signed between the French Airbus company and Sri Lanka's national carrier. After the acquisition of two aircraft, a sum of $20 million was reportedly deposited into a bank account in Singapore linked to a company known as Business Solutions, which is said to have ties to Brunei. Furthermore, evidence emerged that €1.454 million had been funneled as bribes in relation to the aircraft procurement.
The director of Business Solutions, Priyankan Niomalie Wijenayake, is linked to Kapila Chandrasena, a former CEO of SriLankan Airlines. As investigations unfolded, it was revealed that she played a pivotal role in the alleged financial transactions, including depriving Shamintha Rajapaksa, another suspect, of substantial sums totaling 25 million Sri Lankan Rupees across several occasions.
Reports suggest that an additional $800,000 was transferred to a bank account in Singapore belonging to Sabre Vision Holding Ltd, a firm associated with Nimal Perera, who currently resides in Australia. Allegations indicate that Perera facilitated the transfer of these funds to Rajapaksa, with the bribes dating back to around 2014, amounting to Rs. 100 million in value.
The Airbus company had expressed willingness to collaborate with the investigations, indicating that they would make all pertinent documentation available to the Anti-Corruption Commission. As further developments surfaced, the court received comprehensive reports concerning communications between various parties involved in the controversial transactions.
During the court proceedings, Principal State Counsel emphasized the credibility concerns surrounding Perera, pointing out his inconsistent statements throughout the investigation process, raising issues regarding his reliability as a witness.
In light of the revelations, the magistrate underscored the need for thorough scrutiny of all evidence presented, indicating that essential details pertaining to the procurement and subsequent accusations against Rajapaksa had emerged as critical points for consideration.
In conclusion, the magistrate reiterated that insufficient reasons had been established to justify granting bail to Rajapaksa, thus reinforcing his order for continued remand until the new hearing set for October 18, while demanding further progress on the investigations during that period.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

'අනුව, මෙම අවස්ථාවේදී නිමල් පෙරේරා නමැත්තා ලබාදී ඇති සාක්ෂියේ විශ්වසනීයත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.'
ReplyDeleteතොගේ කැකිල්ලේ අදිකරණනයට එතකොට මිනිස්සු නිකං හිරේ දාන්න පුළුවන්ද පොන්න පකෝ
මහේස්ත්‍රාත් පකයා විශ්වසනීය නැති සාක්ශි මත මිනිහෙක්ව රිමාන්ඩ් කරනවා. පකේ ජජාලා පැලවට්ටෙ වහල්ලුද?
Deleteරජයේ සාක්ෂිකරුවන් විදියට කාලකන්නි මයින හැත්ත අතුගාලම දාන්න පුළුවන් නං දිවිය ලෝකෙ ඉඳන් සාක්කි දුන්නත් මොකද
Deleteදේශපාලන විරුද්ධවාදීන් බොරු චෝදනා මත දඩයම සුන්දරයි ආණ්ඩුව තියෙනකම්.
Deleteඕස්ට්‍රේලියාවෙ ඉන්න ලංකාවෙන් පැනපු උන් සියල්ලෝම හොරු මංකොල්ලකාරයො වගේ පේන්නෙ. රොබරියක් දුන්නු මිනීමරපු උන් ඔක්කොම ගල් වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ
Deleteඒක නම් නියම කතාව. බෝට්ටු තහනම්. හොරු වංචනිකයො OK ඔට්ටේලියාවට
Deleteහා හා කලබල වෙන්න එපා. චෝදනා අති දරුණුයි. අමෙරිකානු ඩොලර් ලක්ෂ 08ක් තියන්නෙ එසේ මෙසේ වංචාවක් නෙමේ.
Deleteඅධිකරණයේ දූශිතම කාල වකවානුව එළඹ ඇත
Deleteසිරානි බණ්ඩාරනායකට එන්න කියන්නද අධිකරණයේ ස්වාධීනත්වය ගැන බයියන්ට රෙවෙන්න කියල දෙන්න? දැන් ටිකක් මළ බද්ධය වාගේ නං?
Deleteජෙපි බයියන්ට මළ බද්ධයලු
Deleteඑයා ලංකාවට කැමෙත්තෙන් ඒමක් ගැන කතාවක් යන්නේ කොහොමද?
ReplyDeleteඑයා අල්ලස් හා දූෂණ නඩුවක සැකකාරයෙක් නම් සැකකාරයෝ කැමතිනම් විතරද එන්න ඔනේ?
ගමේ කසිප්පු නඩු වල සැකකාරයින්ටත් පුළුවන් ද කියන්න, මම එන්නේ නෑ - මම සූම් හරහා ප්‍රකාශ ලබා දෙන්නම් කියලා
නිමල් පෙරේරා ඇත්තටම සැකකාරයේක් නම්, දැන් මෙතන සිද්ධ වෙන්න ඕනේ උද්දර්පණ නීතිය යටතේ නිමල් පෙරේරාව මෙරට ගෙන ඒම සහ බන්ධනාගාරගත කිරීම නෙමෙයි ද?
නිමල් පෙරේරා සැකකාරයෙක් නෙමෙයිද?
එහෙම කරන්න බෑ නේ මල්ලි එතකොට ගහපු ගේම අල වෙනවනේ. නඩුව මොකක් උනත් කාව හරි ඇතුලට දැම්මොත් තමයි අපේ ඩෝබිලා, වහල්ලු ෆෝම් කරන්න පුළුවන්.
