ඉන්ධනවලින් තවමත් පාඩුයි.. ඩීසල් ලීටරයක් 528ක් වෙනවා... පෙට‍්‍රල් ලීටරයක් 446ක් වෙනවා..


ඉන්ධන මිල සංශෝධනය කළ ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් ඩීසල් ලීටරයකින් රුපියල් 66ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52ක පාඩුවක් ලබන බව එම සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව සඳහන් කලේය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ සභාපතිවරයා පෙන්වා දුන්නේ, ඩීසල් ලීටරයක් වෙනුවෙන් සංස්ථාවට රුපියල් 528ක පිරිවැයක් දැරීමට සිදුවුවද එය අලෙවි කරනු ලබන්නේ රුපියල් 392කට බවයි.

ඩීසල් ලීටරයකට ලබාදෙන රුපියල් 70ක රජයේ සහනාධාරය අඩු කළද, සංස්ථාව එක් ඩීසල් ලීටරයකින් රුපියල් 66ක පාඩුවක් ලබයි.

එමෙන්ම පෙට්‍රල් ලීටරයක පිරිවැය රුපියල් 446ක් වුවත් එය රුපියල් 414කට අලෙවි කිරීම හේතුවෙන් ලීටරයකින් රුපියල් 52ක පාඩුවක් සිදුවන බවත්, සුපිරි ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 581ක් වන පසුබිමක එය රුපියල් 528කට අලෙවි කරමින් ලීටරයකින් රුපියල් 53ක පාඩුවක් දරන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත්, තෙල් පිරිපහදුවේ මෙහෙයුම් සහ ගුවන්යානා සඳහා ඉන්ධන අලෙවි කිරීම ඇතුළු අනෙකුත් අංශවලින් උපයන ලාභය හේතුවෙන් මෙම ඉන්ධන පාඩුව පියවා ගැනීමට හැකියාව ලැබී ඇති බව සභාපතිවරයා පැවසීය.

ලෝක වෙළඳපොළේ ඩීසල් මිල සියයට 91කින් සහ පෙට්‍රල් මිල සියයට 80කින් ඉහළ ගියද, මෙරට තුළ එම මිල ගණන් ඉහළ දමා ඇත්තේ පිළිවෙළින් සියයට 39.5කින් සහ සියයට 41.3කින් පමණක් බව ද ඔහු සිහිපත් කළේය.

පසුගිය පෙබරවාරි මාසයේදී ඩොලර් 69ක්ව පැවති බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 115 දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

මීට අමතරව, මීට පෙර මෙරට ඉන්ධන සැපයුමෙන් සියයට 53ක් දැරූ විදේශීය සමාගම් සිය සැපයුම සීමා කිරීම හේතුවෙන්, මේ වන විට සමස්ත ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 80ක්ම සපුරාලීමට සිදුව ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බව ද හෙළි විය.

ඒ හේතුවෙන් මීට පෙර ඉන්ධන ආනයනය සඳහා මසකට වැය වූ ඩොලර් මිලියන 100 - 200ක මුදල පසුගිය මැයි මාසය වන විට ඩොලර් මිලියන 520ක් දක්වා විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ද සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.





Fuel Price Adjustments Leave Lanka Coal & Oil Corporation in the Red

The Lanka Coal and Oil Corporation continues to face significant financial challenges despite recent adjustments in fuel prices. Chairman D.J. Rajakaruna revealed that they incur a loss of Rs. 66 per liter on diesel and Rs. 52 per liter on petrol sales, highlighting the ongoing monetary strain faced by the corporation.

This disclosure was made during a media briefing aimed at clarifying the circumstances surrounding the fuel price increases. He pointed out that while the corporation bears a cost of Rs. 528 for each liter of diesel, it is sold to the public at Rs. 392. Even after a reduction in the government subsidy from Rs. 70 per liter, the institution still registers a substantial loss.

Similarly, petrol, which costs Rs. 446 per liter to procure, is sold at Rs. 414, leading to a deficit of Rs. 52 for every liter sold. Furthermore, high-grade diesel is priced at Rs. 581, yet it is marketed at Rs. 528, resulting in a loss of Rs. 53 per liter in that segment.

