ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අරමුණින් පැමිණ සිටින ප්‍රංශ ජාතික තරුණියක්, ඇයට තංගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් විසින් ලිංගික අපරාධයක් සිදු කිරීමට උත්සහ කරන ලද බවට චෝදනා කරයි.
එම තරුණිය සහ ඇගේ ජර්මානු ජාතික සහකරු විසින් තංගල්ල පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලට අනුව අදාළ හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කර තිබේ.
මීට දින කිහිපයකට පෙර රෙඩිට් සමාජ මාධ්‍යයේ r/srilanka සබ්රෙඩිට් සමූහයේ නිර්නාමිකව තමා මුහුණදුන් සිදුවීම සම්බන්ධයෙන් එම කාන්තාව සඳහා කර තිබිණි.
ඉන්පසුව නැවත වරක් ඔවුන් ඔක්තෝබර් 07 වන දින Sri Lanka Tourism & Travel Guide නමැති ෆේස්බුක් සමූහයක ඔවුන් මුහුණදුන් අත්දැකීම විස්තර කර තිබිණි.
මෙම සිදුවීමට මුහුණ පෑ බව කියන 32 හැවිරිදි ප්‍රංශ ජාතික කාන්තාව පසුගිය ඔක්තෝබර් 02 වන දින ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයේ සිට මිනිත්තු 10කින් පමණ ළඟා විය හැකි දුරකින් පිහිටි විහාරස්ථානයකට භාවනා කිරීමේ අරමුණින් ගිය බව පවසයි.
ඉන්පසුව ඇයට භාවනා කිරීමේ කුටියක් සොයාගැනීමට නොහැකි වූ නිසා ඇය ඒ සම්බන්ධයෙන් විහාරස්ථානයේ හිමිනමකගෙන් විමසා තිබේ.
ඉන්පසුව ඇය මුහුණ පෑ බව කියන සිදුවීම ඇය මෙසේ පැහැදිලි මෙසේය.
"මට භාවනා කරන හෝ වන්දනා කරන ස්ථානය හොයා ගන්න බැරි වුණ නිසා, මම භික්ෂූන් වහන්සේ නමකගෙන් ඒ පිළිබඳව විමසුවා. උන්වහන්සේ මා සමග එන ලෙස පවසා, විශාල බුද්ධ ප්‍රතිමාවක් සහිත කුඩා ගොඩනැගිල්ලක් වෙත මා කැඳවාගෙන ගියා. එම ගොඩනැගිල්ල සාමාන්‍යයෙන් වසා තබන එකක් බවට පෙනී ගියා.
ගොඩනැගිල්ල ඇතුළතදී එම භික්ෂුව මගේ පිටුපසින් ම ඉතා ළඟට ආවා, ඔහු හුස්ම ගන්නවා මට දැනුණා. මට අපහසුතාවක් දැනුණු නිසා මම එම කාමරයෙන් පිටතට ආවා. ඉන්පසු වන්දනා කරන කාමරය වෙනත් තැනක බව පැවසූ ඔහු, නැවතත් තමා පසුපස එන ලෙස මට කිව්වා. ඔහු දිගු, අඳුරු කොරිඩෝවක් ඔස්සේ මා ගොඩනැගිල්ලේ තවත් ඇතුළතට එක්කගෙන ගියා.
මට දැනුණු අපහසුතාවය එන්න එන්න ම වැඩි වුණ නිසා, ආපසු හැරී එළියට යන්න මම තීරණය කළා. එතකොට එම භික්ෂුව මගේ පස්සෙන් දුවගෙන ඇවිත් මගේ මැණික් කටුවෙන් අල්ලා ගත්තා. මම පොරබදලා බේරුණා.
මම ගොඩනැගිල්ලෙන් එළියට යන්න දුවගෙන ගියා. ඔහු කෙළින් ම මගේ පස්සෙන් දුවගෙන ඇවිල්ලා නැවතත් මාව අල්ලගත්තා. මම මහ හයියෙන් කෑගහන ගමන් ගැලවී යන්න උත්සාහ කළා. "ෂට්, ෂට් / චට්" කිය කිය ඔහු නැවත නැවතත් මට නිශ්ශබ්ද කරන්න හැදුවා. ඔහු මාව බිත්තියකට තද කරලා, මගේ උරහිස බිත්තියට තද වන සේ රඳවාගෙන මම එතනින් එළියට යන එක නැවැත්වුවා.
මට හැකි උපරිමයෙන් මම පොරබදා සටන් කළා, අවසානයේදී ඔහුගෙන් ගැලවිලා ගොඩනැගිල්ලෙන් පිටතට යාමට සමත් වුණා. ඔහු මගේ පස්සෙන් එළියට ආවේ නෑ."
