බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අතිශය ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ජාඇල හිටපු නගරාධිපති අංජු පෙරේරා මහතා විසින් අනාවරණය කර තිබේ.
ඒ, සුදත්ත තිලකසිරි මහතා විසින් මෙහෙයවනු ලබන යූටියුබ් නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඥානසාර හිමියන් සමඟ දීර්ඝ කාලයක් සමීපව ඇසුරු කරමින් කටයුතු කළ බව පවසන අංජු පෙරේරා මහතා සඳහන් කරන්නේ, උන්වහන්සේට ප්‍රංශයේ බිරිඳක් සහ දියණියක සිටින බවයි. "මනෝජා" නමැති එම කාන්තාව ලංකාවට පැමිණි අවස්ථාවලදී කටුනායක ගුවන් තොටුපළට ගොස් ඇයව කැඳවාගෙන විත් දෙහිවල පිහිටි මහල් නිවාසයක නවාතැන් පහසුකම් සලසා දුන්නේ තමන් බව ද ඔහු හෙළි කළේය.
එමෙන්ම, උන්වහන්සේ සංචාර සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල හෝටල් වෙත යන අවස්ථාවලදී පවා මෙම පවුල සමඟ එකම කාමරයක රැඳී සිටි බව ද ඔහු කියා සිටියේය.
තවද, ඥානසාර හිමියන් සිවුරක් දරා සිටිය ද ගිහියෙකුටත් වඩා පහත් අන්දමින් හැසිරුණු බවට චෝදනා කළ හිටපු නගරාධිපතිවරයා, උන්වහන්සේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් මත්පැන් සහ දුම්වැටි පානය කළ බවත්, සාමාන්‍ය ඇඳුම්වලින් සැරසී හැසිරුණු බවත් ප්‍රකාශ කළේය.
ගැබ්ගෙන සිටි සිය බිරිඳට පවා උන්වහන්සේ අශෝභන අයුරින් අතවරයක් වන ආකාරයට කටයුතු කළ බවත්, එම සිදුවීමෙන් පසු තමන් උන්වහන්සේගෙන් ඈත් වූ බවත් හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව, බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැලසුම් හා අවශ්‍යතා අනුව බව ද ඔහු පැවසීය.
අලුත්ගම ගැටුම ඇතුළු ආගමික නොසන්සුන්තාවන් නිර්මාණය කිරීම සඳහා රාජපක්ෂවරුන්ගෙන් දුරකථන ඇමතුම් සහ උපදෙස් ලැබුණු බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය.
බුදු සසුන සහ භික්ෂු ගෞරවය විනාශ කරමින් ජාතික ව්‍යාපාරයක් මුවාවෙන් පටු අරමුණු ඉටුකරගත් මෙවැනි පුද්ගලයින් සැබෑ භික්ෂූන් නොවන බවත්, උන්වහන්සේට වඩාත්ම උචිත වන්නේ බන්ධනාගාර ජම්පරය බවත් පවසන අංජු පෙරේරා මහතා, තමන් සිදුකළ මෙම ප්‍රකාශයන් සියල්ලකගේම පූර්ණ වගකීම තමන් භාරගන්නා බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.
Controversial Allegations Against Buddhist Power Movement Leader Uncovered
Anju Pereira, the former mayor of Ja-Ela, has made explosive revelations regarding the leader of the Buddhist Power Movement, Venerable Galagodaaththe Gnanasara Thero. These statements surfaced during a discussion held with Sudath Thilakasiri on a YouTube channel.
Pereira, who claims to have had a close association with Gnanasara for an extended period, disclosed that the monk has been living with his wife and daughter in France. He recounted an incident where he personally welcomed the woman, named Manoja, when she arrived in Sri Lanka, facilitating her stay at a luxury apartment in Dehiwala.
He also mentioned that during travels across the island, he often shared hotel rooms with this family, further indicating their close ties. Moreover, Pereira alleged that Gnanasara displayed a lifestyle that included indulgence in alcohol and cigarettes, behaving in a manner that he characterized as degrading.
Alarmingly, he pointed out incidents where Gnanasara treated his pregnant wife inappropriately, leading to a rift between them and eventually causing Pereira to distance himself from the monk. According to Pereira, the operations of the Buddhist Power Movement were orchestrated according to the plans and interests of former President Gotabaya Rajapaksa.
Pereira disclosed that he received phone calls and directives from the Rajapaksas to instigate religious unrest, including the well-publicized Aluthgama riot. He criticized individuals who exploit Buddhism and monks for ulterior motives, arguing that such figures do not embody true monastic values. He concluded by stating that, in his view, the most appropriate place for Gnanasara is behind bars, taking full responsibility for his statements.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අලුත්ගම ගැටුම ඇතුළු ආගමික නොසන්සුන්තාවන් නිර්මාණය කිරීම සඳහා රාජපක්ෂවරුන්ගෙන් දුරකථන ඇමතුම් සහ උපදෙස් ලැබුණු බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය.
ReplyDeleteඔන්න හොයන්න ඔනී කාරනයක්.............
https://www.bbc.com/sinhala/sri_lanka/2014/06/140616_aluthgama_violence_aftermath
ReplyDeletehttps://www.bbc.co.uk/news/world-asia-27864716
ReplyDeleteමනෝජා මහත්මිය කියන්නෙ බොදු බල සේනාව ගොඩ නැගීමට විශාල මුදලක් පරිත්‍යාග කල කෙනෙක්. ඒ ලමයා ඥානසාර හිමිගෙ නෙවේ වෙන කෙනෙක්ගෙ
ReplyDeleteකාදිනල්ගෙ ගූ කන එකෙකුයි, කොටාගෙ ගූ කන එකෙකුයි එකතු වෙලා. මරු ගලි බව්සර් දෙක!
ReplyDelete