ඊයේ (නොවැම්බර් 27) සිකුරාදා සන්ධ්‍යාවේදී උතුරු හා නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක රැසකම මහවිරු දින සැමරුම් පවත්වා ඇති අතර, ඊට සමගාමීව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේද සැමරුම් රැස්වීම් සංවිධානය කර තිබූ බව වාර්තා වේ.
යාපනය දිස්ත්‍රික්කය පුරා පිහිටි සැමරුම් ස්ථාන සහ ශාලාවලදී දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් මහවිරු දිනය සමරා ඇති අතර, එහිදී මියගිය අයගේ මව්පියන් විසින් පහන් දැල්වීම සිදු කර තිබේ.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කනගපුරම් සහ මුලංකාවිල් මහවිරු සුසාන භූමිවලටද දහස් ගණනක් ජනතාව එක්රැස් වී සිය සමීපතමයන්ගේ සහ මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ සොහොන් කොත් අබියස පහන් දල්වා ඇත.
කිලිනොච්චි නගරයේ ඉදිකර තිබූ මහවිරු දින සැමරුම් තොරණක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසුව මෙම සැමරුම් පැවැත්වීම විශේෂත්වයකි.
මුලතිව් දිස්ත්‍රික්කයේ විශ්වමඩු, තේරාවිල් මහවිරු සුසාන භූමියටද සිකුරාදා සන්ධ්‍යාවේ දහස් සංඛ්‍යාත පිරිසක් රැස්ව පහන් දල්වමින් සැමරුම් සිදු කර තිබේ.
එමෙන්ම පුදුකුඩිඉරිප්පු නගරයේ සියලුම වෙළෙඳසැල් වසා දමා තිබූ අතර, පාළුවට ගිය ප්‍රධාන මාර්ගයට ඉහළින් රතු සහ කහ පැහැති කොඩි එල්ලා තිබූ බවද වාර්තාවල දැක්වේ.
ත්‍රිකුණාමලය, සාම්පූර් ආලංකුලම් මහවිරු සුසාන භූමියේදීද විශාල පිරිසක් එක්ව පහන් දල්වා තිබේ. මීට වසර තුනකට පෙර පොලිසිය විසින් සැමරුම් සිදු කිරීම වළක්වා තිබූ මෙම ස්ථානයේදී මෙවර ජනතාව රැස්ව සිටි බව සඳහන් වේ.
මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ තරවෙයි, කල්ලඩි, තණ්ඩියඩි, කළුවංචිකුඩි සහ මාවඩිමුන්මාරි යන ප්‍රදේශවල විනාශ වූ එල්.ටී.ටී.ඊ. සුසාන භූමි සහ මාර්ග අසල ස්මාරක අබියසද සිකුරාදා සන්ධ්‍යාවේ සිට පහන් දල්වමින් මහවිරු දිනය සමරා ඇත.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේද සිකුරාදා දිනයේදී මහවිරු දින සැමරුම් පවත්වා ඇති අතර, අම්බාසමුද්රම්හි පැවති රැස්වීමකට දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වී තිබේ. දෙමළ පක්ෂ දෙකක නායකයන්ගේ ප්‍රධානත්වයෙන් තිරුනෙල්වේලි සහ ධර්මපුරි දිස්ත්‍රික්කවල මෙම මහජන රැස්වීම් පවත්වා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
Massive Commemorations for Mahavir Day Across the Northern Province and Tamil Nadu
On the evening of November 27, various districts in the Northern and Eastern Provinces observed Mahavir Day, with celebrations also reported in Tamil Nadu, India. These events brought together thousands of people across multiple venues, highlighting a somber yet significant remembrance.
In the Jaffna District, commemorations saw significant attendance, where the parents of the deceased lit oil lamps in remembrance of their loved ones. This display of respect and memory resonated deeply among the gathering crowds.
In the Kilinochchi District, thousands gathered at the Kanagapuram and Mulanthivu memorial sites, where candles were lit for their closest relatives and fallen members of the LTTE. The poignant tribute mirrored a shared sense of history and loss.
Interestingly, the commemorative activities held in Kilinochchi City took on a special significance, having been interrupted by police intervention just days earlier. This resurgence of public observance reflects a shift in the atmosphere towards greater openness in memorializing past events.
Similarly, in the Mullaitivu District, large crowds convened at the Vishvamadu and Theraavil sites, as they lit lamps in honor of those who had perished, reiterating the communal bond in their memorials.
Notably, all businesses in Pudugodai Irippu Town were closed, with vibrant red and yellow flags raised over the main roads, as a mark of respect and unity during the memorial period.
In Trincomalee, the Alankulam Memorial Site also witnessed a considerable turnout, as the crowd lit lamps in remembrance. This gathering was particularly meaningful, as police had previously barred similar commemorations three years ago, indicating a notable change this year.
Throughout the Madakalapuwa District, locations such as Tharawey, Kaladi, Thandiyadi, Kalvanchikudy, and Mavadimunmari saw their own celebrations on Friday evening, with lamps lit at the memorials and along key routes, honoring the memory of deceased members of the LTTE.
Meanwhile, events in Tamil Nadu also marked Mahavir Day on Friday, with thousands participating in a gathering at Ambasamudram. The gatherings were led by prominent figures from both Tamil political parties, showcasing a shared cultural and historical remembrance across borders.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ජවිපේ තිරිසන් අනුර කුමාර තිරිසනාගේ පුකරුධය ලන්කාවට උදාවෙලා..............🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸
ReplyDeletePunchage Pukarudaya Bappata horen ratata heli kala.
Delete68 ata lakseta dan sapai.
Ai namal hire arinna France walin balliyek genavalu.hila sududa balanna.
Mun niyama sakkili thirisannu