එළඹෙන වසර සඳහා ජනතාව මත නව බදු බරක් පැටවීම වෙනුවට, බදු දැල පුළුල් කර බදු නොගෙවා පැහැර හරින්නන් හඳුනාගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.
ඒ අනුව, මෙතෙක් බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයින්ගෙන් එම හිඟ මුදල් කඩිනමින් අය කරගැනීමටත්, නව බදු ගෙවන්නන් විශාල පිරිසක් බදු ක්‍රියාවලියට ඈඳා ගැනීමටත් ලබන වසරේදී දැඩි උත්සාහයක නිරත වන බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම වසර අවසන් වන විට මෙරට පැහැර හැර ඇති සමස්ත හිඟ බදු ප්‍රමාණය දළ වශයෙන් රුපියල් බිලියන 175 ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇති අතර, එම මුදල් කඩිනමින් අය කරගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරි කාලසීමාවේදී සියලු නීතිමය හා විමර්ශන පියවර ගැනීමට සූදානම් වේ.
මේ අතර, ආර්ථික ක්‍රියාකාරකම් මෙන්ම පුද්ගල වත්කම් පිළිබඳ තොරතුරු දැඩි ලෙස විමර්ශනය කරමින් බදු පැහැර හරින්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය. එමගින් රජයට ලැබිය යුතු නියමිත බදු ආදායම තහවුරු කරගැනීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, දැනට මිලියන 1.3 ක්ව පවතින මෙරට ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ පදනම, ලබන වසර අවසන් වන විට මිලියන 1.5 ක් දක්වා පුළුල් කිරීම ඉලක්කය බවයි.
මීට අමතරව, මෙම වසර සඳහා මෙතෙක් ආදායම් බදු වාර්තා ඉදිරිපත් කර නොමැති තැනැත්තන්ට එළඹෙන දෙසැම්බර් 02 වැනිදාට පෙර අදාළ ගෙවීම් සම්පූර්ණ කරන්නේ නම්, ඊට අදාළ දඩ මුදල් ගෙවීමෙන් නිදහස් විය හැකි සහන කාලයක් හිමිවන බවද කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
Government Plans to Expand Tax Net Instead of Increasing Tax Burden on Citizens
In a significant shift in tax policy, a senior government official has announced plans to broaden the tax base rather than impose new tax burdens on the public in the upcoming fiscal year. This initiative aims to implement a special program to identify individuals evading tax payments.
The official highlighted that urgent actions will be taken to recover outstanding taxes from those who have previously evaded payment, as well as to engage a substantial number of new taxpayers in the tax system throughout the year.
By the end of this fiscal year, it is estimated that the total amount of outstanding taxes in the country will reach approximately 175 billion rupees. The Department of Inland Revenue is prepared to undertake all necessary legal and investigative actions to expedite the collection of these funds.
Additionally, General Commissioner of Inland Revenue, Rukdevi Pranandhu, indicated that the department is actively working to track down tax evaders by scrutinizing economic activities and personal asset declarations. This effort aims to secure the expected tax revenue for the government.
She further noted that the current number of registered taxpayers, around 1.3 million, is targeted to expand to 1.5 million by the end of the upcoming year.
Moreover, the General Commissioner emphasized that individuals who have yet to submit their income tax returns for this year will have a grace period. If payments are completed by December 2, they can avoid the associated penalties.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නව බදුබරක් කියලා උඹලට දැන් බදු ගහන්න තියෙන්නේ රෙන්න බරට විතරයි
ReplyDelete