Deleteමහේස්ත්‍රාත්ට ලඟදීම දිස්ත්‍රික්ක උසාවියට උසස්වීම ලැබෙනවා. 22 එන්න ඉස්සර මෙහෙම නම් 22 ආවට පස්සෙ ලංකාවේ නීතිය බලු වෙනවා. ජෙප්පන්ට ඕනෑ විදියට කැලෑ නීතිය ස්ථාපිත වෙනවා.
ReplyDeleteනිමල් පෙරෙරා දාර හොරෙක් වංචනිකයෙක්. ඌ අල්ලස් ගත්තු එකෙන් ගැළවෙන්න ජේවීපී ආණ්ඩුවෙ කීමට අහක යන රාජපකයෙක් ගාවලා. රාජපක්කුන්ටත් හොද වැඩේ නිමල් පෙරෙරා ඩම්මික පෙරෙරා ඉශාර නානායක්කාර වගේ හොර ජාවාරම්කාර පකයො එක්ක ඩීල් කළාට
ReplyDeleteIthin pako Miniha australia panne thope andu thiyena kalene.. Alla gena nadu ahanna thibbane... Ay bariwune? Rajapakshala ta nama clear karaganna one nam issellama karanna thibbe hari investigation ekak karala waradi karapu ayata daduwam dena ekai..Eka kalada? Ay nokale... Ekama hethuwa Rajapaksha la mekata sambandai...Onna oka hariyata hithapalla...Ethakota therei kawuda horu kiyala...Kathirayak kala Deyak🤣🤣🤣🤣
Deleteනිමල් පෙරෙරාගෙ කලු සල්ලි සුදු කරන තවත් එකෙක් හිටපු හිපාටු දූශිත අගවිනිසොරා සරත් එන් සිල්වා. උගෙ බතල පුතාව නිමල් පෙරෙර ළග වැඩට යවලා ඌ කලු සල්ලි ජාවාරම් කොරන්නෙ
ReplyDeleteසියලු හොරු එක්කො ඕස්ට්‍රේලියාවෙ නැත්නම් ඩුබායිවල
ReplyDeleteMethana allasa aran thiyenna Nimal Perera kiyala u piligannava ekta uva epai athadanguvata ganna. anika Nimal pererage lanakave thiyena vathkam thanam karanna one ehenam. mu lanakavata enna bayai kiyanne eken penavane anduve arakshava gana thiyena vishvase
ReplyDeleteකපිලට,එරාජ්ට,,C.D.ට වුනු දෙවල නිසා භය ඇති
ReplyDeleteCorrupt judiciary. Sri Lankan law is already finished.
ReplyDeleteමම දන්නෙ නෑ මේකට නාමල් සම්බන්ධද නැද්ද කියලා. හැබැයි මම දන්නවා සල්ලි හොරාකන නිලධාරීන් ඉන්නවා. උන් අන්තිමට කෝට් වීගෙන එනකොට ප්‍රසිද්ධ දේශපාලනඥයින්ගෙ නම් කියනවා බේරෙන්න. එහෙම පැත්තකුත් තියෙනවා. මෙතන නාමල්ට සල්ලි දුන්නා කියන්න කිසිම සාක්ෂියක් නෑ. හැබැයි කපිලගේ නෝනගෙ ගිණුම් වලට එයාර් බස් එකෙන් සල්ලි දාලා තියෙනවා. එයාර් බස් එක ඔය වගේ දේවල් කරනවා හරි අඩුයි. ඒගොල්ලන්ගෙ නීතිය අනුව ඒක අපරාදමය වැරැද්දක්. කපිලයා ගෑණිත් එක්ක සෙට්වෙලා හොරකන් කරලා අන්තිමට වෙන උන් මාට්ටු කරන්න හදනවද දන්න්නෙත් නෑ. නැත්නම් ඌ සූසයිඩ් කරගන්න ඕනා නෑ.
ReplyDeletenamal sambandada nedda uba danne naha, habai kapilage genita salli dapu eka uba danne kohomada ban??ubata kiyalada damme??
Deleteනාමල් මෙන්න මේ බෙට්ට දිවෙන් අරං කාල රහද කියාපන් කිව්වොත්, අති විසිස්ටයි සෑර් කියන ලෙවල් එකේ ලෝන්තයෙක්
Deleteලියන්න කියවන්න නං අමාරු ඇති ටිකක්. ඒක නිසා දන්නෙ නැතුව ඇති මේ ගැන කොහොමත් https://www.justice.gov/usao-dc/pr/airbus-agrees-pay-over-39-billion-global-penalties-resolve-foreign-bribery-and-itar-case
දැන් සැපද? තවත් අභිරහස් සියදිවි හානිකරගැනීමක් ලගදීම... පොහොට්ටු පිපෙයි!
ReplyDeleteඅල්ලස් දීපු එකා නිදැල්ලෙ. එන්න බය ඇති. ආවොත් මස්වැදි ජෙප්පො මූව මරල රාජපක්ශ ලගෙ ගිනුමට බැර කරනවා. මූව අල්ලන් එන්න ඕන ආන්ඩුව අල්ලස් දුන්නට. මූන බැලුවම පේනවා කාලකන්නි යෙක් කියලා. ඕස්ට්‍රේලියාව කියන්නෙ ජවිපා හොරුන්ගෙ තිප්පොල.Shame on you Australian Government
ReplyDeleteOka tawath eka pachayak.hiks
ReplyDelete