Despite these losses, Rajakaruna indicated that the corporation has been able to mitigate some of the financial impacts through profits from other sectors, including fuel sales to the aviation industry.

He also noted that while global diesel prices have surged by 91% and petrol prices by 80%, the local price hikes have been considerably lower, at 39.5% and 41.3%, respectively. This disparity in price adjustments is significant considering the recent escalation of crude oil barrel prices, which skyrocketed from $69 in February to $115 currently.

Moreover, it has been disclosed that international suppliers, who previously accounted for 53% of the local fuel supply, have restricted their supply, forcing the Lanka Coal and Oil Corporation to solely meet 80% of the nation's total fuel demand.

As a result, the cost of fuel imports, which ranged between $100 million to $200 million per month, has now ballooned to a staggering $520 million as of May, according to Chairman Rajakaruna.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. බටහිර වහළුන් සඳහා සපුරා තහනම්,.!October 1, 2026 at 8:02 PM

    රැසියාවේ උතුරා ගළායන ලාබදායි බොර තෙල්,.
    බටහිර වහළුන් සඳහා සපුරා තහනම්,.!

    ReplyDelete
    Replies
    1. ජයලත් දුරයගේ චමින්ද ජයලත්October 1, 2026 at 8:26 PM

      රුසියන් තෙල් බැරල් එකක් ඩොලර් 20ත් 30ත් අතර ගාණකින් අඩුයි ජාත්‍යන්තර වෙලඳපලේ බ්‍රෙන්ට් තෙල් මිළ එක්ක බලද්දි. එහෙම කියලා තෙල් අර ගත්තොත්, ජීඑස්පී ප්ලස් ඉවරයි යුරෝපෙට ඇඳුම් යවලා හමාරයි, මාළු යවලා හමාරයි, තේ වලට විතරක් තැනක් යම් කාලයක් යනතුරු පමණක් තියෙයි, ඒත් කෙන්යන් තේ එන නිසා, තේ වලට ලොකු තරඟකාරිත්වයක් ඇති වෙයි, තැන දිගටම අල්ලගෙන ඉන්ඩ බැරි වෙයි.

      ඇමරිකාව 50%ක් ඇඟලුම් වලට බදු ගහපු ගමන් ඉතුරු ටිකත් හරි. රුසියන් තෙල් ගන්ඩ වෙන්නේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායමෙන් විතරයි, ඒත් ටික්ටොක් යූටියුබ් වලින් ලංකාව ලාභදායී ගමනාන්තයක් කියලා පෙන්නන නිසා රටට එන්නේ හිඟන සුද්දෝ, පාරේ බස් වල එල්ලිලා යන, කෝච්චි වල 3 වෙනි පන්තියේ යන, ස්ට්‍රීට් ෆුඩ් කාලා රෑට නිදියගන්න පිරිසක්, උන්ගේ ඩොලර් වලින් තෙලුත් ගන්ඩ ගියොත්, බෙහෙත් ටිකක්, පරිප්පු ටිකක්, සෝයා මීට් ටිකක්, තියා පාන් පිටි වත් නෑ,

      Delete
    2. වහල් කම ජනාධිපති කමට වඩා බලවත්,.!!!October 1, 2026 at 10:02 PM


      ජී ඵස් පී හිඟන්න්න්ට ජංගි මහන හිඟන්න්න්ට වස දමා තේ ව්වන හිඟන්න්න්ට ලාබ ඩීසල් යොදාගෙන යුධහමුධාවේ සම්පූර්ණ පාළණය යටතේ හිරකරැවන් , ඇතුළු ගහට කොළට ආදරය කරනා, වගාවට කැමති පිරිස යොදා සියළු ආහාර සහ තැඹිළි පොල් වැනි පාන පර්ග සමඟින් නොමිලේම බෙදා දීපල්ලා,.!

      වැඩිහිටියන්ට කන්සා වගාකිරීමට,ඖෂධ නිශ්පාදනය කිරීමට, කන්සා භාවිතා කිරීමට, නිමිභාන්ඩ නිශ්පාදනය කිරීමට වහාම ,ගෙවත්තේ කන්සා පැළ කීපයක් ව්වාගැනීමට,මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීමට
      කන්සා තහනම ඉවත්කරපල්ලා,.!



