පන්සලක වැඩසිටි සත් හැවිරිදි කුඩා සාමණේර හිමිනමක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ ජ්යෙෂ්ඨ භික්ෂුවක් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ප්රතික්ෂේප කරමින්, එම සිරදඬුවම එලෙසම ක්රියාත්මක කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්රේමචන්ද්ර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්රකාශයට පත් කරන ලදී.
වින්දිත කුඩා සාමණේර හිමියන් විසින් අධිකරණය හමුවේ ලබාදුන් සාක්ෂිය අතිශය විශ්වසනීය සහ පිළිගත හැකි එකක් බවත්, නඩු විභාගය පැවැත්වූ මහාධිකරණ විනිසුරුවරයා එම සාක්ෂිය මත පදනම්ව තීන්දුව ලබාදීම සම්පූර්ණයෙන්ම යුක්ති සහගත බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කර ඇත.
දණ්ඩ නීති සංග්රහයේ 365(ආ)(2)(ආ) වගන්තිය යටතේ බරපතළ ලිංගික අපයෝජන චෝදනා දෙකකට වරදකරු කරමින් පොළොන්නරුව මහාධිකරණය විසින් මෙම විත්තිකාර භික්ෂුවට මීට පෙර දඬුවම් නියම කර තිබිණි.
2014 නොවැම්බර් 23 සහ 2015 ජනවාරි 23 අතර කාලසීමාව තුළ, එකම විහාරස්ථානයේ වැඩසිටි සත් හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට මෙම ජ්යෙෂ්ඨ භික්ෂුව විසින් අදාළ අපයෝජනය සිදුකර තිබූ බව නඩු විභාගයේදී ඔප්පු විය.
ඒ අනුව, චෝදනා දෙකටම වෙන් වෙන් වශයෙන් වසර 10 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 50,000 බැගින් දඩ නියම කළ මහාධිකරණය, දඩ මුදල් නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස හය බැගින් වූ ලිහිල් සිරදඬුවම් නියම කළේය. එම ප්රධාන සිරදඬුවම් දෙකම එකවර ගෙවී යන පරිදි ක්රියාත්මක විය යුතු බවට නියෝග කෙරුණු අතර, ඊට අමතරව වින්දිත කුඩා හිමියන්ට රුපියල් ලක්ෂයක (100,000) වන්දි මුදලක් ගෙවීමටද විත්තිකරුට නියම විය. විත්තිකාර භික්ෂුව අභියාචනාධිකරණය හමුවට ගොස් තිබුණේ මෙම දඬුවම අභියෝගයට ලක් කරමිනි.
අභියාචනාධිකරණය සිය තීන්දුව මඟින් අවධාරණය කර ඇත්තේ, වින්දිත සාමණේර හිමියන් සිද්ධිය සම්බන්ධයෙන් ඉතා පැහැදිලි හා ස්ථාවර ප්රකාශයක් ලබාදී ඇති බවයි. හරස් ප්රශ්න ඇසීමේදී මතු වූ සුළු ප්රතිවිරෝධතා කිසිවක් සිදුවූ බරපතළ ලිංගික අපයෝජනය පිළිබඳ ප්රධාන චෝදනාවලට සෘජුව අදාළ නොවන බැවින්, මහාධිකරණ තීන්දුව වෙනස් කිරීමට තරම් ප්රමාණවත් සාක්ෂි නොමැති බව පෙන්වා දෙමින් අභියාචනය නිෂ්ප්රභ කෙරිණි.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා පෙනී සිටියේය.
Appeal Rejected for Senior Monk Convicted of Sexual Abuse Against Minor
A senior monk serving a prominent temple will continue to serve a ten-year prison sentence following the rejection of an appeal against his conviction for serious sexual offenses against a seven-year-old novice monk. The Court of Appeal has determined that the original sentence will remain in effect.
The ruling was delivered by Justices Amal Ranatunga and Dr. Sumudu Premachandra, addressing the appeal in their courtroom.
Testimonies provided by the young victim were deemed extremely credible and acceptable, with the presiding High Court judge affirming that the decision was entirely justified based on the evidence presented, as noted in the appellate court's announcement.
Under Section 365(2)(a) of the Penal Code, the accused monk had previously been sentenced by the Polonnaruwa High Court for two counts of serious sexual offenses.
During the proceedings, it was substantiated that the elderly monk had committed the alleged abuses within a specific timeframe between November 23, 2014, and January 23, 2015, at the same monastery.
Accordingly, the High Court imposed separate ten-year sentences for each of the serious charges, along with a fine of 50,000 rupees. If the fines were not paid, the court stipulated a lesser sentence of six months for one of the charges. The sentences are to be enforced concurrently, and the court also mandated that the convict pay a compensation sum of 100,000 rupees to the victim. The convicted monk subsequently brought the case before the Appeal Court to contest this punishment.
The Appeal Court emphasized that the young victim had provided a very clear and steady account regarding the incident. They concluded that minor discrepancies that emerged during questioning were not significant enough to affect the primary charges of serious sexual abuse, indicating there was insufficient evidence to warrant a change in the High Court's ruling, thus rendering the appeal ineffective.
Present at the hearing on behalf of the Attorney General was Additional Solicitor General Shanil Kularatne.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දූෂණය කරලා පාරාජිකා වුණාම තවදුරටත් භික්ෂුවක් නෙමෙයි. එහෙමෙ වෙලත් චීවරධාරියා ලෙස නොලියා භික්ෂුවක් කියමින් ලියන්නෙ මේක ලියන එකාට මොළේ නැද්ද නැතිනම් බුදූ දහමට අපහාස කරන්නටද?
ReplyDeleteසිවුර ගැලෙව්වොත් බලාගමු
ReplyDeleteදැන් අපි සිවුර ගලවනවාද? සිවුර එක්කම හිරේ දානවාද? නැත්තන් අපේ මාගල් කන්දේ rock සාදු එක්ක පා ගමනක් සෙට් කරමුද?
ReplyDelete