රෝගයක් හමුවේ ජීවිතයේ අසීරුතම කාල පරිච්ඡේදයට මුහුණ දෙන මිනිසුන්ට වේදනාව අවම කරගනිමින්, මානසික සැනසීමෙන් හා ආදරණීය රැකවරණය මධ්යයේ ගෞරවාන්විතව ජීවිතය ගත කිරීමට අවශ්ය පරිසරය සලසා දීමේ උතුම් මානුෂීය අරමුණින් උතුරු පළාතේ, යාපනය දිස්ත්රික්කයේ චාවකච්චේරි, සරසාලෙයි ප්රදේශයේ ස්ථාපිත කරන ලද ‘Comfort Care Home’ සහන සත්කාර මධ්යස්ථානය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් (24) විවෘත කෙරිණි.
සහන සත්කාර අවශ්ය රෝගීන් සඳහා වෙන් වූ පෞද්ගලික කාමර 20 කින් සමන්විත මෙම මධ්යස්ථානය තුළ වේදනා සහන ප්රතිකාර, ඔක්සිජන් ප්රතිකාර සහ පැය 24 පුරා ක්රියාත්මක හෙද සත්කාර ඇතුළු පහසුකම් සලසා තිබේ. රෝගීන්ගේ මානසික සුවය වෙනුවෙන් ආධ්යාත්මික උද්යානයක් ද ස්ථාපිත කර ඇති අතර, වෛද්ය උපදෙස් අනුව පෝෂ්යදායී ආහාර ලබාදීමේ පහසුකම් ද සපයා ඇත.
මෙහි විශේෂත්වය වනුයේ මෙම සේවාවන් අවශ්යතා සහිත රෝගීන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමයි. මෙම ව්යාපෘතිය සඳහා රුපියල් මිලියන 350කට අධික මූල්ය ප්රතිපාදන වැය කර ඇති අතර ඒ සඳහා දේශීය හා විදේශීය දානපතියන්, පරිත්යාගශීලීන් දායකත්වය ලබා දී ඇත.
මෙරට පදිංචිව මිට මේවනවිට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි විශ්රාමික වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්ය,
කේ. දේවකාන්තන් මහතා මෙම මධ්යස්ථානය ඉදිකිරීම සදහා මූලිකත්වය ගෙන ඇති අතර, Comfort Care Home හි නිර්මාර්තෘ මෙන්ම වත්මන් සභාපතිත්වයද දරනු ලබයි.
මෙහිදී පැමිණිසිටි පිරිස අමතමින් අදහස් දැක්වූ වෛද්ය නලින්ද ජයත්ස්ස අමාත්යවරයා නවීන වෛද්ය විද්යාවේ දියුණුවත් සමඟ රෝග රැසක් සුවපත් කිරීමට හැකියාව ලැබී තිබුණද, ඇතැම් රෝගී තත්ත්වයන්හිදී එහි වත්මන් තත්ත්වය අනූව රෝගය සුව කිරීමේ හැකියාව සීමා වන අවස්ථාවලදී රෝගීන්ගේ වේදනාව අවම කරමින් ඔවුන්ට මානසික සැනසීම, ආරක්ෂාව සහ ගෞරවය ලබාදීම සෞඛ්ය සේවයේ ඉතා වැදගත් මානුෂීය වගකීමක් බව ද සදහන් කර සිටියේය.
පිළිකා සහ අවයව අකර්මණ්ය වීම වැනි රෝගී තත්ත්වයන්හි අවසන් අවධියට පැමිණි රෝගීන් දැඩි ශාරීරික පීඩාවන්ට මුහුණ දෙන අතර, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මානසික හා ආර්ථික වශයෙන් විශාල බරක් දැරීමට සිදුවන බව අමාත්යවරයා පෙන්වා දුන්නේය. එවැනි පසුබිමක රෝගීන් තනිවී හෝ අසරණභාවයට පත්වී නොසිටින පරිදි, ඔවුන්ගේ ශාරීරික, මානසික හා ආධ්යාත්මික අවශ්යතා කෙරෙහි අවධානය යොමු කරමින් සැනසිලිදායක පරිසරයක රැකවරණය සැලසීමේදී සහන සත්කාර සේවාවන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බව ද සඳහන් කළේය.