ඉන්පසුව ඇය වහා ම ඇයගේ 32 හැවිරිදි ජර්මානු ජාතික සහකරුට දුරකතනයෙන් අමතා සිදුවූ දේ පිළිබඳව දැනුම් දී ඇත. ඉන්පසුව ඔහු ස්කූටරයකින් එම ස්ථානයට පැමිණ තිබේ.
"අදාළ භික්ෂුව හඳුනා ගැනීම සඳහා අපි නැවත පන්සලට ගිය විට, ඔහු මගේ සහකාරයා දැකලා පැනලා ගියා. අපි පොලිසියට දැනුම් දුන්නා, නමුත් පොලිසිය පන්සලට නොපැමිණි නිසා අවසානයේ අපිම පොලිස් ස්ථානයට ගියා," එම කාන්තාව පවසයි.
"පොලිස් ස්ථානයේදී මම මගේ ප්‍රකාශය ලබා දුන්නා, එම භික්ෂුව මා දූෂණය කිරීමට උත්සාහ කළ බවට විශ්වාස කළ නිසා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බව පැහැදිලිවම ප්‍රකාශ කළා. අනාගතයේදී ඔහු නිසා මෙවැනිම තත්වයකට මුහුණ දීමට ඉඩ ඇති වෙනත් කාන්තාවන් ගැනත් මම කනස්සල්ලට පත්ව හිටියේ."
ඔවුන් චෝදනා කරන්නේ පොලිසියේදී විහාරාධිපති හිමි සහ පොලිසිය විසින් ඔවුන්ට එම පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස පවසන බවක් දැනුණු බව ය.
"සංචාරකයෙකු ලෙස මෙම නීතිමය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට වසර ගණනාවක් ගත විය හැකි නිසා, අදාළ භික්ෂුවට සමාව ඉල්ලීමට හෝ ඔහුව නැවත ඔහුගේ පවුල වෙත යැවීමට පුළුවන් කියලා කිව්වා. එම භික්ෂුව "අසනීප" තත්ත්වයක පසුවන බවත් ඔහුට බෙහෙත් කරන්න අවශ්‍ය බවත් විහාරාධිපති භික්ෂුව මට කිව්වා."
"අවසානයේදී එම භික්ෂුව සොයාගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ආවා. ඔහු මාව දැකලා හිනා වුණා. ඔහුව දැකපු ගමන් මගේ සහකරුට තරහා ගියා. ඉන්පසු පොලිසිය මගේ සහකරුගේ හැසිරීම ගැන අවධානයක් යොමු කරන්න ගත්තා. පොලිස් ස්ථානයේ ඇති CCTV දර්ශන පරීක්ෂා කරන බව ඔවුන් අපට කිව්වා. මම දන්න විදිහට එතන CCTV තිබුණේ නැති නිසා එහෙම රෙකෝඩින් එකක් තියෙන්න බෑ."
"පසුව එම භික්ෂූන් වහන්සේ ප්‍රකාශයක් කළා, තමන් සිදු කළේ තම සිවුර සකස් කර ගැනීමක් හෝ එය එහාට කිරීමක් පමණක් බවත්, ඒ අතරතුර අහම්බෙන් මාගේ ශරීරයේ ගෑවුණු බව. මේක මාගේ ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් එකක්."
මෙම සිදුවීම සම්බන්ධයෙන් තංගල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් සිදු කළ විමසීමකදී තහවුරු කළේ ය.
"සිද්ධිය වෙලා තියෙන්නේ 2026.10.02. ප්‍රංශ ජාතික කාන්තාවක්. ඇය ගිහින් තියෙනවා කදුරුපොකුණ ප්‍රදේශයේ විහාරස්ථානයකට සිරි නරඹන්න. ඒ අවස්ථාවේදී විහාරස්ථානයේ හිටපු හිමි නමගෙන් අතවරයක් සිද්ධ වෙලා තියෙනවා මේ කාන්තාවට. ඉන්පසුව විදේශ ජාතික කාන්තාව තංගල්ල, ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් කරලා තියෙනවා," පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ තොරතුරු ලබා දුන් නිලධාරිනිය ප්‍රකාශ කළා ය.
"ඉන්පසුව එදින ම භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉන්පසුව සැකකරුව අධිකරණයට ඉදිරිපත් කරලා ඇප මත නිදහස් කරලා තියෙනවා එදා.ඉන්පසුව 2026.10.07 දින නැවත තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කරලා ඇප මත මුදාහැරලා තියෙනවා."
මෙම නඩුව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී 2027 පෙබරවාරි 02 දින නැවත කැඳවීමට නියමිත ය.
