ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවන ගමන් වීඩියෝ කරලා ලොක්කෙකුට බලන්න දීලා..


 පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කර බන්ධනාගාර ජම්පරය අන්දවන අවස්ථාවේදී, එක් නිලධාරියෙකු සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කරමින් පිටත සිටින ප්‍රබල පුද්ගලයෙකුට එය සජීවීව නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා දී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ, ඥානසාර හිමියන්ගේ ඉල්ලීම පරිදි පසුගිය 08 වනදා තමන් වැලිකඩ බන්ධනාගාරයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මෙම සිදුවීම පිළිබඳව තමන් වෙත සවිස්තරාත්මකව කරුණු අනාවරණය කළ බවයි.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ උදය ගම්මන්පිල මහතා මෙසේ සඳහන් කළේය.

"2018 වසරේදී මෙන්ම මෙවරත් නිලධාරීන් ජම්පරය අන්දවන්න උත්සාහ කරද්දී ඥානසාර හිමියන් සුපුරුදු පරිදි ඊට දැඩි විරෝධය පළ කර තිබෙනවා. 2018 දී උන්වහන්සේගේ විරෝධය හමුවේ නිලධාරීන් එම උත්සාහය අත්හැරියත්, මෙවර එසේ අත්හැරීමට ඔවුන් සූදානම් වී නැහැ. ඒ වෙනුවට නිලධාරීන් විශාල පිරිසක් එකතු වෙලා බලහත්කාරයෙන් උන්වහන්සේට ජම්පරය අන්දවන්න පියවර ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී එක් නිලධාරියෙක් තමන්ගේ ජංගම දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කරමින්, වෙනත් ස්ථානයක සිටින බලවත් පුද්ගලයෙකුට මේ බලහත්කාරී ක්‍රියාව නිරීක්ෂණය කරන්න අවස්ථාව සලසා දෙන අයුරු උන්වහන්සේ දැක තිබෙනවා. ඥානසාර හිමියන්ගේත්, බන්ධනාගාර නිලධාරීන්ගේත් දැඩි අකමැත්ත තිබියදී මෙය සිදුවුණේ මාලිමාවේ ඉහළ නායකයන්ගේ දැඩි දේශපාලන බලපෑම නිසයි."

එමෙන්ම අවසානයේදී භික්ෂූත්වයේ එකම සලකුණ ලෙස උන්වහන්සේගේ සිරුරේ ඉතිරිව තිබූ අඳනකඩයද ගලවා අතට ගත් මොහොතේ උන්වහන්සේ දැඩි කම්පනයකට පත්වූ බව පැවසූ ගම්මන්පිල මහතා, නිලධාරීන් එය භාර ගැනීමට අත් දිගු කරද්දී ඇති වූ බලවත් කම්පනය හේතුවෙන් ඥානසාර හිමියන් එම අඳනකඩය උඩට විසිකළ බවත්, එය එම කාමරයේ කැරකෙමින් තිබූ විදුලි පංකාවේ රැඳුණු බවත් සඳහන් කළේය.

ඒ අනුව ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ජම්පරය ඇන්දවීම සිදුවූයේ බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාවක් මත නොව, වත්මන් ආණ්ඩුවේ ඉහළ නායකයන්ගේ දේශපාලන පළිගැනීමේ බලපෑම මත බව තමන් ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





Serious Allegations Arise Over Monastic Disrobing Incident at Welikada Prison

Allegations of political interference and improper conduct have emerged following an incident at Welikada Prison involving the forcible disrobing of Venerable Galagodaaththe Gnanasara Thera. Udaya Gammanpila, a leader in the Pure Helaya movement and former Minister, claims that a prison officer facilitated live monitoring of the event for an influential external individual.

During a press briefing in Colombo, Gammanpila revealed that he was informed in detail about the incident during his visit to the prison on October 8, at the request of Gnanasara Thera. He emphasized that such a scenario was not new and pointed out the previous instances of resistance from the monk when officials attempted to assault the monk's rights in 2018.

Further clarifying his stance, Gammanpila expressed his dismay at the current situation. "Just like in 2018, Gnanasara Thera has opposed the brutality shown by officials this time as well. While the officers abandoned their attempts back then, they seem intent on persisting with their actions now, mobilizing a larger force to implement such violence."

He recounted witnessing a prison officer activating their mobile phone camera to provide an influential person outside with real-time visuals of the attack, amidst strong objections from both Gnanasara Thera and the prison officials. He attributed this incident to intense political pressure being exerted by high-ranking leaders within the government.

Gammanpila also described a moment of intense turmoil when the last remnant of Gnanasara Thera's robe was forcefully pulled away, leading to a vigorous reaction from the monk. He noted that as officers reached to confiscate the robe, the resulting struggle caused it to be thrown towards an electric fan in the room, illustrating the chaotic nature of the event.

Conclusively, Gammanpila firmly stated that the forcible disrobing of Gnanasara Thera was not a necessity from the prison staff but rather a politically motivated act executed under the regime's directives, underscoring the severity of the situation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. රට ආගම් වාදෙන් ගිනිතියන හනුමා...
    සාරුක්කාන් බොම් බය ගස්සපු එකා හොව්වොත් හොඳයි

    ReplyDelete
  2. ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට එදා සිවුරේ රැකවරණය ලබා අභයදානය ලබාගත් පාහර ත්‍රස්තවාදී ජෙප්පන් අද නින්දිත හීරලුවන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් රටේ සෑම අංශයක්ම විනාශ මුඛයට ඇද දමමින්, අනීතික ලෙස වංචාකාරී ලෙස ධනය රැස් කරමින් කරනා මේ මහා අපරාධ ස්වභාවධර්මය වත් ඉවසන්නේ නැහැ. අහිංසක සාමාන්‍ය ජනතාව විපතට පත්වීම වැලැක්වීම නිසා හෝ අවම කිරීම සඳහා මේ තරමින් හෝ රට ආරක්ෂා වී තිබෙනවා. ඒත් මේ ත්‍රස්තවාදී ජෙප්පන් නඩය ඒකරාශී වූ අවස්ථාවක මුන් හැතිකරයම එක මොහොතක පොලොව පලාගෙන කල්ප ගානක් පැහෙන නිරයට ඇදගෙන යෑමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි. එසේ නොවන්නේ නම් හෙන හතක් වැදී මකබෑවිලා යනවා ඒකාන්තයි.

    පාහර, ත්‍රස්අතවාදී ජෙප්පන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා.
    "සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජෙථ මං භන්තෙ! අනුකම්ම්පං උපාදාය"...ආදී වූ ගාථාවන් කියා සිවුරු පොරවාගෙන සසුන් ගතවූ පැවිදි උත්තමයාණන් වහන්සේලා අද ඒ සසුන් බිමට පැමිණ තිබින්නේ බොහෝ කැපකීම් කරලයි. එක එකාට ඕන විදියට ඒ උතුම් බුද්ධ චීවර ගලවා දමන්න නෙවෙයි. මේ මහා පාපකර්ම වලට වචනයකින් හෝ සම්බන්ධ වූ හැම එකාටම දිට්ඨධම්ම වේදනීය වශයෙන් මෙලොවදීත්, අපරාපරීය වශයෙන් පරලොව දීත් ඉතාමත් ඉක්මණින් විපාක විඳීමට සිදුවනවා ඒකාන්තයි.

    ReplyDelete
Previous Post Next Post