කෝටි තුනක දුෂණ චෝදනා : කතානායක අල්ලස් කොමිසමේ ටික ටික හිරවෙයි...


කථානායක වෛද්‍ය ජගත් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඔහුට සපයා ඇති සියලුම පහසුකම් පිළිබඳ වාර්තා වහාම ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මියට දන්වා තිබේ.

මෙම දූෂණ පැමිණිල්ලට අදාළව කථානායකවරයාගේ පහසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අදාළ අංශ භාර නිලධාරීන් ලබන 03 වනදා කොමිෂන් සභාව හමුවට කැඳවන ලෙස ද දැනුම් දී ඇත.

කථානායකවරයා පරිහරණය කරන නිල නිවාස, වාහන, ඒ සඳහා ලබාගත් ඉන්ධන, ආහාරපාන සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ විස්තර ඇතුළත් සියලුම ලේඛන මෙලෙස කොමිසම හමුවට ඉදිරිපත් කළ යුතු වේ.

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය පෙබරවාරි 02 වනදා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

පැමිණිලිකාර චමින්ද කුලරත්න මහතා පසුගිය 13 වනදා අල්ලස් කොමිසම හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබා දී ඇති අතර, චෝදනාවලට අදාළ ලේඛන රැසක් ද එහිදී භාර දී ඇත.

වාහන අවභාවිතය සහ නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා ලබා ගැනීම, පාර්ලිමේන්තු මාධ්‍ය අංශයට අයත් උපකරණ අවභාවිත කිරීම, නියමිත මුදල් ගෙවීමකින් තොරව පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම, නීතිවිරෝධී ලෙස පත් කරන ලද විමර්ශන නිලධාරීන් සඳහා රජයේ අනුමත වගකීම්වලින් බැහැරව මුදල් ගෙවීම, නීතිවිරෝධී ලෙස රජයේ නිල නිවාස දෙකක් පරිහරණය කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ඉල්ලන ලද තොරතුරු ලබා නොදී දූෂණ හෙළිදරව් වීම වැළැක්වීමට ක්‍රියා කිරීම, පාර්ලිමේන්තු පරිපාලනයට අනීතික ලෙස මැදිහත් වීම එල්ල වී ඇති ප්‍රධාන චෝදනාය.

මෙම අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් කෝටි තුනක (මිලියන 30ක) පමණ මූල්‍ය පාඩුවක් සහ මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බව පැමිණිල්ල මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ඒ අනුව, අල්ලස් කොමිසම මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.





Investigation Launched Against Speaker for Alleged Corruption

The bribery and corruption allegations leveled against Speaker of Parliament Dr. Jagath wikramasinghe have prompted a call for immediate reporting on all facilities provided to him. The Commission to Investigate Allegations of Bribery or Corruption has contacted the Secretary General of Parliament, Attorney-at-law Kushani Rohandheera, regarding this matter.

Officials from the relevant departments have been instructed to appear before the commission on the 3rd of this month for questioning related to the Speaker's provisions.

This includes documentation concerning the official residences and vehicles used by the Speaker, details of fuel supplied for these vehicles, as well as information about food and personal staff expenses.

The investigation was initiated following a complaint filed by former Deputy Secretary General and Chief of Staff, Attorney-at-law Chaminda Kularatne, on February 2nd.

Kularatne provided an extensive statement to the bribery commission on the 13th of this month and submitted numerous relevant documents related to the allegations.

The primary accusations focus on misuse of vehicles, illicit fuel allocations, unauthorized use of equipment belonging to the parliamentary media unit, obtaining additional food benefits without proper financial transactions under the parliamentary accounts, improper financial payments to illegally appointed inquiry officers, unlawful occupancy of two state-owned residences, and actions taken to suppress information requests under the Right to Information Act to cover up corruption. There are also claims of unlawful interference with parliamentary administration.

The complaint further highlights that these irregularities have resulted in a financial loss of approximately 30 million Sri Lankan Rupees to the government.

Consequently, the bribery commission has commenced a comprehensive investigation into the matter.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. ඔප්පු උනත් නඩු විභාග නැති වේවි.
    😁😁😁

    ReplyDelete
    Replies
    1. Uba kohomada danne. thummulle paddada kiwwe

      Delete
    2. Kebara kotaa umbey ammata kiyalaa thogay amma mata kiwwa, dobiyo.

      Delete
  2. ලක්ශ 3ට අවුරුදු 7 ක බරපතල වෑඩ සහිත සිර දඩුවම් නම් කෝටි 3ට කොහොම තියෙයිද ? අම්මට සිරි වෙනවා, දුන්න චන්දෙ ගෑන ආඩම්බරයි.

    ReplyDelete
  3. සිඟිති ආතල්September 3, 2026 at 6:43 AM

    එකෙක් සහතික හොයන්න ගියා

    අනෙකා ගල් බනිස් කන එකෙක්


    ටිං ටිං මුත්තගේ අමුඩේ කව්ද රීලා

    ReplyDelete
Previous Post Next Post