වත්මන් රජය බලයට පත්ව ගතවූ වසර දෙකක කාලය තුළ, අගාධයට ඇදවැටී මරණ මංචකයේ පැවති රට ක්‍රමානුකූලව එම අර්බුදයෙන් මුදවා ගැනීමට හැකිවී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පසුගිය කාලය පුරා මෙරට ජනතාවගේ දහඩිය මහන්සියෙන් උපයාගත් ධනය අමු අමුවේ මංකොල්ලකෑ සහ වංචා දූෂණවල නිරත වූ පාර්ශ්වයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බවයි.
රාජ්‍ය සම්පත් ගසාකෑම සහ දූෂණය අවම කිරීම තුළින් රාජ්‍ය ආදායම නිසි පරිදි කළමනාකරණය කරමින් රටේ බිඳවැටුණු ආර්ථිකය මේ වන විට ශක්තිමත් මාවතකට යොමු කරමින් පවතින බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Government Claims Progress in Economic Recovery After Two Years in Power
Two years into its administration, the current government has made significant strides in pulling the country back from the brink of an economic crisis, according to Susanth Kumara Navarathna, a Member of Parliament affiliated with the National People’s Power coalition.
Speaking to the media, he highlighted that the government has taken decisive action against those involved in corruption and fraudulent activities that have historically siphoned off wealth earned through the hard work of the citizens. He emphasized that the administration is committed to enforcing the law without favoritism.
Furthermore, he noted that by curtailing the exploitation of state resources and minimizing corruption, the government is effectively managing state revenues, leading the nation’s floundering economy towards a path of recovery.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මිනිස්සුන්ගෙ රීරි මාංශ සූරාගෙන භාණ්ඩාගාරය පුරවලා පම්පෝරි ගහනවා. ඒ සල්ලි ඵලදායි විදිහට වියදම් කරන්න දන්නෙ නැති නිසා සල්ලි පුස්කනවා. මිනිස්සුන්ට සල්ලි නැතුව බඩගින්නෙ ඉන්නවා. කොළඹ නගරය එක පැයේ වැස්සට යටවෙනවා. පොල්ලෙලි 159 පාර්ලිමේන්තුවට යැව්වා නම් තොපිට වඩා හොඳයි.
ReplyDeleteපැලවත්තේ අරමුදල වගේ තමයි එකෙත් තනි අත්තසන akd ගේ ලු නේ මුන් මේ කමෙන්ට් බල්ලන්නේ නැතුව ඇති
Deleteමේ කියන බොරුවලට මුන්ට හෙන ගහන්නේ කවදද? මහ පචයට දෙවෙනි නෑ ගොලොයෝ රොත්ත.
ReplyDelete