සෑම පුරවැසියෙකුටම සාධාරණ හා සමාන සෞඛ්ය සේවාවක් ලබාදීම රජයේ ප්රමුඛ අරමුණක් බව සඳහන් කළ අමාත්යවරයා, ජනතාවගේ සමස්ත යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සෞඛ්ය පද්ධතිය ශක්තිමත් කිරීමේදී රජයේ මැදිහත්වීමට අමතරව ප්රජාවගේ සහයෝගය ද අත්යවශ්ය බව පෙන්වා දුන්නේය. රෝගීන්ට ප්රතිකාර ලබාදීම පමණක් නොව, ඔවුන්ගේ මානසික සැනසීම සහ මනුෂ්ය අභිමානය සුරැකීම ද සෞඛ්ය සේවයේ අත්යවශ්ය අංගයක් බව ද අවධාරණය කළේය.
මෙම සහන සත්කාර මධ්යස්ථානය ඉදිකිරීම සඳහා අවශ්ය අක්කරයකට අධික භූමි ප්රමාණය නැසීගිය ගුරුවරයකු වූ කනගසබායි මහතාගේ පවුලේ සාමාජිකයන් විසින් පරිත්යාග කර ඇති බවත් සිහිපත් කල අමාත්යවරයා එම පරිත්යාගය මෙම මානුෂීය කාර්යය යථාර්ථයක් බවට පත් කිරීමට මූලික අඩිතාලමක් වූබවද පැවසීය.
මධ්යස්ථානයේ නිර්මාතෘවරුන් වන විශේෂඥ වෛද්ය කේ. දේවකාන්තන් මහතා සහ කතිර්ගාමනාදන් බාලේන්ද්රන් මහතා ඇතුළු මෙම කාර්යය වෙනුවෙන් කැපවූ සියලු දෙනාගේ දායකත්වය අගය කළ අමාත්යවරයා, එක්සත් රාජධානියේ මාර්ක් පෙනී මහතා සහ කෙලී කගී මෙනවිය මෙන්ම කැනඩාවේ වෙසෙන වෛද්ය වරගුණන් මහතා ඇතුළු දේශීය හා විදේශීය පරිත්යාගශීලීන්ගේ සහයෝගය ද මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ජීවිතයේ අසීරුතම අවධියක පසුවන රෝගියෙකුට අවශ්ය රැකවරණය අහිමි නොවිය යුතු බව අවධාරණය කළ අමාත්යවරයා, මෙවැනි මධ්යස්ථාන මඟින් රෝගීන්ගේ පවුල්වලට දැරීමට සිදුවන ආර්ථික හා මානසික බර අවම කිරීමට හැකි වන බව සඳහන් කළේය. එමෙන්ම, දිගුකාලීන සහ සහන සත්කාර අවශ්ය රෝගීන්ට වඩාත් සුදුසු පරිසරයක සේවා සැලසීම මඟින් රජයේ රෝහල්වල පවතින සෞඛ්ය පහසුකම් හදිසි ප්රතිකාර අවශ්ය රෝගීන් සඳහා වඩාත් කාර්යක්ෂමව යොදා ගැනීමට ද සහායක් ලැබෙන බව ද පෙන්වා දුන්නේය.
මෙම මධ්යස්ථානය උතුරු පළාතට පමණක් සීමා නොවී, දිවයිනේ අනෙකුත් ප්රදේශවල ද මෙවැනි මානුෂීය සහන සත්කාර සේවා ස්ථාපිත කිරීමට ආදර්ශයක් වනු ඇතැයි ද අමාත්යවරයා මෙහි දී විශ්වාසය පළකර කළේය. ජීවිතයේ දුෂ්කරම අවස්ථාවන්හිදී පවා කිසිදු රෝගියෙකු රැකවරණයෙන් හා මානුෂීය සැලකිල්ලෙන් තොර නොවිය යුතු බව අවධාරණය කළ අමාත්යවරයා, මෙම උතුම් කාර්යය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සෞඛ්ය අමාත්යාංශයේ සහයෝගය ලබාදීමට සූදානම් බව ද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මෙම ව්යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා විවිධ අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනා වෙත සමරු තිළිණ ප්රධානය කිරීමද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට ධීවර අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන්, මධ්යස්ථානයේ නිර්මාතෘ, සභාපති විශේෂඥ වෛද්ය කේ. දේවකාන්තන් සහ කතිර්ගාමනාදන් බාලේන්ද්රන්, වෛද්ය ආරු තිරුමුරුගන්, උතුරු පලාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය සමන් පතිරණ, යාපනය ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ ආරුමුගම් කීතීස්වරන්, ජාතික පිළිකා මර්දන ව්යාපාරයේ අධ්යක්ෂ වෛද්ය සේනක තලගල, ශ්රී ලංකා ගිලාන ගිමන්හල් සංසදයේ සභාපති මහාචාර්ය සමාධි රාජපක්ෂ, යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්ය ටී. සත්යමූර්ති යන මහත්වරුන් මෙන්ම මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, විශේෂඥ වෛද්යවරුන්, වෛද්යවරුන්, සෞඛ්ය වෘත්තිකයන්, පරිත්යාගශීලීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
New 'Comfort Care Home' Opens in Jaffna to Provide Compassionate Care
A new beacon of hope for individuals facing life’s most challenging moments has officially opened its doors in Chavakachcheri, Jaffna District. The 'Comfort Care Home', inaugurated by Health and Media Minister Dr. Nalinda Jayatissa on the 24th, aims to ease pain while creating an environment that fosters mental wellness and dignified living.
