බැංකු පද්ධතිය සඳහා නව පනතක් සකස් කරමින් පවතින බවත්, ග්‍රාමීය බැංකු සංගමයක සිදුව ඇති රුපියල් මිලියන 5,700ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලදී දේශපාලනඥයන් තුන් හතර දෙනෙකුගේ නම් අනාවරණය වී ඇති බවත් සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් බැංකු විසින් මහජනතාව දැඩි අසීරුතාවට පත් කර ඇති බවයි.
මාතර තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙළ පිළිබඳව ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගෙන් පවා විමසීම් සිදු කෙරුණු බවත්, නොදන්නා දුරකථන අංකයකින් ඇමතුමක් පැමිණියහොත් එය මාතරින් විය හැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ග්‍රාමීය බැංකු සංගමය තුළ මහජනතාවගේ මුදල් රුපියල් මිලියන 5,700ක් වංචා කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, වත්මන් රජය පැමිණීමෙන් පසු එහි සභාපතිවරයා බන්ධනාගාරගත කිරීමට පියවර ගත් බව කියා සිටියේය.
මේ වන විට ඊට අදාළ විමර්ශන ආරම්භ කර දේපළ පවරා ගැනීම් සිදු කර ඇති බවත්, හිටපු පොලිස් නිලධාරියෙකුද වාහනයක් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම වංචාවන්ට සම්බන්ධ සියලු පුද්ගලයන් නීතිය හමුවට පමුණුවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
සමුපකාරය එහි සාමාජික ජනතාවට අයත් දේපළක් බැවින්, තනතුරුවලින් ඉවත්ව ගිය පසුවද ගෞරවයෙන් තම නම සඳහන් කළ හැකි ආකාරයෙන් වගකීම් ඉටු කරන ලෙස සමුපකාර ක්ෂේත්රයේ වගකීම් දරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
Minister Reveals High-Profile Suspects in Rural Bank Fraud Investigation
A significant investigation into a financial fraud involving 5.7 billion rupees within an association of rural banks has revealed the names of several politicians, according to Minister of Rural Development, Wasantha Samarasinghe. The minister announced that a new regulatory framework for the banking system is currently in development.
Addressing a festive gathering, Samarasinghe emphasized that certain banks have caused considerable distress among the public. He pointed out that inquiries regarding the repayment procedures for depositors in Matara were even raised in parliament, indicating a growing concern over the situation. He warned that calls from unknown numbers might be a red flag, potentially connected to the issues arising from Matara.
During his remarks, the minister disclosed that the president has initiated steps to imprison the chairman of the rural banking association following the revelation of the fraud. Investigations have commenced, and property seizures related to the case have already taken place, with speculation surrounding a former police officer reportedly obtaining a vehicle connected to the case.
Samarasinghe reiterated that all individuals involved in these fraudulent activities will be brought to justice. He urged everyone responsible in the cooperative sector, which is accountable for the assets belonging to its members, to fulfill their obligations respectfully even after leaving office.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
