පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ සිදුකළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.
අදාළ මන්ත්‍රීවරුන් මෙම ප්‍රකාශ සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුව තුළදී බැවින්, ඒ සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂාව හිමිවන අතර, ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගත හැක්කේ ඔවුන්ගේ පූර්ණ කැමැත්ත සහ සහයෝගය මත ස්වේච්ඡාවෙන් පමණි.
මේ සම්බන්ධයෙන් ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරන්නේ, මෙම මන්ත්‍රීවරුන් සතුව සිය ප්‍රකාශ සනාථ කිරීම සඳහා විශ්වාසදායක තොරතුරු තිබිය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරන බැවින් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව, එම ප්‍රකාශ සඳහා පදනම් වූ මූලාශ්‍ර කවරේදැයි මන්ත්‍රීවරුන්ගෙන් විමසීමට නියමිතය.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ, අදාළ මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශවල හැන්සාඩ් වාර්තා පිටපත් ලබාගෙන, ඒවා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ප්‍රකාශ ලබාගැනීමට පියවර ගන්නා ලෙසයි.
තමන් සතු ඕනෑම තොරතුරක් ලබා දෙමින් මෙම විමර්ශනයට සහාය වන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත්, එම ප්‍රකාශ ලබාගැනීම සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් පමණක් සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරුන්ට පැහැදිලි කරනු ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ මහතා මේ වන විට දින 100 කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අනුව තවදුරටත් රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලැබීම අත්‍යවශ්‍යද යන්න දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළ නියෝගය පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට සැප්තැම්බර් 22 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. ඒ, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බලමිනි.
Criminal Investigations Department Authorized to Collect Statements from Opposition MPs on Easter Sunday Terror Attack
In a significant development regarding the Easter Sunday terror attacks, the Criminal Investigations Department (CID) has received the Attorney General's approval to gather statements from ten opposition parliamentarians, including Opposition Leader Sajith Premadasa. The focus of the inquiry centers on the involvement of former Chief of State Intelligence, retired Major General Suresh Saleh.
The statements were taken during a parliamentary session, which affords the MPs certain privileges, meaning their voluntary cooperation is essential for the process. This move aligns with the CID's belief that the parliamentarians may possess reliable information that could substantiate their accounts.
According to reports from 'The Sunday Times', the CID intends to question the MPs regarding the sources behind the statements they provided, as they seek to validate the information given.
Additional Solicitor General Dilip Peiris has advised the CID to obtain copies of the Hansard reports from the statements made by these parliamentarians. Following a thorough analysis of these documents, further steps will be taken to gather their testimonies.
The CID has clarified that they are requesting the parliamentarians' full support in this investigation while assuring them that the process will remain entirely voluntary. They have emphasized the necessity of transparent communication throughout.
Currently, Suresh Saleh remains in custody under the Prevention of Terrorism Act (PTA) and has been receiving treatment at Colombo National Hospital for approximately 100 days. The Colombo Fort Magistrate, Pasan Amarasekera, has instructed the hospital's director to appear in court on September 22 to address concerns regarding medical reports about Saleh’s condition and the necessity for continued hospitalization, following a request made by Additional Solicitor General Dilip Peiris.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මූ කොහොමත් බය ගුල්ලා. ඒකනේ මෙච්චර කාලයක් එක උද්ඝෝශනයක් වත් කරේ නැත්තෙ. නිවට නියාලු කමේ උල්පතක්ද කොහෙද.
ReplyDeleteඅනුරාධපුර ගොවියො ටික වත් එකතු කර ගන්න බැරි උනානේ.
Deleteඅනේ මන්දා.
තාත්තා නම් ජෙප්පො ටික වඳ කරලම දැම්මා. එතුමා ඒ කරපු සේවයට නම් දෙව්ලොව සම්පත් ලැබෙන්න ඕන.
ReplyDeleteඉතුරු උනා නම් මීට සෑහෙන කාලෙකට කලින් රට ඉවර වෙන්නෙ.
පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයක් CID එකට ප්‍රශ්ණ කරන්න පුලුවන්ද?
ReplyDeleteඅගවිනිසුරු පියතුමා මාලිමාවේ,
Deleteඅල්ලස් කොමිසමේ ලොක්කා මාලිමාවේ හිටපු නීති උපදෙශක.
CID ලොක්කා මාලිමාවේ වලං හෝදපු එකා.
ආරක්ශක ලේකම් මාලිමාවේ,
ඉතින් නීතිය නවන්න පුලුවන් කනේ වැලි ගෑවෙන්න.
සජිත් ඔයා නම් පන මදි. ඔහොම නායකයෙක් මොකටද
ReplyDeleteසජිත්, ඔයාට රටට ලොකු සේවයක් කරන්න පුලුවන් මේ වෙලාවේ.
ReplyDeleteඔයා විපක්ශ නායකකම නාමල්ට දෙන්න. ඌ බය නැහැ. ඌට රැස්වීමක් හරි සංවිධානය කරගන්න පුලුවන් හිරේ ඉඳගෙනත්. ඔයා එලියෙ ඉඳන් ජෙප්පො නලවනවනේ. දැන් හරි නම් උද්ඝෝශන දෙන්න ඕන කොලඹ ලෙලි යන්න. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවනේ. ඒව වත් කතා කරන්න උඹ එක උද්ගෝසනයක් තිබ්බද? මොනාද ඕයි උඹ කරන්නෙ?
මූ වෙනුවට ලොකු පඹයෙක් හදමු විපක්ශ නායක විදියට. මම දෙන්නන් පොල් පිත්තක්. මූ වගේ උන් 20ක් විතර කපාගන්න පුලුවන් එක පිත්තෙන්.
ReplyDeleteමේකා අර චරිත්ට බොරු චෝදනාවක් දාලා අල්ලපු වෙලාවේම ඒ මිනිහා පක්ශෙන් එලෙව්වා. අඩු ගානේ පක්ශේ පැත්තෙන් විමර්ශනයක් වත් කරේ නැහැ. ඒ මිනිහා මොන තරම් නම් වැඩ කරාද පක්ශෙ වෙනුවෙන්. සමාජ මාධ්‍ය වල ඒකාගේ හඬ විතරයි ඇහුනේ සජබෙ වෙනුවෙන්. දැන් සජබෙ වෙනුවෙන් කතා කරන්න එකෙක් නැහැ.
ReplyDeleteඇයි බං වරුණ රාජපක්ෂ ඉන්නේ. ඒ මදැයි.
ReplyDelete