ඊළග ආණ්ඩුවත් අපිමයි.. ජනාධිපතිත් අනුරමයි..


 මෙරට බිහිවන ඊළඟ ආණ්ඩුව ද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බවත්, එහි ජනාධිපතිවරයා වන්නේද අනුර කුමාර දිසානායක මහතාම බවත් මේ වන විටත් මෙරට ජනතාව විසින් තහවුරු කර අවසන් බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට තම පාර්ශ්වය සූදානම් බව සඳහන් කළ අමාත්‍යවරයා, ජනතාව තීරණය කරන ඕනෑම දේශපාලන කණ්ඩායමක් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය යටතේ තරග වැදීමට ජාතික ජන බලවේගයට කිසිදු බියක් නොමැති බවද කියා සිටියේය.

මහජන දේපළ කොල්ලකෑ, හොරකම් සහ වංචා සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවට ජනතාව හමුවේ වූ පොරොන්දුව අකුරටම ඉටු කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා, ඒ සඳහා අවශ්‍ය වන නීතියේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට අදාළ සියලු මැදිහත්වීම් රජයක් ලෙස මේ වන විටත් සිදු කර අවසන් බව පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ රට විනාශ කළ හොරුන්ට යළි මේ රටේ පාලනය භාර දීමට මෙරට ජනතාව කිසිසේත්ම සූදානම් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ හොරකම් සහ වංචා නොකරන, දේශපාලනය යනු ගරු සේවයක් ලෙස සලකන ඕනෑම කෙනෙකුට ස්වාධීනව හෝ දේශපාලන පක්ෂ ඔස්සේ ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට හැකියාව පවතින බවත්, එලෙස තරග වදින කිසිදු පාර්ශ්වයක් ජාතික ජන බලවේගයට අභියෝගයක් හෝ තරගයක් නොවන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.





Government Led by Anura Kumara Dissanayake Affirmed by Public, Says Minister Wasantha Samarasinghe

A recent gathering witnessed Minister of Trade, Commerce, Food Security and Consumer Development, Wasantha Samarasinghe, assert that the next government formed in Sri Lanka will be one led by the National People’s Power (NPP), with Anura Kumara Dissanayake as its President. This sentiment has been acknowledged and confirmed by the citizens of the nation, he emphasized.

Addressing the public assembly, the Minister expressed confidence that his party is fully prepared to face any upcoming elections. He assured that the National People’s Power has no apprehensions about competing against any political faction under a democratic electoral process, underscoring the importance of civic participation in governance.

Samarasinghe reiterated the government's commitment to enforcing the law strictly against individuals involved in public asset theft, fraud, and embezzlement. He assured the citizens that the government is diligently fulfilling its promise to maintain the rule of law and protect the independence of the judiciary necessary for such enforcement.

He firmly stated that the people of Sri Lanka are not willing to entrust the country’s governance back to the thieves who have previously devastated the nation, highlighting a shared resolve among the populace.

Furthermore, he pointed out that within a democratic framework, anyone who approaches politics as a noble service, without engaging in theft or deception, can contest upcoming elections either independently or through political parties. He emphasized that none of these aspiring candidates pose a challenge or competition to the National People’s Power.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. Replies
    1. යකෝ අන්දුකරනව කියන්නේ හරිම ලේසිය්නේ

      Delete
  2. පොට්ටේකුගේ සිතිවිලි....මේ හොර පොට්ටයා හිතන් ඉන්නේ මහා ලොකු කෙරුමෙක් කියලා ඒ කාලේ නම් කිව්වේ මිනිස්සුන්ගේ කෙහෙල් කැන් එකතු කෙරුවා කියලා කෝටි ගානක් යටිමඩි ගහපු පට්ටම හොරෙක් තමයි මේ හිතේ ඇති මුන්ගේ සදාකාලික ආණ්ඩු කරන්න කාලකන්නි

    ReplyDelete
  3. අනුර නම් ලෙඩ වෙලාලු නේද. තොපි හෙට අනිද්දා ගහලා පන්නනවා සක්කිලි ජෙපි බල්ලො

    ReplyDelete
Previous Post Next Post