      ජී ඵස් පී හිඟන්න්න්ට ජංගි මහන හිඟන්න්න්ට වස දමා තේ ව්වන හිඟන්න්න්ට, බඩ පැලෙන්න නොමිලේම කන්න දීපල්ලා,.!
      මාළු ඉස්සන් පිටරට යවන ඵවුන්ට ලාබ ඩීසල් සපයලා,. අස්වැන්න ලාංකිකයන් අතර නොමිලේ බෙදා දීපල්ලා,.!
      ස
      සූර් ්‍ය බළශක්තිය සුළං බළය ප්‍රධාන බළශක්තිය බවට පත්කරපල්ලා,.!

      වැඩිහිටියන්ට කන්සා වගාකිරීමට,ඖෂධ නිශ්පාදනය කිරීමට, කන්සා භාවිතා කිරීමට, නිමිභාන්ඩ නිශ්පාදනය කිරීමට වහාම ,ගෙවත්තේ කන්සා පැළ කීපයක් ව්වාගැනීමට,මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීමට
      කන්සා තහනම ඉවත්කරපල්ලා,.!

      වරායෙන්,ගුවන්තොටුපලින්, අපනයන වලින්,සංචාරක කර්මාන්තයෙන් ලැබෙන මුදළ් දරැ ණු ජීවත්වෙන් භාන්ඩාගාරයේ මු

      බටහිර වහල්කමෙන් මිදී,. රටේ මිනිසුන්ට වලත්තකං නොකර වහල් කමෙන් නිදහස් වී නිදහසේ ජීවත් වෙන් ඉඩ හැරපල්ලා,..!

      වැඩිහිටියන්ට කන්සා වගාකිරීමට,ඖෂධ නිශ්පාදනය කිරීමට, කන්සා භාවිතා කිරීමට, නිමිභාන්ඩ නිශ්පාදනය කිරීමට වහාම ,ගෙවත්තේ කන්සා පැළ කීපයක් ව්වාගැනීමට,මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීමට
      කන්සා තහනම ඉවත්කරපල්ලා,.!

      අකමැති ඵවුන්ට මූදෙන් පීනලා කැමති දීපෙකට යන්න කියපල්ලා,.!

      Delete
  2. වලත්ත අඩු කුලේ ජේවීපි හැත්ත තෙල්වලින් කොමිස් කුට්ටි කඩාගෙන කනව

    ReplyDelete
    Replies
    1. ඒක හරි, රුපියල්වලින් එංගලන්තෙ ඩීසල් ලීටරේ 280යි ජපානයෙ 300යි ඉන්දියාවෙ 230යි. අනුර කුමාර පකයගෙ ජුණ්ඩෙ විතරක් 530යි

      Delete
  3. අනුර තරම් හොරාකාපු එකෙක් හොයා ගන්නවත් නෑ. ඇස් පනාපිට හොරා කන්නෙ. වගේ වගක් නෑ. මුන් යනකම් ඉන්නෙ නැතුව හොයලා අල්ලස් කොමිසමට දීපල්ල. අර රංග කියන සට්ටැඹියා මොනවද කරන්නෙ බලන්න.

    ReplyDelete
  4. අනුර තරම් හොරාකාපු එකෙක් හොයා ගන්නවත් නෑ. ඇස් පනාපිට හොරා කන්නෙ. වගේ වගක් නෑ. මුන් යනකම් ඉන්නෙ නැතුව හොයලා අල්ලස් කොමිසමට දීපල්ල. අර රංග කියන සට්ටැඹියා මොනවද කරන්නෙ බලන්න.

    ReplyDelete
  5. තොපි ඇයි මේ කෙදිරිගන්නේ
    ලපය බලයට එනකොට ඕව නෙමෙය්නේ කිව්වෙ

    ReplyDelete
    Replies
    1. අංර බාප්පට ලපය ලපය කියන්ට උඹ කවුද?

      Delete
  6. Gal anguru scene eka negalama yai. Jebaiyo balaa sitithi.

    ReplyDelete
Previous Post Next Post