BBC
French Tourist Alleges Attempted Sexual Assault by Monk in Tangalle
A young French woman traveling in Sri Lanka has accused a monk of attempting to sexually assault her at a temple in the Tangalle area. This alarming incident prompted the tourist and her German partner to file a complaint with local police following the encounter.
According to the couple, the monk was apprehended and subsequently presented in court after the allegations surfaced. Earlier this month, the woman described her experience anonymously on the r/srilanka subreddit, detailing the distressing encounter she faced.
On October 2, the 32-year-old French national visited a temple near her accommodation, approximately ten minutes away, with the intent of meditation. After struggling to find a meditation room, she approached the monk for assistance. What followed was a chilling experience, as the monk guided her into a secluded area under the pretense of helping her.
“I could not find a suitable place to meditate or worship, so I inquired with the monk. He urged me to follow him to a small building with a large Buddha statue. The structure seemed to be closed off to the public,” she recounted, vividly recalling the events that unfolded thereafter.
As she entered the building, she noticed the monk approaching her closely from behind, making her increasingly uncomfortable. “I felt a growing sense of unease and decided to leave the room. He insisted I follow him to another room for worship, leading me deeper into the building,” she explained.
Feeling an escalating sense of discomfort, she turned back, only to find the monk chasing after her. In a harrowing moment, she described how he grabbed her from behind as she attempted to escape. “I struggled with all my might and managed to break free, running out of the building,” she stated, emphasizing the intimidation she faced.
Upon escaping, she immediately contacted her 32-year-old German partner to report the incident. He arrived on a scooter shortly after, and together they returned to the temple to identify the monk. However, upon their arrival, the monk fled the scene upon seeing her partner.
“We reported the incident to the police, but since they did not come to the temple, we went directly to the police station,” the woman said, expressing her frustration with the response to her complaint.
At the police station, she made her statement, firmly asserting the need for legal action against the monk for his alleged attempt to assault her. “I was concerned about other women who might face similar situations in the future due to his actions,” she reflected.
The couple claimed that they had felt pressure from both the monk and police to withdraw their complaint. The woman noted, “As a tourist, pursuing legal action could take years, and I was told the monk might be able to seek forgiveness or return to his family. The temple’s head monk mentioned that he was in a ‘sick’ condition and required medication.”
Eventually, the monk was apprehended and taken to the police station. Upon seeing her, he reportedly smiled, provoking a reaction from her partner, which drew the police's attention. The authorities stated they would review the CCTV footage available at the station. However, the woman indicated her belief that no recording would exist.
Later, the monk provided a statement claiming his actions were merely part of a ritual preparation, denying any inappropriate behavior. This assertion starkly contradicted her account of the incident.
The Tangalle police confirmed that a complaint regarding the incident had been filed, marking it as a serious case of attempted sexual assault. They detailed that the French woman, during her visit to Kadurupokuna, reported the incident involving the monk struggling to maintain proper boundaries with her.
The monk was arrested later that day and presented to court, where he was released on bail. The case is scheduled to be revisited at the Tangalle Magistrate's Court on February 2, 2027.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ජම්පරේ පිටින් උසාවියට ආවට කමක් නෑ මේකට නම්.
ReplyDeleteතනිකරම බොරුවක් බව බැලූ බැල්මට පේනවා. බෞද්ධාගමට සහ රටට නිග්‍රහ කරන්න සහ අපේ රටේ සංස්කෘතිය විනාශ කරන්න ක්‍රියාත්මක වන ඒකාබද්ධ කොටි ඩයස්පෝරාව බෝනගේන් කල්ලිය කතෝලික පල්ලිය සහ උන්ගේ අන්තේවාසික ඒජන්තයන් වන ජේවීපී ත්‍රස්ත සංවිධානයේ වැඩ ඕවා. සිංහල බෞද්ධ ජනතාව නැගී සිටිය යුතුයි.
ReplyDeleteඔව්, අනිවාර්යයෙන්ම. මිත්‍යාදෘෂ්ටික පාහර බල්ලෝ-බැල්ලියෝ මුදලට ඕනෑ පාවාදීමක් කරනවා. උන් දන්නේ නෑ ඔය වගේ නිරපරාදේ කරන නින්දා, අපහාස, අභූත චෝදනා වැනි සාහසික ක්‍රියා නිසා කර්ම විපාක විඳීමට සිදුවුනාම ඒවා කොයි තරම් සෝචනීය වේවිද කියලා. අපිට තලේබාන් වැනි සංවිධානයක අවශ්‍යතාවය තියෙනවා දේශද්‍රෝහී ජෙප්පන්ගේ සිට රට,දැය, සමය ට වින කටින පාහරයන් ගෙන් සුරක්ෂිත වීම සඳහා 💪🙏
Delete