මාලිමා මන්ත‍්‍රී පහර දී ග‍්‍රාමසේවක රෝහලේ.. මන්ත‍්‍රීත් රෝහලේ..


කුරුණෑගල
, කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පන්නව වසම භාර ග්‍රාම නිලධාරිනියට ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් පහරදුන් බව පවසමින් ඇය රෝහල්ගත කර තිබේ.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ පන්නව වසමේ ග්‍රාම නිලධාරිනිය වන නිසංසලා දිසානායක මහත්මියයි.

පසුගිය 08 වනදා පොදු ගොඩනැගිල්ලකට විදුලිය ලබාදීම සම්බන්ධයෙන් සිදුකෙරුණු ක්ෂේත්‍ර පරීක්ෂාවකට ඇය කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ එම ස්ථානයට ගොස් ඇති අතර, එහිදී එම ස්ථානයට පැමිණි කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී සුලෙයිමාන් ලෙබ්බේ රිෆාන් ඇතුළු පිරිසක් ප්‍රාදේශීය ලේකම්වරිය ඉදිරියේදීම තමන්ට තර්ජනය කළ බව ඇය සඳහන් කරයි.

අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරිය එම ස්ථානයෙන් පිටව ගිය පසු, අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස තමන්ගේ රාජකාරියට බාධා කරමින් පහරදුන් බවට ඇය චෝදනා කරයි.

පහරකෑමෙන් තුවාල ලැබූ ග්‍රාම නිලධාරිනිය පළමුව කොබෙයිගනේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇත.

රාජකාරියේ නියුතු රාජ්‍ය නිලධාරිනියකට එල්ල වූ මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමය, සිදුවීමට එරෙහිව කඩිනම් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

දේශපාලන බලපෑම් සහ ජීවිත තර්ජන හමුවේ නිලධාරීන්ට ස්වාධීනව රාජකාරි කිරීමට ඇති බාධා ඉවත් කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

කොබෙයිගනේ පොලීසිය සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින්ම පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරමින් පවතින බවයි.





Local Government Official Attacked by Politician's Supporters in Kurunegala

A local government official from the Pannawa division has been hospitalized following an assault by a group, including a member of the National People's Power party, during a field inspection. The incident occurred in Kobeyigane, Kurunegala.

The injured official, Nisansala Disanayake, was attending to an electricity supply issue at a public building when the attack took place. According to her account, she had arrived at the location with the local government secretary to conduct a site assessment on the previous day.

Initially, she was treated at the local hospital in Kobeyigane before being transferred to the Nikaweratiya Base Hospital for further care.

The incident has drawn strong condemnation from the Sri Lanka Government Officers' Union, which has requested urgent legal action against those involved. They have formally communicated with the Secretary of the Ministry of State Administration demanding swift measures to address such violent acts against public officials.

The union is urging the government to take necessary steps to eliminate barriers preventing officials from carrying out their duties independently amidst political pressure and threats to their lives.

Local police authorities have confirmed that complaints regarding the incident have been filed by both parties, and a thorough investigation is currently underway.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. මේ ආණ්ඩුව කාලේ නම් ග්‍රාම සේවකට පහර දුන්නා කියලා කියන්ඩවත් නිදහස තියෙනවා. එහෙම ද මහින්ද ගේ කාලේ.... ඒ කාලේ ග්‍රාම සේවක තමාව ගහක බැඳගෙන තමාටම ගහ ගත්තා කියලනේ කිව්වේ. ඒ කාලේ මතක නැති කිරි සප්පයො ඉන්නවා නම් අම්මගෙන් තාත්තගෙන් අහලා බලපල්ලා කවුද මර්වින් සිල්වා කියන්නේ, ඒ මිනිහා කරපු එක වැඩක් කියන්ඩ කියලා. ඕක තමා ඕනෑ කෙනෙක් කියන පළවෙනි වැඩේ, මර්වින් ගැන.

    අනික ඒ කාලේ ගැන කථා කරද්දි මතක් වුණේ. එක මන්ත්‍රී කෙනෙක් (සම්පත් විදාණපතිරණ) තංගල්ලේ හෝටලේකදි එංගලන්ත ජාතික සුද්දෙකුට ගහලා මරලා, ඒ සුද්දගේ පෙම්වතියව දූෂණය කලා. ඒ කාලේ ආණ්ඩු කරපු මැති ඇමති තුමන්ලගේ කෙරුවාව තමයි.

    ReplyDelete
Previous Post Next Post