This facility is equipped with 20 private rooms dedicated to patients requiring palliative care, offering services such as pain relief treatments, oxygen therapy, and round-the-clock nursing assistance. Notably, a designated spiritual garden has also been established to enhance the mental well-being of patients, along with provisions for nutritious meals in accordance with medical guidance.
One of the significant hallmarks of the Comfort Care Home is that all services are provided completely free of charge to patients in need. The initiative, which saw an investment exceeding 350 million rupees, has been supported by both local and international donors and philanthropists.
Dr. K. Devakanthan, a retired kidney disease specialist now residing in the United States, played a pivotal role in the establishment of this center and currently serves as its chairperson.
Addressing attendees at the opening ceremony, Minister Jayatissa emphasized the importance of offering not only treatment for various ailments but also providing mental solace, security, and respect to patients, particularly when certain conditions limit the potential for recovery. He highlighted the critical responsibility of the healthcare sector in alleviating suffering and maintaining the dignity of those facing terminal illnesses.
Patients with severe conditions, such as cancer or organ failure, often endure immense physical discomfort, a burden that also weighs heavily on their families, Minister Jayatissa noted. He underscored the mission of providing a nurturing environment where patients' physical, mental, and spiritual needs are prioritized, ensuring they do not face such hardships in isolation.
Reiterating the government’s commitment to equitable health services for all citizens, the minister highlighted the necessity of community support alongside government intervention to strengthen the health system and guarantee the overall well-being of the populace. He reiterated that maintaining patients’ mental comfort and human dignity is a vital element of healthcare.
The land for the center was generously contributed by the family of a late teacher, Kanagasabai, which played a foundational role in turning this humanitarian vision into reality.
Minister Jayatissa expressed gratitude towards all contributors to this project, including local and international philanthropists such as Mark Penny and Kelly Cage from the UK and the physician Varagun from Canada, for their vital support.
He emphasized that patients should not be deprived of necessary care due to economic hardships, asserting that such centers play a crucial role in relieving the financial and psychological burdens faced by families. The establishment of such service facilities could enhance the utilization of government healthcare resources for patients requiring urgent care.
Looking ahead, the minister shared his hope that this initiative would not be confined to the Northern Province but would inspire similar humanitarian services across the country. He affirmed that no patient should ever lack care and compassion, even during life’s most difficult times, and pledged ongoing support from the Ministry of Health to ensure the continuity of this noble endeavor.
The ceremony concluded with a tribute to all those who contributed to the success of this project.
Among the notable attendees were Minister of Fisheries Ramalingam Chandrasekar, Northern Province Governor Nagalingam Vedanayahan, Dr. K. Devakanthan and Katirgamana Balendran, Dr. Aaru Thirumurugan, Director of Northern Province Health Services Dr. Saman Pathirana, Regional Health Services Director for Jaffna Arumugam Keethieswaran, Director of the National Cancer Control Programme Dr. Senaka Talagala, and several other esteemed medical professionals and donors.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බොරු නොකිය හිටපල්ලා, ඒ ඇති.
ReplyDeleteමූට සෞඛ්යය ඇමැතිකම කරන්න බෑ. කයිවාරු ඇමැතිකම විතරක් තිබිබම ඇති. සෞඛ්යය ඇමැතිකම දීපන් වැඩිය කයිවාරු ගහන්නෙ නැති දොස්තර මන්ත්රීවරයෙකුට.
ReplyDeleteඇමෙරිකාවේ මේවගේ රෝහල්වලට කියන්නෙ Hospice කියලා. ජීවිතයේ අවසාන කාලයේදී දැනෙන ශාරීරික මානසික වේදනා අවම කර යහපත් මරණයක් ලැබෙනතුරු ඒ අයව රැකබලාගන්නා තැන්. ඉතාම වටිනා දෙයක්.
ReplyDelete