අර්ජුන් මහේන්ද‍්‍රන් අපි ඉල්ලුව ගමන් සිංගප්පූරුව දෙන්නෑ..- නලින්ද


 හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, එහෙත් ශ්‍රී ලංකාව ඉල්ලූ සැණින් සැකකරුවන් භාර දීමට සිංගප්පූරුව වැනි රටවල් බැඳී නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගන්නා බවට මැතිවරණ සමයේ ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට රජයට නොහැකි වී ඇත්දැයි මෙහිදී ප්‍රශ්න කෙරුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඕනෑම අපරාධකරුවෙකු මෙරටට ගෙන්වා ගැනීමේදී අදාළ රටවල පවතින නීති පද්ධතීන් සහ ජාත්‍යන්තර සම්මුතීන් සැලකිල්ලට ගත යුතු බවයි.

"අපි ඉල්ලූ සැණින් ඕනෑම රටක් සැකකරුවන් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සහ නීතිමය ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුයි. අපේ බලාපොරොත්තුව සියලුම අපරාධකරුවන් මෙරටට ගෙන්වා නීතිය හමුවට පැමිණවීමයි," යනුවෙන් ඔහු පැවසීය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් ද එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවත්, එය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම් උපරිමයෙන් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





Government Initiates Diplomatic Efforts to Bring Back Former Central Bank Chief Arjuna Mahendran

The Sri Lankan government is actively taking steps to repatriate former Central Bank Governor Arjuna Mahendran, as stated by Cabinet spokesperson Minister Nalinda Jayatissa. However, he pointed out that countries like Singapore are not obliged to extradite suspects at Sri Lanka's request.

During a media briefing held to announce cabinet decisions, the Minister addressed a question from a journalist regarding the government's ability to fulfill its commitment made during the elections to bring Mahendran back to the country.

In response, the Minister emphasized that extraditing any criminal involves navigating the existing legal systems and international agreements in the countries where these individuals are located.

"No country is obliged to hand over suspects just because we ask. A prolonged diplomatic and legal process must be followed. Our hope is to ensure that all criminals are brought back to face the law," he stated.

Moreover, the Minister confirmed that efforts to repatriate Mahendran continue unabated, with substantial diplomatic interventions being made to facilitate this process successfully.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. රනිල්ට කියන්න තියෙන්නේ , වෙඩින් එකක් තියෙනවා කියලා ලංකාවට එන්න කියලා ගෙන්න ගන්න

    ReplyDelete
    Replies
    1. ඒ වගේද නිලධාරී කුමාර ජයකොඩි වැරදි කරලා තිබ්බට ඇමති කුමාර ජයකොඩි නිර්දෝෂයි .. හිකිස්!

      Delete
  2. You should have known this before misleading the people during election time. It is same on other promises

    ReplyDelete
  3. දැන් තමයි ඒක දැන ගෙන තියෙන්නේ.. චන්දෙ කාලේ කනෙන් ඇඳන් එන්න පුළුවන් වගේ හිටියේ!

    ReplyDelete
Previous Post Next Post