ජනතාව බලාපොරොත්තු වූ තරමට සහන දෙන්න බැරවුනා.. හැබැයි රට සෑම අතින්ම ඉදිරියට ගනිමින් ඉන්නේ...


ජාතික ජන බලවේග ආණ්ඩුවක් ලෙස මහජනතාව අපේක්ෂා කළ තරමට සහන ලබා දීමට තවමත් නොහැකි වී ඇති බවත්, එම තත්ත්වය තමන් විවෘතව පිළිගන්නා බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, බලාපොරොත්තු වූ මට්ටමින් ජන සහන සැලසීමට නොහැකි වුවද, පසුගිය මැතිවරණයේදී ජනවරම ලබා දුන් ඡන්දදායකයන්ට මෙන්ම සමස්ත රටවැසියන්ට ද සතුටු විය හැකි අයුරින් රට ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා මෙසේද පැවසීය.

"ජනතාවට ජාතික ජන බලවේගය ආණ්ඩුව විදිහට බලාපොරොත්තු වුණු ප්‍රමාණයට සහන දෙන්න බැරිවෙලා තියෙනවා. ඒක අපි අවංකවම පිළිගන්නවා. හැබැයි අද අපි මේ රටත්, අපිට ඡන්දය ලබා දුන් ජනතාවට සතුටු වෙන්න පුළුවන් මට්ටමටත් සෑම ක්ෂේත්‍රයකින්ම ඉහළට ඔසවා තබමින් සිටිනවා. ඒ අතරින් ඇතැම් ක්ෂේත්‍ර දැනටමත් යහපත් තත්ත්වයකට පත් කිරීමට අපට හැකිවෙලා තියෙනවා. ඒ වගේම විපක්ෂය ඇතුළු පාර්ශ්වයන් ජනතාව බිය ගැන්වීම සඳහා මවා පෙන්වූ සියලු බිල්ලන්ගේ කතා ද මේ වන විට සම්පූර්ණයෙන්ම අහවර වී තිබෙනවා."





National Peoples’ Power MP Acknowledges Inability to Meet Public Expectations

Devanaanda Suraviya, a member of the National Peoples’ Power, has openly acknowledged that the government has yet to provide the level of relief expected by the public. He emphasized the importance of recognizing the current state of affairs.

During a media briefing, Suraviya noted that while the government has not met the anticipated standards for public aid, efforts are ongoing to advance the country in a manner that will bring satisfaction to the citizens, especially those who voted in the recent elections.

Suraviya elaborated further on the challenges faced, stating, "We are genuinely admitting that the National Peoples' Power has not been able to provide assistance to the extent that the public expected. However, we are striving to elevate this country and ensure that the citizens who supported us find joy in our governance. We have already managed to improve certain sectors. Moreover, the panic-inducing narratives propagated by the opposition and other factions have now been thoroughly dismantled."



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. තොගෙ අ... පාහර බල්ලා 🤮

    ReplyDelete
    Replies
    1. ජයලත් දුරයගේ චමින්ද ජයලත්September 28, 2026 at 12:33 AM

      ඇයි මේ රාජපක්ෂලාට කඩේ යන එවුන් කුණුහරප කියන්නේ? වහල්ලු වුණා කියලා කුණු හරප කිය කිය ඉන්ඩ එපා වැදගත් මිනිස්සුන්ට.

      Delete
    2. බල්ලා යනු කුණුහරුපයක්. මාලිමාව යනු එසේමය

      Delete
  2. වර්තමානයේ බොහෝ නඩුකාරයන් රස්තියාදු කාරයන් ගේ මට්ටමට පත් කර තිබෙන්නේ මේ ආන්ඩුව මගින්. දේශපාලන හෙංචයියකු වූ කිසිදු විනිශ්චය කරුවකුට ජනතාව ගරු කරන්නේ නැත. බංගලිදේශයේ මෙවැනි විනිසුරු වරුන් වෙඩි උන්ඩයට භාජන උනේ මෑත කාලයේදී බව තේරුම් ගන්න ඕනෑ

    ReplyDelete
  3. ආරියතිලක 

    “ජනතාව බලාපොරොත්තු වූ තරමට සහන දෙන්න බැරවුනා.. හැබැයි රට සෑම අතින්ම ඉදිරියට ගනිමින් ඉන්නේ…”


    මේ කීමත් සම්පජාන මුසාවාදයක්; “ජන්තාව බලාජනතාව බලාපොරොත්තු වූ තරමට සහන දෙන්න බැරවුනා” යයි කීමට වඩා “ජනාධිපතිවරයා විසින් මැතිවරණ පොරොන්දු ලෙස ජනතාවට දෙන ලද පොරොන්දු අනුව ජනතාවට සහන දෙන්න බැරි වුනා” යයි කීම ය වඩා නිවැරැදි.


    දුන් මැතිවරණ පොරොන්දු කඩ කිරීමත් ජනතාව අමු අමුවේ ම රැවටීමත් අතිශයින ලැජ්ජා සහගත ය. ලෝක ඉතිහාසයේ වත්මන් ජනාධිපතිවරයා තරම්  බොරු පොරොන්දු දී ජනතාව රැවටූ රාජ්‍ය නායකයෙක් දේශපාලන පක්ෂ නායකයෙක් නැති බව ඔහුගේ මැතිවරණ කතා විමසීමෙන් තහවුරු කර ගත හැක. එසේ ම ජාතික ජන බලවේගය තරම් ජනතා වරැවටූ දේශපාලන පක්ෂයක් ද ලෝක ඉතිහාසයේ නැති තරම්. 


     ජනතාවට බලාපොරොත්තු බොරුවෙන් ඇති කළේ ජනාධිපතිවරයා ඇතුලු ඔහුගේ පක්ෂ  නායකත්වය සහිත දේශපාලන ව්‍යාපාරය බව කිව යුතු ය.  








    ReplyDelete
Previous Post Next Post